ඉතා සුවදවත් මල් පිපෙන ශාකයක් වන මෙහි මල්,කොල ආදි දෑ ආයුර්වේදයේ දී ඖෂධ ලෙස භාවිතා කරනවා.සමන් පිච්ච වර්ග කිහිපයක්ම දක්නට ලැබෙනවා.ගැට පිච්ච වර්ග ද සමන් පිච්ච කුලයේම වර්ගයක් වෙනවා.
මේ අනුව සමන් පිච්ච වලින් කරන්න පුළුවන් දේවල් ලෙස,
- ඇස් අමාරුවට
මෙහිදි සමන් පිච්ච මල් වතුර ජලය පිරි බදුනකට රාත්රි කාලයේ දමා තබා උදේ ඇස් සේදිමට ගැනිමයි.මෙමගින් ඇස් වලට සිසිලක් මෙන්ම දෙනෙත් රතු විමට ද බොහෝ හොදයි.ඇස් රුදාව ඉක්මනින් සුව වෙයි.
- දහඩිය දුගද සදහා
සමන් පිච්ච මල් දමා පැය කිහිපයක් තබා එම ජලයෙන් සොදන්න
- තුවාල සදහා
සමන් පිච්ච මල් හා කොල ගෙන තම්බා එම වතුරෙන් තුවාල සේදිම මගින් ඒවායේ කැසිම වලකියි.මෙම සමන් පිච්ච වලින් විෂබිජ විනාශ කිරිමට පුළුවන් වෙනවා.
- සමේ රෝග සදහා
සමන් පිච්ච මුල් ගෙන ඒවා සෝදා හොදින් අඹරා සමේ ආලේප කරන්න.එවිට දිනපතා ආලේප කිරිම මගින් සම පැහැපත් වෙයි.කුෂ්ඨ,සම අවපැහැ ගැන්විම සදහා ද සුදුසුයි.සම කැසිම,සමේ දැවිල්ල සදහා ද සමන් පිච්ච මල් සහ සමන් පිච්ච කොල වල දලු ගෙන හොදින් අඹරා අලේප කිරිම හොදයි.
- සුව නින්දක් ලබා ගැනිම සදහා
සමන් පිච්ච මල් වේලා කොට්ටයක් සකස් කර ගෙන එම කොට්ටය මත නිදා ගැනිමෙන් සුවදායි නින්දක් ලබා ගත හැකියි.
- මුව සේදිම සදහා
මුඛයේ තුවාල,දත් මුල් දිය විම ආදි රෝග සදහා සමන් පිච්ච කොල තම්බා ගත් වතුරෙන් මුව සේදිම මගින් සුවයක් ලැබෙයි.
- මුත්රා දැවිල්ල සහ ඇගපත දැවිල්ල සදහා සුවදායක වෙයි.
- සමන් පිච්ච මල් කුඩු කර තේ වලට දමා බිමට භාවිතයට ගනියි.