කොස් ගැන කතා කරනකොට කොස් මාමා ගැන කතා කල යුතුමයි .මොහු නමින් ආතර් වී දියෙස් ලෙස හදුන්වයි.අතිතයේ සිට අපේ මුතුන් මිත්තන්ගේ පටන් එකල කොස් ඔවුන්ගේ ජීවිතය සමග බැදි පැවතුනිය.එදා අතිතයේ සෑම ගෙදරකම වත්තේ කොස් ගස් කිහිපයක්ම තිබුණි.එකල ඔවුන් කොස් ප්‍රධාන ආහාර වේලක් ලෙස ආහාරයට එකතු කර ගත්තා.තවද මෙහි වැල,වරකා ලෙස අතුරුපසක් ලෙස ආහාරයට ගත හැකියි.තවද මෙම කොස් අව්වේ වේලා තෙලේ බැද ආහාරයට එක්කර ගත හැකිය.තවද එකල ආදි මිනිසා කොස් වැඩි වශයෙන් ඇති කාල වලදී කොස් ඇට වැලි යට තබා ටික කාලයක් තබා ගැනිමෙන් පසුවකොස් නැති කාල වල දී ඒවා තම්බා ආහාරයට ගනියි.
මෙම කොස් තුල කාබෝහයිඩ්රේට්,ප්‍රෝටීන් ,විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වෙනවා.ඒ අනුව කොස් තුල ඖෂධිය ගුණය ඉතා ඉහළයි.මෙවැනි වස විසෙන් තොර,රසායනික කිසිවක් අඩංගු නැති කොස් දිනපතා වුවද අහාරයට එක් කර ගත හැකියි.මෙම කොස් වලින් රුපලාවන්‍ය සත්කාර කටයුතු වලදී ද වැදගත් වෙනවා.
කොස් වල අඩංගු පෝෂ පදාර්ථ නිසා ශරිරය නිරෝගිව වැඩිමට හේතු වෙනවා මෙන්ම පුෂ්ඨිමත් සිරුරක් ලබා ගැනිමට ද හැකි වෙනවා.මෙහි ප්රතිලාභ
- කොස් තන්තුමය ආහාරයක් වන අතර ශරිරයේ විෂ නැති කර මලබද්දය වලක්වයි.
- රුධිර සංසරණය වේගවත් කර සම පැහැපත් කරයි.
- පැහැපත් මුහුනක් ලබා ගැනිම සදහා
- සම රුළි වැටිම නැති කරයි
- මුහුනේ සම එල්ලා වැටිම
- කෙස් වැවිම වේගවත් කරයි