{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා : Welcome to SwarnaTV

Friday, March 11, 2022

ඖෂධ මිල අද රාත්‍රියේ සිට ඉහළ යන ලකුණු

 


ඖෂධ මිල අද රාත්‍රියේ සිට 29% කින් පමණ ඉහළ දැමීමට සිදු වන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි .

ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඖෂධ නියාමන අදිකාරියේ මිල පාලන මණ්ඩලය ලබා දීමට නියමිත බව ඇමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී පවසන ලදී .

පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ යන ලකුණු

 


අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවට සමස්ථ ලංකා බේකරි හිමියෝ පවසති

මේ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 100 ක් දක්වා ඉහළ යනු ඇත

ඩොලර් 1 ක් රුපියල් 260 දක්වා ඉහළ නගී

 


මෙරට වානිජ බැංකු ඊයෙ දින සිට ඇමරිකානු ඩොලර් 1 ක් රුපියල් 260 ක් ලෙස සටහන් කිරීමෙන් පසුව ඉතිහාසයේ ඉහලම හුවමාරු අගය වාර්තා විය 

මහ බැංකුව මගින් ඉදිරිපත් කල විනමය අනුපාත අනුව ඇමරිකානු ඩොලර් 1 ක විකුනුම් මිල 259.99 ක් සටහන් කලේය 

මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වේගයෙන් පිරිහීමට පටන් ගෙන ඇත

කොරෝනා තොරතුරු නවතම තත්ත්වය /Covid 19 Update

 


Today Death :11_

Total Death  : 16374_

Total Covid 19 Patients : 618616_

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දින මරණ 11 ක් වාර්තා කරන ලදී . එම මරණ 11 ත් සමඟ මෙරට මුලු මරණ සංඛ්‍යාව 16374 ක් දක්වා ඉහළ යන ලදී .පූර්ණ සුවය ලබා  113ක් රෝහල්වලින් පිටව ගිය අතර මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 618,616 ක් දක්වා වැඩි විය.