{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා : Welcome to SwarnaTV

Thursday, March 17, 2022

ගෑස් නැව් දෙකක් සඳහා කෝටි 12 ක් අමතර ගාස්තු ගෙවීමට සිදු වේ

ලිට්‍රෝ ගෑස් නැව් දෙකක් සඳහා කෝටි 12 ක් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී ඇත . මෙයට හේතුව වන්නේ ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමයි .


 

ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් රැගත් නෞකා 2ක් මෙරට මුහුදු සීමවට ලගාවී ඇතත් දින 12ක් පමණ නවතා ඇත .

එක් නැවක් සඳහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස අමෙරිකානු ඩොලර් 18000 ක් ගෙවීමට සිදු වේ .

ලිට්‍රෝ සමාගමේ කෙරවලපිටිය අංගනයේ තිබූ ගෑස් තොගද මේ වන විට අවසන් වී ඇත

Wednesday, March 16, 2022

IMF නියෝජිතයන් පිරිසක් ජනාධිපති හමුවේ


 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කන්ඩායමක්  ඊයේ දින ජනාධිපති කාර්යාලයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇත. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී ඇතුළු පිරිසක් මේ අතර වෙති. 

ජනපති ලේකම් ගාමිණී සෙනරත්, ජනපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්  යන මහත්ම මහත්මීහු ද මෙම  අවස්ථාවට එක්ව සිටින ලදී

රුසියාවෙන් ශී‍්‍ර ලංකාවට බොර තෙල් ලබාදීමට තීරණයක්

රුසියාවෙන් ශී‍්‍ර ලංකාවට බොර තෙල් ලබාදීමට තීරණයක් ගෙන ඇත

 

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් ඉහළ ගිය මිලට වඩා අඩුවෙන්  ශී‍්‍ර ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියානු රජය එකඟ වී ඇත

රුසියානු රජය මගින් අඩු මිලට තෙල් සැපයීම හේතුකොට මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකියාවක් ලැබෙනු ඇත

Sunday, March 13, 2022

පෞද්ගලික බස් ධාවනය අඩු කරයි


 

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු මිල වෙනසක් සිදු වන තුරු දිවයින පුරා බස් රථ වලින් 75% ක් පමණ ධාවනයෙන් ඉවත් වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජෙරත්න මහතා පවසයි 

මේ ගැටලුව සම්බන්ධයෙන් රජය  සමඟ සඳුදා දිනයේ සාකච්ඡා කරන බවද ඔහු ප්‍රකාශ කලේය