{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Sunday, January 13, 2019

ඔෟෂධිය ගුණයෙන් යුතු කොහිල ඔබත් ආහාරයට ගෙන තිබේද ? අර්ශස් සහ දියවැඩියා රෝගින් සදහා විශේෂයි




කොහිල ව්‍යංජනයක් පමණක් නොව අර්ශස් රෝගය සදහා හොද ඖෂදයක් ලෙස කොහිල ප්‍රසිද්දයි.මෙහි පවතින කෙදි සහිත ස්වාභාවය නිසා මළ බද්ධය ඇති වීම වලක්වයි.කොහිල යන එළවලුව ගත් විට කොහිල වර්ග කිහිපයක් තිබෙනවා.එනම් කිරි කොහිල,ගුරු කොහිල,වැල් කොහිල,කළු කොහිල,ගොඩ කොහිල යනුවෙන් වර්ග කිහිපයකින් යුක්ත වෙනවා.

වැල් කොහිල වල කහට රසයකින් යුක්ත වන අතර මෙය ගස් දිගේ වැල් ආකාරයට වැවෙයි.කොළ හා අල විශාල වශයෙන් ඇත්තේ කළු කොහිල වල වන අතර මෙය ඉතා රසවත් මෙන්ම ගුණදායක වේ.මෙය වගා කිරිම ද ඉතා පහසුයි.මෙයට රසායනික පොහොර වර්ග ද නොදමයි.තවද මෙම කොහිල වර්ග ළිං ළග, වළවල් වැනි වතුර බැස යන ස්ථාන වල බොහෝ විට සෑදි තිබෙනවා.මෙම කොහිල වගාව සදහා තෙතමනය සහිත ස්ථානයක් අත්‍යවශ්‍ය වෙනවා.මෙම කොහිල අල සහ දළු රසවත්  ව්‍යංජනයක් ලෙස සකසා ගත හැකියි.කොහිල අල වලින් කොහිල කැද ලෙස සාදා පානය කල හැකියි.එයද වඩාත් ගුණදායකයි.

මෙහි ගුණය 

  • අර්ශස් රෝග වලට ගුණදායක වෙනවා.
  • අමාශගත තුවාල සහ අන්ත්‍රගත පණුවන්  සදහා ද ගුණදායකයි.
  • අක්මාව රෝග වලට ද ගුණදායකයි.
  • කොහිල මගින් ආහාර වල අඩංගු තෙල් අවශෝෂණය කර ගන්නා ප්‍රමාණය  අඩු විම නිසා කොලෙස්ටරෝල් ඇති විම වලක්වයි.
  • කොහිල තුල ප්‍රතිඔක්සිකාරක ගුණය පවතියි.
  • දියවැඩියා රෝගින් සදහා ද ගුණදායකයි.

ඔස්ටියෝ ආතරයිටීස් රෝගයෙන් ඔබත් පීඩා විදිනවාද ? මෙහි රෝග ලක්ෂණ




වයස් ගත වීමත් සමග බොහෝ දෙනෙකුට වැළදෙන රෝග අතර ශාරිරික වශයෙන් අපහසුතාවයන් ඇති කරන ඔස්ටියෝ ආතරයිටීස් රෝගය පිරිමින්ට සාපේක්ෂව ගැහැණු අයට වැඩි වශයෙන් වැළදෙයි.මෙය  සන්ධි අශ්‍රිත රෝගයකි.මෙම රෝගයේ දී සිදු වනුයේ සන්ධි අතර කාටිලේජ ප්‍රමාණය අඩු විමයි.මෙහිදි ඇවිදිමේ දී අස්ථි ගැටෙන අතර වේදනා ගෙන දෙයි.

මේ අනුව සන්දි අතර වේදනාව මෙන්ම කාටිලේජ වලට හානි වීම වයස යාමත් සමග සිදු වීම සාමාන්‍ය දෙයකි.මේ අනුව මැණික් කටුව,උකුල් ඇටය,වළලුකර ආශ්‍රිතව වේදනාවන් ඇති විම වයසත් සමග සිදු වෙයි.මෙහිදි බෝහෝ අයගේ දනහිස් අශ්‍රිතව බොහෝ වේදනවාවන් ගෙන දෙනවා.මෙසේ දිර්ඝකාලිනව වේදනාවන් ගෙන දීම නිසා අස්ථී දුර්වල වි අස්ථි බිදිම් සිදු වෙයි.මෙසේ වේදනාවන් ගෙන දෙන්නේ කාටිලේජ ලිහිල් විම සහ කාටිලේජ ප්‍රමාණය අඩු විම නිසාය.මේ හේතුවෙන් බෝහෝ අයට ඇවිදින විට දී පවා බොහෝ වේදනා ගෙන දෙනවා.බොහෝ අයට උදේ කාලයේ වැඩ වල යෙදිම නිසා ඉතා වේදනා ගෙන දෙන අතර රාත්‍රි කාලය වන විට විවේකිව සිටින නිසා වේදනාව මදක් අඩු විමට හේතු වෙයි.මෙසේ දිර්ඝකාලිනව දනහිස් කකුල් අශ්‍රිතව වේදනාවන් ඇති විම නිසා මේවාට ප්‍රතිකාර නොකිරිමේන කල් යන විට ඇවිදිමට නොහැකි විම ආදි තත්ත්වයට පත් වෙයි.බටහිර වෛද්‍ය විද්‍යාව තුල මේ සදහා වේදනා නාශක දෙන නමුත් දනහිස්  සන්ධියක් දැමිම සිදු කරන අතර ආයුර්වේදය තුල නම් තෙල් ගැල්විම ,පත්තු දැමිම වැනි දේවල් මගින් මෙම රෝග සුව කිරිම සිදු කරයි.

මෙම රෝග ඇති විම වළක්වා ගැනිමට කල යුතු දෑ

  • ව්‍යායාම වල නිරත විම මගින් මෙම රෝගය ඇති විම වලක්වා ගත හැකියි.
  • ශරිරයේ බර පාලනය කර ගැනිම.
  • කැල්සියම් බහුල මාළු ,හාල්මැස්සන්,කොළ පාට එළවලු වැනි දැ ආහාරයට ගැනිම කල යුතු අතර කන්කුන්,මුකුණුවැන්න,ගොටුකොළ, තෙබු,කිරි අගුණ වැනි පළා වර්ග ආහාරට එක්කර ගත යුතුයි.
  • හාතාවාරිය,මුං ඇට,කවුපි,කඩල,වැට‍කොලු,පතෝල වැනි දෑ  ආහාරයට ගැනිම.
  • උණුසුම් වතුර නෑම
  • තෙල් සාත්තු කිරිම මේහිදි පාවට්ටා,නික කොල,සුදුලුණු,ආඩතෝඩා ආදි කොළ වලින් තැවිම සුදුසුයි.
  • අධික ලුනු ,තෙල් ,මිරිස්  වැඩිපුර ආහාරයට නොගැනිම කල යුතුයි.
  • වාතය වඩන ආහාර ගැනිමේන් වැලකි සිටිය යුතුයි.
 

ඔබ නිතර තැඹිලි බොනවාද ? තැඹිලි සතු විශ්මිත ගුණ




අනාදිමත් කාලයක සිට අපේ රටේ දේශිය වෙදකම සදහා තැඹිලි වතුර භාවිතා කර තිබෙනවා.තැඹිලි වල අඩංගු වන මෙම ගුණය නිසා දිනපතා වුවද තැඹිලි පානය කිරිමේන් ශරිරයට හොද පෝෂණයක් ලබා ගත හැකියි.
ඉතා රසවත් පානයක් වන මෙය බාල මහලු ඕනැම කෙනෙකුට ඉතා ගුණදායකයි.
මෙහි අඩංගු වන පොටෑසියම්,සෝඩියම්,මැග්නිසියම්,කැල්සියම්,විටමින් බී සහ සී අඩංගු වන බැවින් තැඹිලි වතුර ඉතා රසවත් පානයක් වන අතරම එහි මදයද ඉතා ගුණදායකයි.

මෙහි ඇති ගුණ
  • දියවැඩියාව පාලනය කිරිමට ඉතා ගුණදායකයි.
  • ශරිරය නිවන ඖෂදයක් වෙනවා.
  • තැඹිලි වල අඩංගු  වන ඛනිජ ලවන නිසා හෘදයාභාද සහ අධිරුධිර පීඩනය ඇතිවිම වලක්වයි. 
  • ශරිරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නත් අහිතකර කොලෙස්ටරෝල් විනාශ කරන්නත් තැඹිලි වල සතු විශේෂ හැකියාවකි.
  • මහලු අයට සහ ඉතා ගුණදායි වන පානයක් වන අතරම ආහාර දිරවිමේ අපහසුතා මෙම තැඹිලි පානය කිරිමේන් සුව වෙයි.
  • ගැබිනි මවුවරුන්ට ද තැඹීලි වතුර ගුණදායක වෙයි.
  • පිළිකා ඇති විමට හේතු වන සෛල විනාශ කරයි.
  • තැඹිලි පානය කිරිම මගින් අපේ ශරිරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිවෙයි.
  • තැඹිලිවල අඩංගු සින්ක් සහ සෙලනියම් වැනි ඛනිජ ලවන නිසා මදසරු බවට ද  ඉතා ගුණදායකයි.



පිලිකා සෑදිම වලක්වන එළවළු හා පළතුරු වර්ග



පිලිකාව යනු වයස් භේදයකින් තොරව ඕනැම කෙනෙකුට වැලදෙන රෝගයකි.ඒ නිසා පිළිකා නසන ආහාර ඔබට බොහෝ වැදගත් වේවි.වර්තමානය වන විට කාර්යය බහුල ජිවිතයක් ගත කරන නිසා බෝහෝ අය හුරුවී සිටින්නේ ක්ෂණීක ආහාර වලටය .ඒවා නිසා බෝහෝ විට පිලිකා සෑදිමට ඇති අවදානම වැඩිය.මේ නිසා පිලිකා නැති කරන ආහාර රටාවකට අපි හුරු විය යුතුයි.

කරවිල
පියයුරු පිලිකා ,බඩවැල් ආශ්‍රිත ඇති වන පිලිකා වලට කරවිල හොද ආහාරයක් වෙනවා.කරවිල පෝෂ ගුණයෙන් ඉහල ආහාරයක් වෙනවා.කොලෙස්ටරෝල්,දියවැඩියා රෝගින්,අර්ශස් රෝගින්ට ද කරවිල ඉතා ගුණයි.

මඤ්ඤොක්කා 
ශරිරයේ හට ගන්නා පිලිකා සෛල විනාශ කිරිමේ හැකියාවක් ඇති අතර නිරෝගි සෛල ආරක්ෂා කිරිමේ හැකියාවක් මෙම අහාරය තුල අඩංගු වෙනවා.

කැරට් 
කැරට් වලල අඩංගු වන බීටා කැරෝටීන් සංයෝගය නිසා අමාශ පිලිකා, උගුර ආශ්‍රිත පිලිකා, පෙනහලු පිලිකා මර්දනය කිරිමේ හැකියාව ති‍ෙයෙනවා.සිරුරේ ප්‍රතිශක්තිකරන පද්දතිය ශක්තිමත් කිරිමට මෙම කැරට් මගින් හැකියාව ලැබෙනවා.

අනෝදා
පිලිකා සෛල විනාශ කිරිමේ හැකියාවක් මෙම අනොදා සතුව පවතිනවා.පෙනහලු පිලිකා,බඩවැල් ආශ්‍රිත පිලිකා ,අග්න්‍යාසයේ පිලිකා,පියයුරු පිලිකා ආදිය ඇති විම වලක්වනවා.

අලිගැටපේර
මෙම පළතුරහි ප්‍රතිඔක්සිකාරක ගුණය පවතියි. අක්මාව ආශ්‍රිත පිලිකා ඇති විම වලක්වන අතර අක්මා රෝගින්ට ඉතා ගුණ දායි පළතුරක් ලෙස දැක්විය හැකියි.

Saturday, January 12, 2019

අප පෙති හෝ සිරප් වශයෙන් ලබා ගන්නා විටමින් අපට අවශ්‍යම ද?




අප බෝහෝ අවස්ථා වල විටමින් වර්ග ශරිරයට අවශ්‍ය වු විට  බෙහෙත් පෙති මගින් හෝ සිරප් මගින් විටමින් වර්ග ලබා ගනියි.මේවා බහුලව වෙළද පලේ දක්නට ලැබේ.ඇතැම් අය වෛද්‍ය අනුමැතිය ඇතිව  විටමින් ලබා ගත්තත් සමහර අය වෛද්‍ය අනුමැතිය නොමැතිව තම කැමැත්තට විටමින් වර්ග ලබා ගනියි. විටමින් වර්ග අතරින් සමහර ඒවා අපේ ශරිරයට අත්‍යවශ්‍ය විටමින් වෙයි.ඒවා නම් A, B,C,D,E,Ca 2+, Fe 2+ , Zn, Na +, K+ යන ඛනිජ ලවන  ද ශරිරයට අත්‍යවශ්‍යය.මේවා අතරින් සමහර ඒවා ආහාර වලින් අපේ ශරිරයට එක්කර ගත යුතු වෙනවා.විටමින් B12 වැනි විටමින් ද ආහාර මගින් ලබා ගත හැකිය.අප ආහාර ගත් පසුව ආහාර වල අඩංගු විටමින් වර්ග අපේ ශරිරයට උරා ගනියි.අතැම් විටමින් ශරිරයේ ගබඩා කර තබා ගනියි.

අප දිනපතා සමබර ආහාර වේලක් ලබා ගත්තොත් අපට පෙති වශයෙන් විටමින් වර්ග පිටතින් ලබා ගැනිමට අවශ්‍ය නැත.ඌනතාවයක් ඇති  වුවහොත් පමණක් වෛද්‍ය උපදෙස් මත පමණක් විටමින් වර්ග ලබා ගත හැකියි.

නමුත් මෙම විටමින් වර්ග  අවශ්‍ය ප්‍රමාණයට වඩා  ශරිරයට ලබා ගතහොත් ඒවා ශරිරයට විස වීමට ඉඩ ඇත.එමගින් විවිධ රෝග ද ඇති විමට හැකියි.එම නිසා වෛද්‍ය  අනුමැතියකින් තොරව විටමින් වර්ග ලබා ගැනිම අනතුරු දායකයි.මෙම විටමින් වර්ග පිටින් ලබා ගන්නවාට වඩා එදිනෙදා අප ආහාරයට එක්කර ගන්නා එළවලු ,පළතුරු වැනි වෙනත් ආහාර මගින් අපට විටමින් වර්ග ශරිරයට ලබා ගත හැකි නම් වඩාත් හිතකර වෙයි.

Friday, January 11, 2019

පරම්පරාව ගැන ඔබ නොදත් දේ



දස නෑදැයෝ 
  1. මහප්පා
  2. බාප්පා
  3. මහම්මා
  4. පුංචි අම්මා
  5. මාමා
  6. නැන්දා
  7. අම්මා
  8. තාත්තා
  9. සහෝදරයෝ
  10. සහෝදරියෝ

සතර වරිගය
  1. මවගේ මෑණියන්ගේ පරපුර
  2. මවගේ පියාගේ පරපුර
  3. පියාගේ මැණියන්ගේ පරපුර
  4. පියාගේ පියාණන්ගේ පරපුර

හත්මුතු පරම්පරාව
  1. අත්තා - පියාගේ පියා
  2. මුත්තා - අත්තාගේ පියා
  3. නත්තා - මුත්තාගේ පියා
  4. පනත්තා - නත්තාගේ පියා
  5. කිත්තා - පනත්තාගේ පියා
  6. කිරි කිත්තා - කිත්තාගේ පියා
  7. මී මුත්තා - කිරිකිත්තාගේ පියා

ක්‍රීම් ගාලා සුුදු වෙන්නේ නැතිව නිවසේ සිට කල හැකි ස්වාභාවික සත්කාර




ඕනෑම තරුණියක් කැමති ඉක්මනින්ම සුදු සමක් ලබා ගන්න.ඉතින් ඒ නිසා වෙළදපලේ තිබෙන කෘතිම ක්‍රීම් ගාලා ඉක්මනින් සුදු වෙන්නයි බලන්නේ.ඒත් එැනි ක්‍රිම් වලින් තාවකාලික සුදු වීමක් පමණයි සිදු ‍වෙන්නේ.අද අපි කියල දෙන්න යන්නේ නිවසේ ඉදන්ම කල හැකි ස්වාභාවික සත්කාර කිහිපයක් ගැනයි. 



කහ සහ කඩල  පිටි ආලේපය
මෙහිදි කල යුත්තේ  කහ සහ කඩල පිටි මේස හැදි 1 බැගින් ගෙන එයට රෝස වතුර මේස හැදි 1 ක් එකතු කර තලපයක් ආකාරයට සාදා  මුහුනේ ආලේප කිරිමයි.

මී පැණි සහ දෙහි ආලේපය
මී පැණි සහ දෙහි යුෂ මේස හැදි 1බැගින් දෙවර්ගයෙන්ම ගෙන මිශ්‍ර කර මුහුනේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.දෙහි මගින් මුහුනේ මැරුණු සම ඉවත් වීම සිදු වෙයි.මී පැණි මගින් මුහුණ පැහැපත් කරයි.සතියකට තුන් වරක් සිදු කිරිම ප්‍රමාණවත් වෙයි.එමගින් මුහුණ පැහැපත් වෙයි.

කෝමාරිකා සහ දෙහි සහ කහ ආලේපනය
කෝමාරිකා මේස හැදි 1 ක් සහ කහ මේස හැදි 1 ක් සහ දෙහි මේස හැදි 1 ක් ගෙන හොදින් මිශ්‍ර කර දෑස් වටා ප්‍රදේශය හැර ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.දෙහි මගින් කුරුළැ ඇති විම වලක්වන අතර කෝමාරිකා මගින් සම වියළිය නැති කර සමේ තෙතමනය ආරක්ෂා කරයි.මුහුනේ ඇති කලු ලප ඉවත් කිරිමට මෙමගින් හැකි වෙනවා.

කොමාරිකා සහ බිත්තර සුදුමදය සහ මීපැණි
මෙහිදි කොමාරිකා සහ බිත්තර සුදුමදය සහ මී පැණී මේස හැදි 1 ක් පමණ ගෙන මිශ්‍ර කර  තලපයක් සේ සාදා 
මෙයට විටමින් E කරලක් ද එක් කර මුහුනේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.මෙය මුහුණ පැහැපත් කිිරිමට හේතු වෙනවා.

සුදු හදුන් ආලේපය
සුදු හදුන් තේ හැදි 1 ක් සහ මී පැණි මේසහැදි 1 ක් පමණ ගෙන හොදින් මිශ්‍ර කර මුහුණ මත ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.සුදු හදුන් වල ප්‍රති බැක්ටිරියා ගුණය ද මී පැණි මගින් සම මෘදු කරයි .සතියකට දින 3ක් පමණ කිරිමේන් හොද ප්‍රතිඵල ලබා ගත හැකියි.

කස්තුරි කහ සහ රෝස වතුර ආලේපය
මෙහිදි කස්තුරි කහ කුඩු මේස හැදි 1 ක්  සහ රෝස වතුර මේස හැදි 1 ක් ගෙන හොදින් මිශ්‍ර කර මුහුනේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.

ඔබේ සිරුරේ හැඩය මේ ආකාරය ද? සිරුරේ හැඩයට ගැළපෙන සාරි නිවරදිව තෝරා ගන්නා ආකාරය



කාන්තාවන් වන ඕනෑම කෙනෙකුට සාරිය කියන්නේ ඕනෑම අවස්ථාවක නැතුවම බැරි ඇදුමක් වෙනවා.කාර්යාල කටයුතු වලදී, සාමාන්‍ය උත්සව වලදී ,මංගල අවස්ථාවකට වැනි එදිනෙදා ඕනෑම විශේෂ ගමනකට සාරිය අපිට නැතුවම බැරි දෙයක් වෙනවා.ඉතින් මෙම ඔබ මෙතෙක් තෝරා ගත්  සාරි  ඔයාලට හරියටම ගැළපෙනවා ද කියල තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ,
සාරියක් තෝරා ගැනිමේදි සිරැරේ හැඩය සහ ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුයි.මේවැනි අංග පිළිබදව සැලකිලිමත්ව සාරියක් තෝරා ගැනිමට අපි සැලකිලිමත් විය යුතුයි.

  • ඇපල් හැඩති සිරුරක් සදහා
කෙනෙකුගේ උකුලට වඩා පපුව විශාල නම්  එවැනි සිරුරක් මේ ආකාරයෙන් හදුන්වයි.මෙවැනි අයට සිල්ක් සාරි තමයි හරියටම ගැළපෙන්නේ.ලොකු මෝස්තර සහිත සිල්ක් සාරි ගැළපෙනවා.සිල්ක් සාරි තෝරා ගන්නේ පිම්බෙන ගතිය අඩු කර ගන්න.මෙවැනි අයට නෙට් සාරි සහ ලේස් සාරි ගැළපෙන්නේ නෑ.

  • පෙයාර්ස්  ගෙඩියක් හැඩයක් සහිත සාරි
 මෙවැනි අයගේ උරහිස් වලට වඩා උකුල පළල් ස්වාභාවයක් ගනියි.මෙවැනි අයට වඩා වැදගත් වෙන්නේ ජෝජට් රෙදි වලින් සාරි ගැළපෙනවා.ළා පැහැති සාරි මොවුන්ට වඩාත් ගැළපෙනවා.පොඩි මෝස්තර සාරි මොවුන්ට වඩාත් ගැළපෙනවා.

  • වාලුකා යන්ත්‍රයක් හැඩති සිරුරක්
උරහිසත් උකුලත් එකම එකම අගයක් ගන්නා අතර උරහිසත් උකුලටත් වඩා ඉනේ ප්‍රමාණය අඩුයි නම් මෙවැනි සිරුරක් හිමි නම් ඉතා ලස්සනයි. මෙැනි සිරුරක් හොද හැඩයක් තියෙන සිරුරක් ලෙස සලකන්න පුළුවන්.මෙවැනි අයට ඕනෑම සාරියක් ගැළපෙනවා.ජෝජට්,ලේස්,නෙට් ආදි ඕනෑම සාරියක් ඔයාගේ සිරැරට ගැළපෙනවා.චාම් සහ විවිධ වැඩ දැමු සාරි  ආදි ඕනැම සාරියක් ඔබගේ සිරුරට ගැළපෙනවා.

සිරුරේ ප්‍රමාණය අනුව ද සාරි තෝරාගැනිමේ දී වැදගත් වෙනවා.උස,මිටි,මහත ,කෙට්ටු ආදි ශරිර ප්‍රමාණය අනුවද සාරි තෝරා ගැනිමේ දි සැලකිලිමත් විය යුතුයි.

කෙට්ටු යුවතියකට නම් වැඩි බරක් තිබෙන රෙද්දෙන් කල සාරි වඩාත් ගැළපෙනවා.හොදින් වැඩ දැමු සාරිත්,එම්බ්‍රොයිඩර් සාරිත් වඩාත්  ගැපෙනවා. සිල්ක් වැනි ජෝඩට් සාරි මොවුන්ට ගැළපෙන්නේ නැහැ.

මහත යුවතියකට වඩා ගැළපෙන්නේ සිල්ක් ක්‍රේප් වැනි බර අඩු සාරි වඩාත් ගැළපෙනවා.මෙවැනි අයට තද පැහැති පොඩි බෝඩර් තිබෙන සාරි වඩාත් ගැළපෙනවා.කොට්න් සාරි නම් මොවුන්ට ගැළපෙන්නේ නැහැ.

උස යුවතියකට නම් තද පැහැති සාරි වඩාත් ගැළපෙනවා.ලොකු බෝඩර්ස් තියෙන සාරි එවැනි අයට ගැළපෙනවා.පියෝ සිල්ක්,රෝ සිල්ක් සාරි,කොට්න් සාරි ආදි දෑ වඩාත් ගැළපෙනවා.

මිටි යුවතියන්ට නම් ළා පැහැති පොඩි බෝර්ඩර් සහිත සාරි තමයි ගැළපෙන්නේ.ජෝර්ජට්,ශිමර්,සිල්ක් වැනි සාරි ගොඩක් හොදින් ගැළපෙනවා.දිගු අත් සහිත වැඩියෙන් වැඩ දැමු සාරි ජැකට් වලින් මොවුන්ට උස් බවක් ලබා දෙනවා.
 



Thursday, January 10, 2019

තොල් අදුරු පැහැ විමට හේතු සහ ලස්සන තොල් සගලක් ලබා ගන්න කල හැකි සත්කාර




ඕනෑම කාන්තාවක් ලස්සන තොල් සගලක් ලබා ගැනිමට කැමතියි.සමහර අයගේ තොල් අදුරු පැහැයෙන් යුතු වන අතර වියළි ස්වාභාවයක් ද ගන්නවා.මෙවැනි තත්ත්වයන් කාන්තාවකගේ  මුහුණේ සුන්දරත්වය නැති කරන්නක් වෙනවා.මෙවැනි තත්ත්ව වලින් අවපැහැ ගැන්වුණු තොල් වලට කල යුතු සත්කාර ගැනයි අද අපි ඔයාලට කියල දෙන්න යන්නේ

තොල් අදුරු පැහැ විමට හේතු ලෙස,
ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරිම,දිගු කාලිනව තොල් ආලේපන භාවිතා කිරිම,තද අව්වට නිරාවරණය විමෙන් තොල් පිලිස්සිම,හෝමෝන අසමතුලිතතා වැනි දෑ හේතු වෙයි.

මෙවැනි හේතුන් නිසා තොල් අදුරු පැහැ විමෙන්  ඇති වන අපහසුතාවයන්ගෙන් මිදිම සදහා ගෙදරදීම සිදු කල හැකි සත්කාර කිහිපයක් අද අපි කියන්න යන්නේ

  • මී පැණී
මී පැණි ඖෂදිය ගුණයෙන් සපිරි දෙයක් වන අතර තොල් වල ආලේප කිරිමෙන් තොල් වලට එළියක් ගෙන දෙනවා මෙන්ම සුමුදු  බවක් ලබා දෙයි.මෙම සත්කාරය රාත්‍රි කාලයේ කල යුතුයි.

  • ඔලිව් තෙල්
රාත්‍රි කාලයේ තොල් මත ආලේප කිරිමෙන් තොල් වලට එළියක් ගෙන දෙනවා.

  • ලෙමන් යුෂ
ලෙමන් යුෂ තොල් වල ආලේප කල සියුම්ව සම්භාහනය කරන්න.ලෙමන් යුෂ මගින් තොල් වල මැරුණූ සම ඉවත් කිරිම සිදු කරයි.තවද එමගින් තොල් වල අදුරු ස්වභාවය නැති කර දමයි.

  • බටර් සහ සීනි
බටර් සහ සීනි ගෙන මිශ්‍රණය සාදා දෙතොල් වල මෙම මිශ්‍රණය ආලේප කර සම්බාහනය කරන්න.සතියට දින දෙකක් පමණ කරන්න.එවිට තොල් වල වියලි ස්වභාවය නැති වී යයි.

Publishing Date :2019.1.10
Proudly Presented by හසරැල්.කොම්

ඔබ ආහාරයට ගන්නා කොස් මගින් ඔබේ රුවට කල හැකි සත්කාර ඔබ දැන සිටියා ද?





කොස් ගැන කතා කරනකොට කොස් මාමා ගැන කතා කල යුතුමයි .මොහු නමින් ආතර් වී දියෙස් ලෙස හදුන්වයි.අතිතයේ සිට අපේ මුතුන් මිත්තන්ගේ පටන් එකල කොස් ඔවුන්ගේ ජීවිතය සමග බැදි පැවතුනිය.එදා අතිතයේ සෑම ගෙදරකම වත්තේ කොස් ගස් කිහිපයක්ම තිබුණි.එකල ඔවුන් කොස් ප්‍රධාන ආහාර වේලක් ලෙස ආහාරයට එකතු කර ගත්තා.තවද මෙහි වැල,වරකා ලෙස අතුරුපසක් ලෙස ආහාරයට  ගත හැකියි.තවද මෙම කොස් අව්වේ වේලා තෙලේ බැද ආහාරයට එක්කර ගත හැකිය.තවද එකල ආදි මිනිසා කොස් වැඩි වශයෙන් ඇති කාල වලදී කොස් ඇට වැලි යට තබා ටික කාලයක් තබා ගැනිමෙන් පසුවකොස් නැති කාල වල දී ඒවා තම්බා ආහාරයට ගනියි.
මෙම කොස් තුල කාබෝහයිඩ්රේට්,ප්‍රෝටීන් ,විටමින් සහ ඛනිජ ලවණ  අඩංගු වෙනවා.ඒ අනුව කොස් තුල ඖෂධිය ගුණය ඉතා ඉහළයි.මෙවැනි වස විසෙන් තොර,රසායනික කිසිවක් අඩංගු නැති කොස් දිනපතා වුවද අහාරයට එක් කර ගත හැකියි.මෙම කොස් වලින් රුපලාවන්‍ය සත්කාර කටයුතු වලදී ද වැදගත් වෙනවා.



කොස් වල අඩංගු පෝෂ පදාර්ථ නිසා ශරිරය නිරෝගිව වැඩිමට හේතු වෙනවා මෙන්ම පුෂ්ඨිමත් සිරුරක් ලබා ගැනිමට ද හැකි වෙනවා.මෙහි ප්‍රතිලාභ
  •  කොස් තන්තුමය ආහාරයක් වන අතර ශරිරයේ විෂ නැති කර මලබද්දය වලක්වයි.
  •  රුධිර සංසරණය වේගවත් කර සම පැහැපත් කරයි.
  • පැහැපත් මුහුනක් ලබා ගැනිම සදහා
දිනපතා කොස් ,පොලොස් වැනි දෑ ආහාරයට ගැනිම මගින් ශරිරය ලස්සන කරගත හැකියි.තවද මෙම කොස් මදුලු දෙහි ඇඹුලෙන් අඹරා මුහුනේ ආලේප කර ටික වේලාවක් තබා සොදා හරින්න.එයිට මුහුණ පැහැපත් වෙිවි.

  • සම රුළි වැටිම නැති කරයි
එනම් මෙහිදි කොස් ඇට ශිත කල කිරිවල බහා තබා හොදින් අඹරා සමෙහි රුලි වැටුණු ස්ථාන වල ආලේප කරන්න.

  • මුහුනේ සම එල්ලා වැටිම
වියලි  කොස් ඇට කිරි සහ මී පැණීවල තබා පෙගුණු පසු සිහින්ව අඹරා මුහුනේ ආලේප කර සෝදා හරින්න.

  • කෙස් වැවිම වේගවත් කරයි
කොස් ආහාරයට ගැනිමෙන් රුධිර සංසරණය ක්‍රමවත් වී කෙස් වැවිම වේගවත් කරයි.එමගින් කෙස් කැඩි යාම වැලකි දිප්තිමත් කෙස් කළබක් ලබා ගත හැකිය.

මතක ශක්තිය වැඩි කිරිම සදහා දරුවන්ට ලබා දිය හැකි ඖෂධයක්




වර්තමානයේ පවතින තරගකාරි අධ්‍යාපන තත්ත්වයත් සමග කුඩා දරුවන්ගේ මතක ත්‍රීවුර කිරිම සදහා මෙය දිනපතා දරුවාට ලබා දිමට හැකියි.එ් තුලින් දරුවාගේ මතක ශක්තිය වැඩි දියුණු වෙයි.

මෙහිදි සෑම උදැසනකම දරුවාට හිස්බඩ එළගිතෙල් සමග මීපැණි හැන්දක් ලබා දිය යුතුයි.මෙහි නියමිත මාත්‍රාවට අනුව ලබා දිය යුතුයි.

මෙහි මාත්‍රාව වන්නේ එළගිතෙල් තේ හැදි 1/2 කට මී පැණි තේ හැදි  1 1/2 ක් එකතු කර දරුවාට උදෑසන හිස්බඩ බීමට දිය යුුතුයි.

Wednesday, January 9, 2019

ඔබේ උස අනුව තිබිය යුතු නියමිත බර ප්‍රමාණය දන්නවා ද?



උස   4'6"
පිරිමි 28 - 35 kg
ගැහැණු 28 -35 kg

උස  4'7"
පිරිමි 30 -39kg
ගැහැණු  30 -37 kg

උස   4'8"
පිරිමි  33 - 40kg
ගැහැණූ 32 - 40 kg

උස   4'9"
පිරිමි 35 - 44 kg
ගැහැණු 35 - 42 kg

උස   4'10"
පිරිමි  38 - 46 kg
ගැහැණු  36 - 45 kg

උස    4'11"
පිරිමි   40 -50 kg
ගැහැණු  39 - 47 kg

උස  5'0"
පිරිමි  43 - 53 kg
ගැහැණු 40 - 50 kg

උස 5'1"
පිරිමි 45 - 55 kg
ගැහැණු 43 - 52 kg

උස  5'2"
පිරිමි 48 -59 kg
ගැහැණු 45 -55 kg

උස  5'3"
පිරිමි 50 -61 kg
ගැහැණු 47 - 57 kg

උස  5'4"
පිරිමි 53 - 65 kg
ගැහැණු 49 - 60 kg

උස  5'5"
පිරිමි 55 - 68 kg
ගැහැණු 51 - 62 kg

උස  5'6"
පිරිමි 58 -70 kg
ගැහැණූ 53 - 65 kg

උස  5'7"
පිරිමි 60 - 74 kg
ගැහැණු 55 - 67 kg

උස  5'8"
පිරිමි 63 - 76 kg
ගැහැණු 57 - 70 kg

උස  5'9"
පිරිමි 65 - 80 kg
ගැහැණු 59 - 72 kg

උස  5'10"
පිරිමි 67 - 83 kg
ගැහැණු 61 - 75 kg

උස  5'11"
පිරිමි 70 - 85 kg
ගැහැණු 63 -77 kg

උස  6'0"
පිරිමි 72 - 89 kg
ගැහැණූ 65 - 80 kg

අට මහා කුසල්




බුදු දහමේ අටමහ කුසල් ලෙස විශේෂ පින්කම් අටක් ඉගැන්වේ. අටමහ කුසල් තුලින් අකුසල් නම් විපාක යටපත් කරන අතර නිවන කරා යොමු කරනවා.අටමහ කුසල් ඉතා බලගතු කුසල කර්ම ලෙස හදුන්වයි.

  1. කඨින චිවර පුජා කිරිමට සහභාගී විම.
  2. අටපිරිකර පුජා කිරිම
  3. සේනාසන තැනිම හා නඩත්තු කිරිම(කුටි,සංඝාවාස,පන්සල්,යටිතල පහසුකම්,ජලය,විදුලි බලය,උපාංග ආදිය සඝ සතුකර පුජා කිරිම)
  4. සිව්වනක් පිරිසට දානය පිළිගැනිවිම.
  5. සද්ධර්මය ලියවිමට,පටිගත කිරිමට,මුද්‍රණය කිරිමට,ප්‍රකාශ කිිරිමට සහ බෙදා හැරිමට ආධාර කිරිම සහ සහභාගී වීම.
  6. සඝ පරපුරේ පැවැත්මට ඉඩම් සහ නියමිත ඉඩකඩ පුජා කිරිම.
  7. බුද්ධ රූප සහ පිළිම ආදි විහාර ගෙවල් සෑදවීම.
  8. සංඝයා වහන්සේගේ පරිහරණය සදහා වැසිකිලි තනා දිම(නැම පිරිසිදු කිරිම ආදි සදහා පහසුකම් ඇතුලත් වෙයි)

බුලත් අතට කොල කිය ද? බුලත් ගැන ඔබ නොදත් දේවල්




සිංහලයන්ගේ විශ්වාසය අනුව බුලත් යනු නාගයන් විසින් ලොවට ගෙන ආවකි.ඒ නිසා බුලත් සැපිමේ දී අග්ගිස්ස කපා කඩා දමන්නේ නයි විෂ දුරු විමට කියාය.බුලත් කෑම අතිතයේ සිට පැවත එන්නකි.අතිතයේ පැවති චාරිත්‍රයක් ලෙස බුලත් කෑම දැක්විය හැකිය.එය රජුගේ සිට සාමාන්‍ය වැසියා දක්වා කල චාරිත්‍රයකි.බුලත් හුරුල්ලක් හෙවත් බුලත් අතකට පහත රට ප්‍රදේශවල කොළ 40 ක් ගනු ලැබේ.නමුත් උඩරට ප්‍රදේශ වල ගොන්නක් හෝ මිටියක් වශයෙන් ගෙන බුලත් අත පිළිගන්වනු ලැබේ.නමුත් බුලත් අතට කොල 40 ක් යොදා ගැනිම පිළිබද විවිධ මත පවතියි.

බුලත් වර්ග
  • රටදළු බුලත්
  • ගල් දළු බුලත්
  • වැල් බුලත්
  • මැටිපලා බුලත්
  • කහ කීරිය බුලත්
  • ගැට කොටු බුලත්
  • ගස් බුලත්
  • ගැරඩි මානේරු

මේ අනුව බුලත්  භාවිතයෙන් කල සිරිත් විරිත් ලෙස ගුරු දෙගුරුන් නැමදීම ,බුලත් දිම,සමාව දීම,වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්විම,ආරාධනා කිරිම,මගුල් තුලා වලට ,ගෙට ගෙවදිම් වලට ආදි දේවල් වලට බුලත් මුල් තැනක් ගත්තේය.
මෙම විශේෂ අවස්ථා වල බුලත් කොල කොපමන භාවිතා කරනවාද යන්න ඔබ දන්නවා ද

බුද්ධ පුජාව සදහා බුලත් කොල 40 යි
දේව පුජා සදහා බුලත් අතට  කොල  35 යි.
ගුරුවරුන්ට පිළිගන්වන බුලත් අතට  කොල 30 යි
දෙමවුපියන්ට පිළිගන්වන බුලත් අතට කොල 40 යි.
ග්‍රහ පුජා සදහා බුලත් අතට කොල 27 යි.
මංගල බුලත් හෙප්පුවට බුලත් කොල 21 යි

Tuesday, January 8, 2019

පෝෂණ ගුණයෙන් ඉහළ ඇඹරල්ලා ආහාරයට ගෙන තිබේ ද?




ඇඹරල්ලා වල ඖෂධීය ගුණ ගත් විට හදවත් ආශ්‍රිත රෝග වලට ,වකුගඩු රෝග වලට ,අර්ශස් රෝග වලට ඇඹරල්ලා කොළ සම්බෝලය ඉතා ගුණදායකයි.
මෙහිදි ඇඹරල්ලා  කොල සම්බෝලය සදා ගන්නේ ඇඹරල්ලා කොල සිහින්ව කපා පොල් සහ ළූනු සහ අමු මිරිස් සහ අවශ්‍ය පමණට ලුණු දමා අහාරයට ගත හැකියි.
ඉදුණු ඇඹරල්ලා නැවුම් පළතුරක් ලෙසත් අමු ඇඹරල්ලා ව්‍යංජනයක් ලෙසත් ආහාරයට එක්කර ගනියි.අැඹරල්ලා චට්නි ,ඇඹරල්ලා සලාද ,ඇඹරල්ලා දෝසි,ඇඹරල්ලා ජුස් සහ ජෑම් ලෙසද  අාහාරයට එක් කර ගනියි.
ඇඹරල්ලා වල අඩංගු පෝෂගුණය ගත් විට එහි විටමින් බහුල පළතුරකි.එනම් කැල්සියම් ,පොස්පරස්,කාබෝහයිඩ්‍රේට්, යකඩ බහුලය අඩංගු වෙනවා.එහි විටමින් C ,A ,B1 ,B2 සහ තන්තු බහුලව අඩංගු වෙනවා.මෙම ඇඹරල්ලා වල අඩංගු කැල්සියම් සහ අනෙක් විටමින් මගින් හදවත් රෝග ඇති විමේ අවධානමෙන් මිදිය හැකියි.

අධිරුධිර පිඩනයෙන් පෙලෙන අය සදහා ද වඩාත් ගුණයෙන් සපිරි ආහාරයක් ලෙස ඇඹරල්ලා ගත හැකියි.දියවැඩියා රෝගි්න් සදහා ද ඉතා ගුණදායකයි.සමේ රෝග සදහා ද ඉතා ගුණදායකයි.තරබාරු අය සදහා ඔවුන්ගේ සිරුරේ මේදය ඉවත් විමට ද ගුණදායකයි.

විස්මිත ගුණ දෙන සමන් පිච්ච




ඉතා සුවදවත් මල් පිපෙන ශාකයක් වන මෙහි මල්,කොල ආදි දෑ ආයුර්වේදයේ දී ඖෂධ ලෙස ‍භාවිතා කරනවා.සමන් පිච්ච වර්ග කිහිපයක්ම දක්නට ලැබෙනවා.ගැට පිච්ච වර්ග ද සමන් පිච්ච කුලයේම වර්ගයක් වෙනවා.
මේ අනුව සමන් පිච්ච වලින් කරන්න පුළුවන් දේවල් ලෙස,

  • ඇස් අමාරුවට
මෙහිදි සමන් පිච්ච මල් වතුර ජලය පිරි බදුනකට රාත්‍රි කාලයේ දමා තබා උදේ ඇස් සේදිමට ගැනිමයි.මෙමගින් ඇස් වලට සිසිලක් මෙන්ම දෙනෙත් රතු විමට ද බොහෝ හොදයි.ඇස් රුදාව ඉක්මනින් සුව වෙයි.

  • දහඩිය දුගද සදහා
සමන් පිච්ච මල් දමා පැය කිහිපයක් තබා එම ජලයෙන් සොදන්න

  • තුවාල සදහා
සමන් පිච්ච මල් හා කොල ගෙන තම්බා එම වතුරෙන් තුවාල සේදිම මගින් ඒවායේ කැසිම වලකියි.මෙම සමන් පිච්ච වලින්  විෂබිජ විනාශ කිරිමට පුළුවන් වෙනවා.

  • සමේ රෝග සදහා
සමන් පිච්ච මුල් ගෙන ඒවා සෝදා හොදින් අඹරා සමේ ආලේප කරන්න.එවිට දිනපතා ආලේප කිරිම මගින් සම පැහැපත් වෙයි.කුෂ්ඨ,සම අවපැහැ ගැන්විම සදහා ද සුදුසුයි.සම කැසිම,සමේ දැවිල්ල සදහා ද සමන් පිච්ච මල් සහ සමන් පිච්ච කොල වල දලු ගෙන හොදින් අඹරා අලේප කිරිම හොදයි.

  • සුව නින්දක් ලබා ගැනිම සදහා
සමන් පිච්ච මල් වේලා කොට්ටයක් සකස් කර ගෙන එම කොට්ටය මත නිදා ගැනිමෙන් සුවදායි නින්දක් ලබා ගත හැකියි.

  • මුව සේදිම සදහා
මුඛයේ තුවාල,දත් මුල් දිය විම ආදි රෝග සදහා සමන් පිච්ච කොල තම්බා ගත් වතුරෙන් මුව සේදිම මගින් සුවයක් ලැබෙයි.

  • මුත්‍රා දැවිල්ල සහ ඇගපත දැවිල්ල සදහා සුවදායක වෙයි.
  • සමන් පිච්ච මල් කුඩු කර  තේ වලට දමා බිමට  භාවිතයට ගනියි.


 



ඔබත් ලස්සනට වෙන්න විටමින් E භාවිතා කරනවා ද?




ලස්සසන ගැන හිතන කාටත් විටමින් E සත්කාරය හොද ප්‍රතිඵලයක් ලබා දෙනවා.ඉතින් මෙම විටමින් E මගින් ස්වාභාවිකවම රුව රුක දෙනවා. ඔක්සිකාරකයක් වන විටමින් E ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ද ක්‍රියා කරයි.විටමින් E මගින් සමට සහ හිසකෙස් වලට ලබා දෙන්නේ විශේෂ සත්කාරයකි.තවද විටමින් E වලින් නිෂ්පාදිත විවිධ ක්‍රිම් සහ ආලේපන අද වන විට වෙළද පලේ දැක ගත හැකි වෙනවා.විටමින් E මගින් ලබා ගත අපට ලබා ගත හැකි දෑ



  • හිසකෙස් වර්ධනය කර ගැනිම සදහා
මෙම විටමින් E කරල් දෙකක් සහ ඔලිව් ඔයිල් තෙල් හෝ පොල් තෙල් මේස හැදි 2 ක් ගෙන රත් කර හිස් කබලේ ආලේප කර පැය දෙකක් පමණ තබා සොදා හරින්න.මේවා ආලේප කිිරිම මගින් හිස කෙස් පැලිම කැඩි යාම හා කෙස් ගැලවි යාම පාලනය කරයි.

  • ඇස් වටා කලු විමට
ඇස් වටා කලු වු අයට විටමින් E කරලක් ගෙන ඇස් වටා ආලේප කර සම්භාහනය කරන්න.එයිට අදුරු බව නැති වි යයි.

  • සම පිරිසිදු කිරිම සදහා
විටමින් E කරලක් ගෙන පුලුන් කැබැල්ලකින් හොදින් මුහුණ පිස දමන්න.එවිට මුහුනේ ඇති කුණු දුවිලි විෂබිජ  ඉවත් වි යන අතර සම පැහැපත් කරයි.

  • සම වයසට යාම වලක්වයි.
සමහර අයගේ සම රුලි වැටි ඇති අතර නළල සහ ඇස් යට මෙම රුලි වැටිම් දක්නට ලැබේ.එම ස්ථාන වල විටමින් E ආලේප කිරිම මගින් සම නැවත තිබු තත්ත්වයට පත් කර ගත හැකියි.

  • කැලැල් සදහා
විටමින් E  ආලේප කිරිම මගින් සම තුල පවතින දුඹුරු ලප සහ කැලැල්  ඇති විම අවම කරයි. 

  • හිරු කිරනින් සම පිළිස්සි ඇති විට
හිරු කිරණින් සම පිලිස්සි ඇති විට විටමින් E ආලේප කිරිම හොදම විසදුමකි.විටමින් E දිනපතා පාවිච්චි කල හැකිය.ඔබට පවතින සමේ වර්ගය අනුව විටමින් E ආලේප කිරිම තිරණය වෙයි.තෙල් සහිත සමක් නම් සතියකට දින දෙක්ක් පමණද වියලි සමක් නම් දිනපතා ද ආලේප කල හැකියි.

  • අව පැහැ ගැන්වුනු තොල් වලට
අවපැහැගැන් වුනු තොල් වලට විටමින් E සහ මී පැණි සමග මිශ්‍ර කර තොල් වල ආලේප කිරිම ඉතාමත් හොදයි.

Monday, January 7, 2019

හෝමෝන අසමානතාවයන් පෙන්වන ලක්ෂණ

අපේ ශරිරයේ වර්ධනය විම සදහා හෝමෝන වැදගත් කාර්යයක් ඉටු කරයි.හෝමෝන වලින් අපේ භාහිර පෙනුමට ද බලපැම් කරයි.මෙසේ හෝමෝන නිසා ශරිරයේ අසාමාන්‍ය ලක්ෂණ පෙන්නුම් කරනවා.තවද මේම ලක්ෂණ දිගු කාලයක් පවතිනම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය යුතුයි.



කුරුලැ
අපේ මුහුනේ කුරුලැ ඇති විමට විවිධ හේතුන් බලපානු ලබයි.එනම් සමට නිසි ආකාරයේ සත්කාර නොකිරිම  ආදි දැ හේතු වෙනවා.එසේම ශරිරයේ හෝමෝන වල ක්‍රියාකාරිත්වයේ අසමතුලිතතාවයද කුරුලැ ඇති විම සදහා හේතු වෙනවා.

අධික තරබාරුව
සමහරු කොතරම් ව්‍යායාම  හෝ කෑම පාලනය කරත් තරබාරු බව අඩු කර ගන්න නොහැකි වෙනවා.සමහරු ඒ මොනවත් නොකලත් කෙට්ටු වෙනවා.මෙම මහත් විමට හා කෙට්ටු විමට ද හෝමෝන වල අසමතුලිතතාවය බලපානු ලබනවා.

දහඩිය දැමිම.
අදික ලෙස දහඩිය පිට වෙනවානම් එයට ද බලපානු ලබන්නේ හෝමෝන වල අසමතුලිතතාවයයි.

ඇස් යට කලු විම
සමහර අයට හෝමෝන වල අසමතුලිතතාවය නිසා නින්ද නොයයි.එනම් කලාන්තරයක් තිස්සේ නින්ද නොයාමෙන් ඇස් ය කලු විම සිදු වෙයි.මෙයට හේතුව වන්නේ කාන්තාවන් තුල පවතින ප්‍රොජෙස්ටරෝන් සහ පිරිමින් තුල පවතින ටෙස්ටෙස්ටරෝන් යන හෝමෝනයන් මද කම නිසාය.

අනවශ්‍ය රෝම
සමහරුන්ගේ අසාමාන්‍ය ලෙස මුහුනේ,පියයුරු වල,අත්වල හෝ වෙනත් අවයව වල අසාමාන්‍ය ලෙස තද කලු රෝම ඇති වී තිබේ නම් එයට හේතු වන්නේ හෝමෝන වල අසමතුලිතතාවයයි.

Publishing Date : 2019.01.07
Proudly Presented by හසරැල්.කොම්

Friday, January 4, 2019

ඔබත් දිනපතා කරවිල ආහාරයට ගන්නවා ද? ඔබේ ශරිරයට වන දේ





දිනපතා කරවිල ආහාරයට ගැනිම රෝග රුසකට සුව වන අතර සෞඛ්‍යය ගැන හිතන කාටත් එය වඩාත් ගුණාත්මක ආහාරයකි.කරවිල යුෂ මගින් කරවිල පානයක් ද සාදා බිමට එකතු කර ගත හැකියි.එය ද වඩාත් ගුණදායක වෙනවා.අතීතයේ මිනිසා ඔසුවක් ලෙස සලකා තම ආහාර වේලට කරවිල එකතු කර ගනු ලැබුවා.


  • දියවැඩියාව හා තරබාරු බව අඩු කිරිම සදහා හේතු වෙනවා.
සිරුරේ පවතින අනවශ්‍ය සිනි ප්‍රමාණය නැති කර පරිවෘත්තිය ක්‍රියා නිසි පරිදි කිරිමට හේතු වෙනවා.
වකුගඩු වල ගල් ඉවත් කරයි.
  • කරවිල මගින් වකුගඩුවේ ගල් ඇති විම වලක්වයි.
එනම් දිනපතා කරවිල ආහාරයට ගැනිමෙන් වෙනත් ඖෂධ අවශ්‍ය නොවන අතර කරවිල ආහාරයට ගැනිමෙන් ගල් ඇති විම වලක්වයි.
  • සිරැරේ කෝලෙස්ට්‍රෙරා්ල් මට්ටම පාලනය කරයි.
එනම් හදවත් රෝග රුධිර නාල වල ලේ කැටි ගැසිම වලක්වයි.
  • පිලිකා සෛල විනාශ කරයි.
එනම් පුද්ගලයකුට පිළිකා ඇති වීමේ අවධානම අවම කරයි.එනම් අගන්‍යාසය ආශ්‍රිත ,මහා බඩවැල ,අක්මාව ,පියයුරු ආශ්‍රිත පිළිකා සෛල  ඇති වීම වලක්වයි.
  • ලේ පිරිසිදු කරයි.
එනම් කරවිල ආහාරයට ගැනිම මගින් රුධීරයේ ඇති  අපද්‍රව්‍ය ඉවත් කරනවා.
  • විටමින් වර්ග අඩංගු නිසා සිරුර නිරෝගි කරනවා.
එනම් පුද්ගලයින්ගේ මාංශ පේශි වේදනාවන් ඇති විට ඒවා සමනය කරන්න කරවිල දිනපතා අහාරයට ගැනිම මගින් හැකි වෙනවා.
  • ප්‍රතිශක්තිය වැඩි කරයි.
එනම් අහිත කර බැක්ටිරියා ශරිරය තුළට ඇතුලු විම වලක්වයි.එනම් සෙම්ප්‍රතිශ්‍යාව ,උණ,වෛරස් රෝග ඇති විම වලක්වයි.

හැමදාම උදෑසන උණු වතුර පානය කලොත් ඔබට ලැබෙන වාසි මෙන්න





ජලය අපේ ශරිරයට අතවශ්‍යම දෙයක් වෙනවා. උදෑසන උණු ජලය පානය කිරිමෙන් අපට බොහෝ වාසි හිමි වෙනවා.අද අපි කියන්න යන්නේ ඒගැනයි.එනම් දවස අරඹන විටම තේ කෝපි කිරි වැනි දැ පානය නොකර මුලින්ම උණු ජලය පානය කිරිම මගින් ශරිරයේ පැවැත්මට මෙන්ම සමේ තෙතමනය රුක ගැනිමට මෙන්ම සම පැහැපත් වීමට ද හේතු වෙයි

  • සිරුරේ අන්තර්ගත විෂ ඉවත් කර  රුධිර නාල වල මේදය තැන්පත් වීම අඩු කරයි.
  • උණූ ජලය පානය කිරිමෙන් හදවතේ ක්‍රියාකාරිත්වයට ගුණදායි වෙයි.
  • උණූ ජලය පානය මගින් වකුගඩු වල ක්‍රියාකාරිත්වය වර්ධනය කර ශරිරයේ සීනි මට්ටම පාලනය කිරිම ද සිදු කරයි.
  • රුධිර සංසරණය වේගවත් කරයි.
  • ශරිරයේ බර අඩු කිරිමට ද හේතු වෙනවා.
  • වයස් ගත පෙනුම නැති කර  සම රැලි වැටිම වලක්වා තරුණ බව පෙන්වයි.
  • ආහාර ජිර්ණ පද්දතියේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මළ බද්දය වළක්වයි.
  • කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනාවන් වලදි වේදනාව නැති කිරිමට උණු වතුර පානය කිරිමෙන් අඩු වේ.

 


Thursday, January 3, 2019

විනෝද චාරිකාවක් යනවනම් පින්නවල ඉපැරණි ගම දරුවන්ට පෙන්විය යුතුම තැනක්




පින්නවල පිහිටි  මෙම ඉපැරණිගම නිර්මාණ කරලා තිබෙන්නේ සබරගමු පළාතේ වෙනවා.මෙම ගම්මානය නිර්මාණය කරලා තිබෙන්නේ පැරණී ජන උරුමය අනාගත පරපුර උදෙසා රුගෙන යාම සදහාය.මෙහි ඉපැරණි ගමක සියලු ආකෘතින් නිර්මාණය කර තිබෙනවා.


මෙහි ගමක සියලු අංග අපට සජීවිව දැක ගැනිමට පුළුවන් වෙනවා.අපට සියලු අංග නරඹමින් එම කුටි වල රුදෙමින් ගමේහි අත්දැකිම් විදගන්න පුළුවන් විදියට තමයි මෙම ගම නිර්මාණය කරලා තිබෙන්නේ.දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් මෙම ගම නැරඹිම සදහා එනවා.තවද මෙහි ඉදිකර ඇති අංග ලෙස ආරච්චිල ගෙදර,වෙද ගෙදර,රෙදි පිළි ගෙදර,කම්මල, වඩු මඩුව,කුඹල් ගෙදර,කෝපි කඩය, ගැමි ගෙදර,වැව,කුඹුරු,හේන ආදි කුටි  34 ක් නැරඹිමට තිබෙනවා.

මෙහි විශේෂ අංග වන ආරච්චිල ගෙදර ලෙස සදහන් කරන්නේ එදා ගමක ප්‍රධානියා ආරචීචි මහත්තයා වෙනවා.මෙම කුටිය තුලදි ආරචිචි මහත්තයා ඇතුලු රේස් කරත්ත,හාන්සි පුටු, මේස ,ඇද.කනප්පු, ආරච්චි භාවිතා කරන විවිධ භාණ්ඩ මෙන්ම ආභරණ ආදිය මෙම ගමට පිවිසෙන ඔබට දැක ගත හැකියි.





තවද අපට ගමක් තුළ දැක ගත හැකි  දේශිය වෛද්‍ය ක්‍රම මෙන්ම බෙහෙත් පැල ඇටි ද දැක ගත හැකියි.තවද කුඹල් ගෙදර තුළදි සජිවිව මැටි භාණ්ඩ නිශ්පාදනය කරන විදිය බලා ගත හැකියි.තවද කම්මල තුළ දී යකඩ වලින් විවිද කැති,පිහි ආදිය නිර්මාණය කරන ආකාරය ද දැක ගැනිමට පුළුවන.තවද ගමේ අය එදිනෙදා අවශ්‍යතා පිරිමහ ගත් කෝපි කඩය ලෙස හදුන්වන ගමක දැක ගත හැකි සුන්දර දසුන් අත්විදිමින් කෝපි කඩය තුළදි රස කැවිලි වල රස විදිමින්  තේ කෝප්පයක රස විදිමට ද පුළුවන් වෙනවා.මෙවැනි සංස්කෘතික අංග සජිවිව නැරඹිමට හැකියාව ලැබෙනවා.කුඩා ළමුන්ට මෙය නැරඹීමෙන් හොද අත්දැකිමක් ලබා ගන්න හැකි වෙනවා.

විස්මිත ගුණ දෙන පැපොල් ඔබත් දිනපතා ආහාරයට ගන්නවාද ?

පැපොල් පළතුරක් පමණක් නොව ව්‍යංජනයක් ලෙසද ආහාරයට එක් කර ගන්නවා.තවද ඩෙංගු වැනි රෝග වලදී ද පැපෝල් ඖෂධයක් ලෙස භාවිතා කරනවා.මෙම පැපොල් තුළ විටමින්  A, C, ආදි තන්තුමය පදාර්ථ අඩංගුය.සිරුරේ විෂ විනාශ කල හැකි ප්‍රති ඔක්සිකාරක ගුණයක් ද  පවතියි.මෙමගින් සිරුරට පෝෂණයක් ද ලබා දෙයි.මෙය තම නිවසේ ගෙවත්තේ සිටුවා ගත හැකි ශාකයකි.


පැපොල් ව්‍යංජනයක් ලෙසද සාදා ගත හැකිය.අමු පැපොල් ගෙඩියක් ගෙන එය සාමාන්‍ය ව්‍යංජනයක් සාදන ආකාරයට තුන පහ දමා පොල් කිරිද දමා ව්‍යංජනයක් ආකාරයෙන් සාදා ගත හැකියි.තවද තෙලෙන් බැද හෝ සකසා ගත හැකිය.
පැපොල් වලින් තවත් රසවත් ආහාරයක් සකසා ගත හැකි තවත් ආකාරයක් නම් පැපොල් මැල්ලුමක් ලෙසද සාදා ආහාරයට ගත හැකිය.තවද පැපොල් ආච්චාරැ හා සලාද වලට ද යොදා ගත හැකියි.තවද අමු පැපොල් මගින් අක්මාවේ ඇති වන රෝග සදහාද ගුණදායක වෙයි.
  • විටමින් A අඩංගු නිසා ඇස් වලට ගුණදායකයි.
  • මුහුණේ ආලේප කිරිමට යොදා ගන්නා අතර  මුහුණ පැහැපත් කරයි.
  • බඩ දැවිල්ල සදහා ද ගුණදායි වේ.
  • මල බද්දය සදහා ආහාරයට ගැනිමට ගුණදායක වේ.
  • බඩවැල් අශ්‍රිත හට ගන්නා තුවාල ද සුව කරයි. 
  • ඩෙංගු උණ රෝගින් සුව කිරිම සදහා යොදා ගනියි.මෙහිදි පැපොල් පත්‍ර යුෂ යොදා ගන්නා අතර රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහල නංවා ගත හැකියි.
  • තරබාරු අයට ද ඉතා ගුණදායකයි.
  • කොලෙස්ටරෝල් මට්ටම වැඩි නොකරන අතර දියවැඩියා රෝගීන්ට ගුණදායක වෙයි.
Publishing Date : 2019.01.03
Proudly Presented by හසරැල්.කොම්

Wednesday, January 2, 2019

ඔබත් බෙලිමල් පානය කරනවාද? මෙය බැලුවොත් ඔබ හැමදාම බෙලිමල් පානය කරාවි





බෙලි මල් ඖෂධිය මෙන්ම ගුණයෙන් සපිරි පානයකි.මෙය කිතුල් හකුරු සමග පානය කල හැකිය.බෙලිමල් රුව වඩවන පානයකි.ආයුර්වේද‍යේ ද අත් බෙහෙත් සදහාද කසාය සදහා ද බෙලිමල් භාවිතා කරයි.බෙලි වල මල් පමණක් නොව මුල්,කොළ ,පොතු,ගෙඩි,බෙලි මදය සහ කටුව වශයෙන්  ගසෙහි සැම කොටසක්ම ප්‍රයෝජනයට ගනියි.කල් තබා ගැනිමේ දි බෙලි ගැට වය‍සේ  දී කඩා මද පවනේ වේලා පානය කර හැකියි.බෙලි මල් වඩාත් ගුණදායක වන අතර තේ කෝපි වෙනුවට බෙලි මල් පානය  කල හැකිය.එමගින් ආහාර රුචිය වඩවයි.සිරුර සිසිල් කරයි.සමේ කැළැල් නැති කර සම පැහැපත් කරවයි.

දෙවියන් උදෙසා පිදෙන පුජාවන් සදහා උපයෝගී කරගන්නා බෙලි ඖෂධිය ගුණයෙන් යුක්ත අගනා පළතුරක් වෙනවා.Golden Apple යනුවෙන් හදුන්වන මෙය අමාශගත රෝග වලට ඉතා ගුණදායකයි.ලංකාව ,බුරුමය,ඉන්දියාව වැනි රට වල බෙලි ශාකය වැවෙයි.මෙහි විටමින් ඩී අන්තර්ගතයි.බෙලිමල් බීම සැදිම සදහා බිමට වැටෙන බෙලි මල්  තම්බා පානය කරයි.මෙය පිපාසය හා විඩාව නැතිකරවන ගුණදායි පානයකි.

මෙම බෙලිමල් වේලා පානය කිරිමට අමතරව තැවිමට ද ගනියි.බෙලි කටු ද තම්බා පානය කිරිම අතිතයේ මිිනිසුන් කලහ.මේවා මගින් සිරුරට සිසිලක් ලැබෙයි.තවද බෙලි කොල විශ්ණූ පුජාවට නැතිවම බැරි දෙයකි.පුජාවේ යම් අඩුවක් වුවහොත් බෙලි කොළ මගින් එය සම්පුර්ණ වන බව කියවේ.බෙලි කොළ යුෂ තිප්පිලි සමග බිමෙන් මල බද්දය නැති කරන අතර මුත්‍රා වල සීනි සමනය කරයි.බෙලි මල් පානයෙන් බඩ බුරුල් වීම හා වමනය යෑම වලකියි.

Publishing Date : 2019.01.02
Proudly Presented by හසරැල්.කොම්


මහත් වෙන්න කැමති ද? මෙම කෑම ආහාරයට ගන්න ඔබ පුදුමයට පත් වේවි

සමහරු කොච්චර කෑවත් හැමදාම කෙට්ටුයි.ඉතින් ඒ වගේ අයට ගොඩක් වැදගත් දෙයක් තමයි අද අපි කියන්න යන්නේ .ගොඩක් කෙට්ටු  අය උත්සහ කරන්නේ මහත් වෙන්න මොකද ඔවුන්ගේ ශරිර බර අඩු නිසයි. ඒ අය ආහාරයට ගත යුතු දේවල් තමයි අද අපි කියන්න යන්නේ,




කෙසෙල්
අනෙක් පළතුරු වලට සාපේක්ෂව කෙසෙල් වල වැඩි සිනි හා වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවා.මේවා ආහාරයට ගැනිම ඔබේ ආහාර ජිර්ණ පද්දතියට ද හොදයි.

චිස්
චීස් වල අඩංගු වන කැල්සියම් සහ ප්‍රෝටීන් නිසා ශරිරයේ බර වැඩි කර ගැනිමට හේතු වෙනවා.

කජු වර්ග
කජු ,රට කජු ,ආමන්ඩ් වැනි දැ  ආහාරයට ගැනිම මගින් ශරිරය මහත් වීමට හේතු වෙයි.මෙවා තුල ශරිරයට හිතකර මේද වර්ග ඇතුලත් වෙනවා.

යෝගට්
යෝගට් වල අඩංගු වන ප්‍රෝටීන් සහ ඉහල කැලරි ප්‍රමාණයක් අඩංගු  නිසා එය ශරිරය මහත් වීමට හේතු වෙනවා.

අලිගැට පේර
අලිගැය පේර ඉතා ගුණදායි ආහාරයක් වෙනවා.මේවා අහාරයට ගැනිම මගින් ශරිරයේ බර වැඩි කර ගත හැකියි.අලිගැටපේර තුළ ශරිරයට හිතකර මේදය අඩංගු වෙනවා.

අර්තාපල් 
අර්තාපල් ආහාරයට ගැනිම තුලින් ශරිරයේ බර වැඩි කර ගත හැකියි.එනම් මේවා තුල පිෂ්ඨය වැඩි පුර ඇති ආහාරයක් වෙනවා.මෙහි ඇති පිෂ්ටය නිසා ශරිරය මහත් විමට හේතු වෙනවා.තවද අර්තාපල් වල විටමින් C සහ පොටෑසියම් අන්තර්ගත වෙනවා.

Publishing Date : 2019.01.02
Proudly Presented by හසරැල්.කොම්

ඔබත් දවසේ වැඩි වේලාවක් පරිගණකයේ ද?ඇස් පරිස්සම් කර ගැනිමට මේ කරුණු පිළිපදින්න



වර්තමානය වන විට තාක්ෂණික දියුණුවත් සමග බෝහෝ අය වැඩ පහසු කර ගැනිම සදහා පරිගණකය භාවිතා කරයි.තවද බෝහෝ අය රසවින්දනය උදෙසාද පරිගණකය භාවිතා කරයි.මේ ආකාරයට දවසේ වැඩි කාලයක් පරිගණකය සදහා කාලය යොමු කිරිමෙන් නොදැනුවත්වම අපේ ඇස් වලට හානි සිදු වෙයි.එවිට, 

  • ඇස්වල දැවිම ඇති විම 
  • හිසේ කැක්කුම වැනි දෑ ඇති වෙයි
  • ඇස් වල පෙනීම බොද වෙයි
  • ඇස් වියළි ගතියක් දැනිම.
  • ඇස් කෙවිමට පටන් ගනියි

තවද මෙම පරිගණකය භාවිතා කරමින් ඇති වන දෝෂ ලොකු කුඩා කාටත් පොදුවේ සැදෙන රෝග වෙයි.තවද පරිගණකය පමණක් නොව ටැබ්,ස්මාර්ට් දුරකථන වැනි දැ භාවිතා කිරිමෙන් ද මෙම දෑස්වලට ආභාද ඇති විය හැකියි.
තවද එකම ඉරියව්වකින් සිටිමේන් හන්දි හා මාංශපේශි වලට හානි ද සිදු වෙයි.එකම පැත්තක් දිහා දිගු වේලාවක් බලා සිටිමෙන් ඇස් වලට හානි සිදු වෙයි.
ටයිප් කරන නිවරදි විදිය  වන්නේ පරිගණක තිරය මට්ටමට සවි කල හැකි රදවනයක් මත ටයිප් කල යුතු දෑ ඒල්ලා තැබිම ය.නැතිනම් බොහෝ අය ටයිප් කරන විට ටයිප් කරන දෑ මේසය මත තබා ටයිප් කරයි.එවිට මාරුවෙන් මාරැවට ටයිප් කරන දේ සහ පරිගනකය බැලිමෙන් ඇස් වලට හානි සිදු වෙයි.එවිට නැවත නැවත කියවා බැලිය යුතු වෙයි.
විනාඩි 20 න් ඇස ඉවතට ගන්න.
පරිගණකය දෙස එක එල්ලේ දිගු වේලාවක් බලා සිටිම සුදුසු නැත.දෑසට විවේකයක් ලබා දිය යුතුයි.මෙහිදි පරිගනකය දෙස බලා සිටින විනාඩි විස්සකට වරක් තප්පර 20 ක් දුර වස්තුවක් දෙස බලා සිටිය යුතුයි.එනම් දිගු වෙලාවක් තිරය දෙස බලා සිටිමෙන් ඇස් වියලිමට ලක් විමට හේතු වන්නේ පරිගනක තිරය මගින් පිට වන ආලෝකය නිසාය.මෙමගින් ඇසට හානි සිදු වෙයි.
තවද පරිගනකය ඇස් මට්ටමට වඩා ටිකක් පහලින් තැබිම ද සුදුසු වෙයි.එවිට ඇස් වලට සිදු වන  හානිය වලක්වා ගත හැකියි.ඇස් මට්ටමේ සිට අගල් 20 ත් 25 ත් අතර පරතරයකින් පරිගනක තිරය තැබිම සුදුසු වෙයි.
පරිගණකය භාවිතා කරන විට ඇස් කණ්නාඩි පැළදිම ද සුදුසු වෙයි.
පරිගණකයේ වැඩ කරන කෙනෙකුට ඇස් වල යම් ඌනතාවයක් තිබේ නම් ඇස් කණ්නාඩි පැළදිය යුතුයි.

ඔබ භාවිතා කරන පරිගණකයට හිරු කිරණ වැටේ නම් පරිගණකයේ තිරය මත දිලිසිමක් දක්නට ලැබේ.එවිට පරිගණක තිරය දෙස බලා සිටිමට අපහසු වෙයි.

Publishing Date : 2019.01.02
Proudly Presented by හසරැල්.කොම්

Tuesday, January 1, 2019

ඔබත් හාල්මැස්සන් පිසගැනිමේ දී තක්කාලි දමනවා ද? ඔබ මෙය දන්නේ නම් කිසිදිනෙක එසේ ආහාරයට නොගනියි

 අද අපි ඔයාලට කියන්න යන්නේ හාල්මැස්සන් පිස ගැනිමේදී ඔබ සියලු දෙනාම දැන ගත යුතු කරුණක් ගැනයි.



හාල්මැස්සන් කියන්නේ කැල්සියම් බහුල ආහාරයක් වෙනවා.නමුත් මෙම හාල් මැස්සන් පිස ගැනිමේ දී ඒවාගේ රස වැඩි කර ගැනිමට බෝහෝ අය තක්කාලි එකතු කර ගන්නවා.තක්කාලි ද ගුණය අතින් ඉහල ආහාරයක් වුවත් මෙම අහාර දෙක එකට දමා පිස ගැනිමේන් ඉන් ඔබේ සිරුරට වන හානිය ගැන ඔබ තවමත් නොදන්නවා විය හැකියි. අද අපි කියන්න යන්නේ ඒ ගැනයි.

හාල්මැස්සන් තුල ඇති කැල්සියම්  තක්කාලි වල ඇති ඔක්සලේඩ් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරිමෙන් කැල්සියම් ඔක්සලේඩ් අම්ලය නිපදවනු ලබනවා.මෙය වකුගඩු වල ගල් ඇති විම සදහා හේතු වන බව සොයා ගෙන තිබේ.ඒ නිසා ඔබ තම සෞඛ්‍යය ගැන සිතනවානම් රසයට මුල් තැන නොදී ආහාරයේ ගුණාත්මක බව රුකෙන පරිදි ආහාරයට ගැනිම වඩාත් සුදුසුයි.

Publishing Date : 2019.1.1
Proudly Presented by හසරැල්. කොම්

ඔබත් රක්තහීනතාවයෙන් පෙළෙන්නේ ද? රක්තහීනතාවය ඇති වීමට හේතු

අප සෑම පුද්ගලයකුගේම ශරිරයේ රුධිරය සංසරණය වෙනවා.රුධීරය අඩු වැඩි වශයෙන් එක් එක් පුද්ගලයාගේ සිරුරේ පිහිටනවා. එනම්පුද්ගලයකුගේ ශරිරයේ රුධිරය අඩු වැඩි වීමට ඔවුන් ගන්නා ආහාර බලපානවා.
පුද්ලයාගේ රුධිරය රතු පැහැ වන්නේ රුධිරයේ ඇති හිමෝග්ලොබින් නිසාය.

 
නිරෝගී පුද්ගලයකුගේ සිරුරේ හිමෝග්ලොබින් ප්‍රමාණය  සම්මත මට්ටමක පවතියි.ශරිරයේ  පැවතිය යුතු හිමෝග්ලොබින්  ප්‍රමාණය අඩු මට්ටමකින් පැවතිම රක්තහීනතාවය ලෙස හදුන්වයි.

රක්තහීනතාව ඇති වීමට හේතු 
මේ සදහා හේතු කිහිපයක් බලපානු ලැබේ.
 

  • එනම් විටමින් ඌනතාවය නිසා එනම් විටමින් B 12 ෆෝලේට් හා යකඩ ඌනතාවයයි.
  • ඇටමිදුලු තුල රුධිර සෛල නිපදවිම  අඩු විම 
  • හෝමෝන ඌනතාවය
  • පිලිකා තත්වයන් ඇතිවීම (ලියුකේමියාව )
  • ශරිරයේ  දිගු කල් පවතින රෝග
  • රතු රුධිර සෛල විනාශ විම
  • රුධිර වහනය ඇති විම ( වකුගඩු හෝ අක්මා රෝග  වැනි දෑ)

මෙහිදි පෝෂණ ඌනතාවය හේතුවෙන් රක්තහිනතාවය  ඇති වීමට හේතු වන්නේ
ගැස්ට්‍රයිටිස් ,අර්ශස්, අන්ත්‍ර පිලිකා ,ආමාශ රෝග, ඔසප් රුධිරය අධික ලෙස පිට වීම වැනි දෑ රක්තහිනතාවයට හේතු වෙනවා.
යකඩ සහිත ආහාර නොගැනීම ද රක්තහිනතාවයට හේතු වෙනවා.

 රක්තහීනතාවය වලක්වා ගැනිමට ගත හැකි ආහාර
 

  •  මාළු
  • සෝයා
  • නිවිතිය
  • පලා වර්ග
  • නිවුඩු සහිත ආහාර 

බෝහෝ අය යකඩ සහිත ආහාර ගත් නමුත් ඔවුන් ගන්නා වෙනත් ආහාර මගින්  ශරිරයට යකඩ උරාගැනිම වැලැක් වෙයි.එනම් අපි ගන්නා ආහාර වේල් සමග තේ කෝපි වැනි පාන වර්ග ගත් විට යකඩ උරා ගැනිමේ හැකියාව නැති කරයි.අපි ගන්නා ලද පෝෂදායි ආහාර ගැනිමට පැයකට පෙර හෝ ආහාර ගෙන පැයකට පසු තේ හෝ කෝපි වැනි දෑ පානය කිරිම සුදුසුයි.

විටමින් B12 ඌනතාවය ඇති වන්නේ සත්ත්ව ආහාර මගින්ය.මස් මාංශ අනුභව නොකරන පුද්ගලයින් හට මෙම විටමින් ඌනතාවය ඇති වෙයි.

ෆෝලික් ඌනතාවය රක්තහිනතාවය ඇති විමට හේතු වෙනවා.

ශරිරයේ හිමෝග්ලෝබින් ඌනතාවය ඇති වු විට
 

  • නිදිමත ගතිය
  • කම්මැලිකම
  • ක්ලාන්තය
  • හෘද ස්පන්දනයේ දුර්වලතා හා වෙහෙසකාරි ගතිය ඇති විය හැකිය.
  • පුද්ගලයා සුදුමැලි ගතිය දැක ගත හැකි වීම
  • කකුල් ඉදිම , ශරිරය කහ විම,නිය කැඩිම 

මෙවැනි ලක්ෂණ ඔබ තුල ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි.

ඔබත් සුර්යය නමස්කාරය කරන කෙනෙක් ද? එහි වාසි

ඔබත් යෝගා කරන කෙනෙක් නම් මෙම වාසි අත් විදිය හැකියි.යෝගා කරන බෝහෝ දෙනා අතර වැඩි දෙනෙක් සුර්යය නමස්කාරය කෙරෙහි යොමු වෙලා තිබෙනවා.මෙම සුර්යය  වන්දනාව ආසන 12 කින් සමන්විතයි.මෙම සුර්යය නමස්කාරය උදේ කාලයේ කිරිම වඩා යහපත් වෙනවා.



මෙම සුර්යය නමස්කාරයට අදාල ආසන මෙසේය .
  • ප්‍රණාම ආසන
  • හස්ත උත්තාසන ආසන
  • පාදහස්ථාන ආසන
  • අශ්වසංචලන ආසන
  • දණ්ඩාසන
  • අශ්ටඨාංග නමස්කාර ආසන
  • භුජංගාසන
  • ර්වතාසන ප්‍රශ්වාස කිරිම සිදු වේ
  • ආශ්වසංචලන ආසන
  • පාදහස්ථාන ආසනය
  • හස්ත උත්තාසන
  • ප්‍රණාම ආසනය

එයින් ලැබෙන වාසි ගත් විට පහත පරිදි දැක්විමට පුළුවන්.
  • සීතිමේ ශක්තිය වැඩි දියුණු වේ.
  • උදේ සහ සවස් කාලයේ සුර්යාට නිරාවරණය වී  සුර්යය නමස්කාරය කිරිම මගින් සමේ පවතින රෝග නැති වී සම පැහැපත් කරයි.
  • තරුණ පෙනුම රැක දෙයි.
  • මුළු ශරිරයටම නැවුම් ශක්තිමත් බවක් ලබා දෙයි.
  • සිරුරේ නම්‍යශීලිබව වැඩි වෙයි.
  • සුර්යය වන්දනාව ආරම්භ කිරිමට පෙර හෝ පසු ෂර්වාසන වල යෙදිම අනිවාර්ය වෙනවා.එමෙන්ම මන්ත්‍ර සජ්ජායනය හා ආසන වලට අදාල චක්‍ර පිළිබදව මනා අවබෝධයෙන් කිරිම අනිවාර්යය වෙනවා.
  • රුධිර පීඩනය ,කොන්ද හෝ පාද වල රෝග වලින් පෙළෙන අයෙක් නම් ඒවා සුව වන තෙක් සුර්යය නමස්කාරය නොකල යුතුයි.