{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Saturday, December 29, 2018

විස්මිත ගුණ සිපිරි කරපිංචා ආහාරයට එක් කර ගත හැකි ආකාරය

කරපිංචා ආහාර රස ගැන්විම සදහා යොදා ගනු ලැබුව ද මෙහි ඖෂධීය ගුණ බොහෝයි.මෙහි අඩංගු වන විටමින් සී, ඒ,ඩී ,ඊ, කැල්සියම් ,කාබෝහයිඩ්ඩ්‍රේට් අන්තර්ගතයිි.මෙය ස්වාභාවික රසකාරකයකි.


කරපිංචා කැද හෝ  සම්බෝලයය ද ඉතා ගුණය .එය තරබාරු බව අඩු කිරිමට හේතු වේ.මේ සදහා කරපිංචා කැද හෝ සම්බෝල සාදා ආහාරයට ගත හැකියි.කරපිංචා කැද සාදා ගන්නා විට කැද උදැසන පානය කිරිමෙන්  එල්.ඩී.එල් කොලෙස්ටරෝල් අඩු කිරිමට හැකි වෙනවා.මෙහිදි කොලෙස්ටරෝල් පාලනය කිරිමට කරපිංචා දිනපතා ආහාරයට ගැනිමෙන් හැකි වෙයි.

කරපිංචා සම්බෝල සදා ගැනිමේ දී කරපිංචා ,ගොරක,සුදුළුණූ ,ලුණු මිශ්‍ර කර හොදින් අඹරා ආහාරයට ගත හැකියි.දියවැඩියා රෝගයේ සිනි මට්ටම අඩු කර ගැනිමටත් විශේෂ හැකියාවක් කරපිංචා සතුව පවතිනවා.

කරපිංචා අහාරයට ගැනිම මගින් අක්මාවේ අක්‍රිය සෛල වර්ධනය කරයි.අක්මා‍වේ තෙල් තැන්පත් විමේන් විෂ සහිත ද්‍රව්‍ය ශරිරයට ඇතුල් විය හැකියි. එවිට අක්මාව සෛල විනාශ විම  සිදු වේ.එම නිසා අක්මාවේ ඇති වන මෙවැනි රෝගි තත්ත්ව වැලැක්වීමට කරපිංචා ආහාරයට ගැනිමේන් හැකි වෙයි.මෙම කරපිංචා වල අඩංගු විටමින් මගින් ඇස් පෙනීම දියුණු කරයි.

කරපිංචා මගින් ආහාර රුචිය වැඩි කරයි.යම් පුද්ගලයකුට අජිර්ණයක් සෑදුනු විට කරපිංචා තැම්බුන් හොද්දක් සාදා ගෙන ආහාරයට ගත හැකියි.මෙම තැම්බුමන් හොද්ද සදහා   දුදුරු,කොත්තමල්ලි,කුරුදු, රතුලුනු ,ගම්මිරිස්,ගොරකා වලට කරපිංචා දමා හොද්දක් සාදා ආහාරයට ගැනිමට හැකියි.අජිර්ණ අවස්තාවලට මෙන්ම අම්ල පිත්තය වැනි දෑ වලට ඉතා ගුණ දායකයි. 

අකලට හිස කෙස් පැසීමද වලක්වයි.එනම් කරපිංචා ආහාරයට ගැනිම මෙන්ම  කරපිංචා යොදා තෙල් සිද ගෙන හිසකෙස් වල ආලේප කිරිම මගින් හිසකෙස් වලට ඉතා හොදයි.

Friday, December 28, 2018

ඔබත් කාමරංගා ආහාරයට ගෙන තිබෙනවා ද?




කාමරංගා ගුණදායක වෙන්නේ කොහොමද ?

  • විෂ නසයි.
  • කොන්දේ අමාරුවට ගුණයි.
  • සෙමට ,හෙම්බිරිස්සාවට ගුණයි
  • ආහාර රුචිය වැඩි කිරිමට 
  • සිරුර පුෂ්ටිමත් කරයි
  • පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වැඩි කිරිමට


වසරේ ජුලි ,අගෝස්තු,දෙසැම්බර්  ජනවාරි යන මාස වල හට ගන්නා කාමරංගා පළතුර මෙහි වර්ග දෙකකින් යුක්ත වෙනවා.පැණී කාමරංගා සහ ඇඹුල් කාමරංගා යන ආදි ලෙසයි.Averrnoa carambolo යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් මෙම පළතුර හදුන්වයි.කාමරංගා සමහර ලෙඩරෝග ඇති අයට  අගුණ වන අවස්ථාද තිබේ.

බෝ මළුවේ මල් සුවදක පැටලි ....යන ගිතය හැදුනු ආකාරය නොදන්න අයට බලන්න

මේක ගොඩක් කල් වුණ සිදුවීමක් දවසක් සනත් නන්ද සිරි , ගුවන් විදුලි නිවේදක ප්‍රියාන්න්ද විජේසුන්දර ඇතුලු පිරිස අම්පාර නගරයේ පැවති සංගීත වැඩසටහනක් නිමා කර කොළඹ බලා යන මොහොතක සිදු වු සිදුවිමකි.ඔවුන් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රි පසු වී තිබුණි.


ඒ දින වල ඒ ප්‍රදේශය පාළු කැලැ බද ප්‍රදේශයක් වු අතර අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරු වන අලිමංකඩද  එ් හරහා තිබුණී.බෝහෝ අය අඩ නින්දේ පසු වුවත් ප්‍රියානන්ද සහ සනත් නන්දසිරි කෙටි කථා බහක නිරත වෙමින්  පැමිණියේය.පාර අබලන් නිසා ඔවුන් පැමිණි වාහනය ද ඉතා හෙමින් පැමිණ තිබේ.

මොවුන්ට දකින්න ලැබුනේ පාරේ තැනින් තැන කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලං වීමේදී දකින්න ලැබුනේ වයස අවුරුදු දහයක පමණ  කුඩා සාමණේර හිමි නමක් රෙදි බැගයකුත්  කරේ එල්ලාගෙන පන්දමක් අතින් දරාගෙන සීතල රාත්‍රියේ දාඩිය දමාගෙන  පාර දිගේ යන අයුරුයි.  

මොවුන් හිමිනම ලං වනවාත් සමග වාහනය මදකට නතර කර වු ප්‍රියානන්ද විමසුවේ පොඩි හාමුදුරුවෝ කොහෙද මේ  මහ රෑ දෙගොඩ හරියේ තනියම පන්දමකුත්  අරගෙන වඩින්නේ? පන්සලෙන් පැනල යනව ද?

ඔහු දෙස මදක්  බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කදුලින් බරවී  අඩන්නට විය.
අපේ අම්මට අමාරුයි කියල පනිවිඩයක් ආවා මහත්තයෝ.මාත් එක්ක යන්න කවුරුත් නෑ ඒ නිසා මම තනියම යනවා ඉක්මනට.

අම්මට මොකක් වෙලාද ?

නංගිල දෙන්න බඩගින්නේ අඩනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වේලාවේ වතුර හොයාගෙන ගිය හැපින්නක් පෑගිලා.ඌ අම්මට ගහල මහත්තයෝ .අම්මට අන්තිමයිලු මහත්තයෝ,

එතකොට පොඩි හාමුදුරුවන්ගේ තාත්තා ?
 අවුරුදු දෙක තුනකට කලින් ගහකින් වැටිලා මැරුණා මහත්තයෝ,

පවුලේ වෙන කවුද ඉන්නේ?
 නංගිලා දෙන්නා විතරයි,

ඉතිං අම්මා මොනාද කරන්නේ?
අම්මා පුළුවන් දවසට ගඩෝල් කපන්න යනවා.ඒත් නංගිලා පොඩි නිසා හැමදාම යන්නේ නෑ,

ප්‍රියාන්නදට එතනින් එහාට කතා කර ගත නොහැකි විය.රථයේ සිටි සියල්ලෝම තෘෂ්ණීන්භූතව බලා සිටින්නට විය.


පොඩි හාමුදුරුවෝ නගින්න මේකට, අපි ගෙදර ලගින් ඇරලන්නම්,
අපේ ගෙදරට යන පාරේ මෙම යන්න බෑ මහත්තයෝ.ගොඩක් පාරෙන් ඇතුලේ,දොළකින් එගොඩ වෙලා යන්නත් තියෙනවා.

කමක් නෑ පොඩි හාමුදුරුවෝ නගින්න අපි ගෙදරට යන පාර ලගින් බස්සවන්නම්,
ඒත් මම මේ පන්දම නිමුවොත් මට අය මේ පන්දම  ආපහු පත්තු කර ගන්න ලැබෙන්නේ නෑ, මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ,

රියදුරා ලග වාසනාවට ලයිටරයක් තිබුණී.

ටික දුරක් එම රථයේ ගිය හිමියන් මහත්තයලට ගොඩක් පිං .මම තනියම ආවේ බයෙන්.ඒත් මම අම්මට ගොඩක් ආදරෙයි, අම්මා මාව මහණ කලේ තාත්තා මැරුණු නිසා,එදා අම්ම ගොඩක් ඇඩුවා මහත්තයෝ.තෙරුවන් සරණයි.

රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබු මුදල් වලින් හැකි පමණීන් එකතු කර ඒ හිමියන්ට දී පරිස්සමින් යන්න.අම්මට ඉක්මනට හොද වෙයි.කියමින් සාමණේර හිමියන්ට සමු දෙන්න විය.

මේ සිද්දිය සියලු දෙනාටම මහා කම්පාවක් ඇති කල අතර එක දිනයක මේ ගැන සිතමින් සිටි ප්‍රියාන්න්දට මෙසේ ලියන්න විය.

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලග 
ඉන්නම් කිරි සුවදේ වෙලිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා...

බෝ මළුවේ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට හිත ඇදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ......
දං බෝ විටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලගට සැනින්......

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනින්...
චුට්ටක් සෙල්ලම් කරලා එන්න ද
සුපුරුදු යහලුවන් හා සැණීනේ
එහෙම ගියොත් ඒ අය පොඩිසාදු 
කියා කියන විට වැද වැටිලා...
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා.......

Thursday, December 27, 2018

දුරියන් ආහාරයට ගන්නවා ද? මෙහි ගුණ ඇසුවොත් ඔබ හැමදාම ආහාරයට ගනිවි

අග්නිදිග ආසියාතිකයන් දුරියන් හදුන්වන්නේ පළතුරු අතර රජු ලෙස හදුන්වයි.එහි පවතින දැඩි කටු සහිත ලෙල්ල හා එයටම ආවේණීක සුවද නිසා විශේෂත්වයක් පවතියි.මෙම දුරියන් වර්ග අනුව දිගයි හැඩයේ සහ රවුම් හැඩයේ ඒවාගෙන් යුක්ත වෙනවා.මෙහි ලෙල්ලේ වර්ණය දුඹූරු පාට සහ කොළ පැහැයෙන් යුක්ත වෙනවා.සමහර අයට දුරියන් සුවද වුවද සමහර අයටනම් දුරියන් අප්‍රසන්න ගදකින් යුක්ත වෙනවා.
Durio zidethinus  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම දුරියන් ඉතා ගුණදායි ආහාරයක් වෙනවා.මෙම පළතුර  වැඩි වශයෙන් අවුරුද්දේ ජුනි සහ අගෝස්තු යන මාස වල දක්නට ලැබෙනවා.මෙහි ගුණ ගැන අපි කතා කලොත්

  • මෙහි විටමින් සී බහුලව පවතිනවා.
  • ශරිරයේ  රතු රුධීරානු නිපදවිමටත් දුරියන් ආහාරයට ගැනිමෙන් හැකි වෙනවා.
  • සම පැහැපත් කිරිමට මෙන්ම නිරෝගී කෙස් කළඹක් ලබා ගැනිමටත් දුරියන් වලින් හැකි වෙනවා.
  • බඩවැල් වල සෑදෙන පිළිකා නැසිමට ද දුරියන් වලට හැකියාව තිබෙනවා.
  • සම්පුර්ණයෙන්ම කොලෙස්ටරෝල් සහිත ආහාරයක් වන දුරියන් ආහාරයට ගැනිමෙන් රුධිරයේ සීනි මට්ටම සමබර කර ගැනිමට හැකි වෙනවා.
  • ශරිරයේ බර අඩු අයට දුරියන් ආහාරයට ගැනිමට දිමෙන් ශරිර බර වැඩි කර ගත හැකියි.

Publishing Date : 2018.12.27
Proudly Presented by හසරැල්.කොම්

ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනී පවුලේ එකම දවසේ වෙඩිං තුනක්

රටම ආදරය කරන ප්‍රවීණ කලා කරු ජැක්සන් ඇන්තනීගේ සහ කුමාරි මුණසිංහ යුවළගේ  පවුලේ දියණිය සහ පුතුන් දෙදෙනාගේ විවාහය ගැනයි අපි ඔයාලට කියන්න යන්නේ.ලබන අවුරුද්දේ මුල  ඔවුන් තිදෙනාගේම විවාහය සිදු වන බවටයි ආරංචිය.


පවුලේ හැමෝගේම තිරණය මතයි පවුලේ තුන්දෙනාගේම වෙඩිං එක දවසේ ගැනිමට තිරණය කර ඇත්තේ.ඇයගේ දියණිය වන මාධවි ඇන්තනි පවසා සිටින්නේ විවාහය නිසා මේ දින වල කාර්යයබහුල වී ඇති බවයි.ඇය උපාධිය ලෙස පුරා විද්‍යාව සහ සංචාරක ආර්ථික විද්‍යාව අංශයෙන් උපාධීය හදාරා තිබෙනවා.මැය දැනය විශ්ව විද්‍යාල කටයුතු එක්ක කාර්ය බහුල වී සිිටින නිසා රග පෑම සදහා වැඩි  කාලයක් යෙදිවීමට අපහසු බව පවසයි. මාධවි කුඩා කාලයේ දී හපන් පැදුරේ ගීත ගායනා කල ඇය තවමත් ගායනය අත හැර නෑ ඉදිරියේ දී ගිත දෙකක් පමණ  නිර්මාණය වෙමින් යන බවයි ඇය පවසන්නේ.මැය මෑතකදී රග පෑ නාට්‍ය අතර පාලි ටෙලි නාට්‍යයෙන් අප අතරට ආවේ.හිරු නාලිකාවේ වැඩසටහන් නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කරනවා.

ඇය විවාහ වීමට සිටින්නේ මිලාන් නැමති ගුවන් කේෂ්ත්‍රයේ සත්කාර අංශයේ රුකියාවක් කරන කෙනෙකු සමගයි. ඇයගේ ලොකු මල්ලි අකිල ධනුද්දර විවාහ වීමට සිටින්නේ ඇමැන්ඩා  වන අතර ඇය ගෘහ අලංකරණ පිළිබද උපාධිධාරිණියකි.සජිත් මල්ලි බුවිනිකා මතීෂා වන අතර ඇය වරළත් ගණකාධිකාරිණීයක්  ලෙස කටයුතු කරනවා. මොවුන් තුන්දෙනාගේ වීවාහය කතෝලික සහ බෞද්ධ සම්ප්‍රධායන් වලට අනුව සැළසුම් කර ඇති පවයි ඇය පැවසන්නේ.

ඔබටත් සති දෙකකට වඩා කැස්ස පවති ද? ක්ෂය රෝගය බෝවිමේ අවධානම් වැඩි බව ඔබ දන්නවාද

ක්ෂය රෝගය සදහා අතීතයේ දී සම්පුර්ණයෙන්ම සුව කිරිම සදහා බෙහෙත් නොතිබුණත් වර්ථමානය වන විට රය දියුණූ වී පවති.එනම් ක්ෂය රෝගය වර්තමානයේ නිසි ආකාරයට ප්‍රතිකාර ගැනිමේන් සම්පුර්ණයෙන්ම සුව කර ගැනිමට හැකියාව පවතියි.



ක්ෂය රෝගය පරම්පරාවෙන් බෝවන රෝගයක් නොවේ.එය බැක්ටිරියාවකින් වාතය මගින් බෝවන රෝගයකි.මෙම රෝගයේ බැක්ටිරියා අසාදනය වන්නේ පෙනහලු ආශ්‍රිතවයි.නමුත් ඕනැම ඉන්ද්‍රියක රෝග කාරක බැක්ටිරියාව පැතිරි රෝගය ඇති විය හැකියි.මෙම රෝගය බෝ වන තවත් අවස්ථාවක් වන්නේ ප්‍රතිකාර නොගෙන ක්ෂය රෝගය ඇති අයෙකු කහින විට,කිවිසුම් යන විට හෝ කතා කරන විට මේවා වාතයට එකතු වීමෙන් ඒවා ආශ්වාස කිරිමෙන් හෝ කෙල වැනි දැ නිරෝගි පුද්ගලයකුගේ ශරිරයට ඇතුලු වු විට රෝගය බෝ වෙයි. පහත සදහන් රෝග ලක්ෂණ තිබෙනවානම් ඔබටත් රෝගය පවති දැයි පරික්ෂා කර ගැනිමට ළය රෝග සායනයකට ගොස් නොමිලේ කර ගත හැකිය.

රෝග ලක්ෂණ 

  • සති දෙකකට වඩා කැස්ස
  • රාත්‍රියට අදික ලෙස දාඩිය දැමිම හා මද උණ ගතිය
  • කෑම අරුචිය
  • සෙම සහිතව රුධිරය පිටවිම.

ප්‍රතිකාර
මෙම රෝගයට වෛද්‍ය ප්‍රතිකාර නිසි ආකාරයට ගැනිම මගින් රෝගය මාසයක් වැනි කාලයකින් සම්පුර්ණයෙන්ම සුව කර ගත හැකියි.නමුත් රෝගය සුවය දැනුනු ගමන් ප්‍රතිකාර ගැනිම වැලැක්වු අයට රෝගය නැවත වැලදීමට ඉඩකඩ ඇත.වෛද්‍යවරයා විසින් නියම කරන තෙක් ප්‍රතිකාර ගැනිම සිදු කරන්න.බාගෙට ප්‍රතිකාර ගත් පුද්ගලයින්ගෙන් අන් අයට රෝග බෝ වීමේ අවධානම වැඩියි.

ශරිරයේ ප්‍රතිශක්තිය අඩු අයට රෝගය බෝ විමේ  හැකියාව වැඩියි.

රෝගයෙන් වැළකිමට කළ හැකි දෑ

  • ඔබට මෙම රෝග ලක්ෂණ පවතියි යැයි සැකයක් පවතිනම් හැකි ඉක්මණින් ළය රෝග සායනයකට ගොස්  සෙම පටල පරික්ෂණයක් සිදු කර ගත හැකියි.
  • කහින විට,කිවිසුම් යන විට ලේන්සුවක් භාවිතා කිරිමෙන් රෝගය අන් අයට බෝ විම වැළැක්වෙයි.
  • මත්ද්‍රව්‍ය දුම්වැටි දෑ භාවිතය වැලැක්විය යුතුයි.
  • දියවැඩියාව ,ඇදුම වැනි රෝග පවතියි නම් ඒවා ප්‍රතිකාර මගින් සුව කරගත යුතුයි.
  • රෝගයට බෙහෙත් බීමට පටන් ගත් පසු රෝගය අන් අයට බෝ විමේ අවධානම අඩු වන අතර රෝගය සම්පුර්ණයෙන්ම සුව වන තෙක් ප්‍රතිකාර ගත යුතුයි.

Publishing Date : 2018.12.27
Proudly Presented by හසරැල්.කොම්

Tuesday, December 25, 2018

නිවස පිරිසිදු කිරිමට විෂබීජ නාශක භාවිතා කරනවාද ? ඔබ මේ පිළිබද සැලකිලිමත් ද

 විෂබිජ නාශක භාවිතයේ දී අප සැලකිලිමත් විය යුතුයි.එනම් මෙම විෂබීජ නාශක අපේ සමේ තැවරුණු විට සම මත ඇති වන තුවාල හෝ ඒවායේ සැරට සම පිළිස්සිම් සිදු විය හැකියි.සම මත බිබිලි වැනි දෑ ඇති විම දැක ගත හැකිය.


අප බොහෝ අවස්ථාවල විෂබිජ නාශක ටයිල් පිරිසුදු කිරිමට,ඇද ඇතිරිලි පිරිසිදු කිරිමට මෙන්ම දොර ජනෙල් මෙන්ම මුළුතැන්ගෙයි විවිධ උපකරණ පිරිිසිදු කිරිමට මෙන්ම වැසිකිලි , නාන කාමර  පිරිසිදු කිරිමට ද භාවිතා කරනවා එහිදි මේවා බොහෝ විට සමට ද අහිත කර වෙනවා.ඒ නිසා විෂබීජ නාශක භාවිතා කිරිමේ දි සැලකිලිමත් විය යුතුයි.ගර්භනි අය මෙන්ම කුඩා ළමුන්ට ද මෙම විෂබිජ නාශක පිරිස්සමින් භාවිතා කල යුතුයි.එනම් දරුවන්ගේ සම ඉතා සුමුදු බැවින් මේවා තැවරුණ විට අහිත කර විය හැකිය.මේවා වැඩිහිටියන්ට ද අහිත කරයි.එනම් මේවාගේ බොහෝ දුරට ඇත්තේ බ්ලිචිං සහ නිකොටින් වන බැවිනි.



ස්වාභාවික විෂබිජ නාශක සොයා ගැනීම අපහසු කාර්යක් වන අතර බෝහෝ අය වෙළදපලේ ඇති විවිධ නිෂ්පාදන වලින් යුතු විෂබිජ නාශක භාවිතා කිරිමට හුරු වි සිටියි.නමුත් විෂබීජ නාශක තෝරා ගැනිමේදී ප්‍රමිතියෙන් යුතු අතුරු ආභාද අඩු විෂබිජ නාශක තෝරා ගැනිමට අප සැලකිලිමත් විය යුතුයි.

මෙහිදි අප ප්‍රමිතියෙන් යුතු විෂබීජ නාශක තෝරා ගැනිමේ දී අප මුලින්ම බැලිය යුත්තේ එම නිෂ්පාදනයේ  ph අගයයි.ph අගය 7 ක් පමණ තිබේ නම් එය භාවිතයට සුදුසුයි.

එසේම විෂබිජ නාශක භාවිතයේ දී අප අත් මේස් යොදා ගත යුතුයි.පාවහන් පෑළදීම ද අනිවාර්යය වෙනවා.
සමහර අවස්ථාවල මෙම විෂබිජ නාශක රසායන වර්ග ගොඩක් යොදා ගෙන නිෂ්පාදනය කරන ලද ඒවා භාවිතා කිරිම සුදුසු නොවේ ඒවා ජලය සමග අහිතකර ලෙස ප්‍රතික්‍රියා කර එය ශරිරයට ද අහිත කර වෙයි.

වැසිකිලි වැනි දෑ පිරිසිදු කිරිමට යොදා ගන්නා විෂබිජ නාශක ටයිල් බිම වැනි දෑ පිරිසිදු කිරිමට යොදා ගැනීමෙන් වලකින්න.එය සුදුසු නොවේ.එයට අදාල විෂබිජ නාශකයෙන් පමණක් පිරිසිදු කරන්න.තවද අධික සුවදින් හෝ සැරකින් යුතු විෂබිජ නාශක ද භාවිතා කිරිමෙන් වලකින්න.එනම් ඒවා සෝදා අවසන් කල ද ඒවාගේ සුවද හෝ සැර ආශ්වාශ විමෙන් හුස්ම ගැනිමේ අපහසුතා ඇති විය හැකියි. 

විෂබීජ නාශක යොදා සේදු පසු ඒවාගේ රසායනික ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම ඉවත් නොවේ.එම නිසා ලෙමන් දෙහි,ලුණු දියර හෝ කහ දියර වැනි ස්වාභාවික දේවල් යොදා ගෙන නිවසේ බොහෝ දෑ පිරිසිදු කිරිම කල හැකිය.එවිට විෂබිජ නාශක වලින් වන හානිය වලක්වා ගත හැකිය.

 Publishing Date: 2018.12.25
proudly presented by හසරැල්.කොම්

Monday, December 24, 2018

කතුරුමුරංගා ආහාරයට ගන්නවාද ? ඔබට සිදුවන දේ දැනගන්න

කතුරුමුරුංගා කියන්නේ ඖෂධිය ගුණයෙන් ඉහල ආහාරයක් වෙනවා.මේවා අපි ව්‍යංජන ,මැල්ලුම්,සම්බෝල ආදි ලෙස සකසා ආහාරයට ගන්නවා.නමුත් කතුරුමුරුංගා කොළ කැද  ද ඉතා විශේෂ ගුණයකින් යුක්ත වෙනවා.මෙම කතුරුමුරුංගා වල කාබෝහයිඩ්ට්‍රේට් ,ප්‍රෝටීන්,තන්තු සහ ඛනිජ ලවන ,කැල්සියම්,විටමින් සී,කැරෝටින්, පොලේට් ඇසිඩ් ආදි දෑ අන්තර්ගත වෙනවා.


කතුරුමුරුංගා  ආහාරයට ගැනිමෙන් ඔබට ලැබෙන වාසි

  • උණ රෝගින් සදහා වඩාත් ගුණ දායක වේ.
  • ඇස් වලට හිත කරයි.(රාත්‍රි අන්ධතාවය ඇති වීම වළක්වයි)
  • හදවත් රෝග වලින් ආරක්ෂා කරයි. 
  • අධිරුධීර පීඩනය අඩු කරයි.
  • අංශභාගය වැනි රෝග ඇති වීමේ අවධානම අඩු කරයි.
  • ගර්භනි කාන්තාවන්ට ඉතා ගුණදායකයි.
  • ලේ හිග කමෙන් පෙලෙන අයට ගුණදායකයි.
  • කතුරුමුරුංගා මැල්ලුම් ආහාරයට ගැනිමෙන් සමේ නිරෝගි බවද ඇති කිරිම මෙන්ම මෙහි අඩංගු යකඩ ෆෝලේට් අඩංගු නිසා හිසකෙස් නිරෝගීතාව ඇති කරයි.
  • සෙම් රෝග වලක්වයි.
  • මලබද්ධය ඇති අයට ගුණදායක වෙයි.
  • පණුරෝග සදහා ද ගුණයි.
  • පීනස අමාරුව ,හිසරදය වැනි රෝග වලින් පෙළෙන අයට ගුණදායක වේ.

මෙම කතුරුමුරුංගා මැල්ලුම් මෙන්ම එය හොද්දක් ලෙසද සාදා ගත හැකිය.මැල්ලුම් කැමට අකමැති අයට රතු ලුණු ,අමුමිරිස්,කරපිංචා ,උම්බලකඩ,උළුහාල්  සමග පොල් කිරි මිශ්‍ර කර හොද්දක් සාදා එයට කතුරුමුරුංගා කොළ මිටක් පමණ දමා රසවත් ව්‍යාංජනයක් සාදා ගත හැකිය.
මෙය කටේ තුවාල සෑදෙන අයට, සිරුරෙන් රුධිරය පිටවෙන අයට  ඉතා ගුණදායක වේ.මෙයට කතුරුමුරුංගා මල් ව්‍යාංජනය  වඩාත් ගුණදායක වෙනවා.මේ ආකාරයට විශ්මිත ගුණයක් මෙම කතුරුමුරුංගා වල අන්තර්ගත වෙනවා.

 publishing Date : 2018.12.24
Proudly Presented by හසරැල්.කොම්

Sunday, December 23, 2018

ඔබ දැන සිටියා ද? Smart Phone භාවිතයෙන් ඔබට සිදු වන හානි

ජංගම දුරකථනය වත්මන් පරපුරේ ජනප්‍රියම විලාසිතාවක් බවට පත්ව ඇත.මේ වන විට බොහෝ දෙනෙක් මෙම ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වී සිටියි. මෙම දුරකථන භාවිතා කිරිමේන් වත්මන් පරපුර රෝගාබාද රුසකට මුහුණ දෙන බවනම් සෑබැවකි.එනම් 



  • ශ්‍රවන ආභාද ඇති කරයි.
වර්ථමානයේ බොහෝ අය දුරකථනයේ පැය ගණන් සංවාද වල නිරත වෙන බව ඔබ දැක ඇත.තවද Ear Phone පැළද සිටිම ද දැක ගත හැකි අතර ශබ්දය වැඩි කර භාවිතා කරයි.මේ නිසා බොහෝ අයට කනේ ස්නායු වලට හානි සිදු වී ශ්‍රවනාභාද ඇති වීමට ඉඩ ඇත. 

  • ඇස් පෙනිම බොද කරයි.
 නිතර ජංගම දුරකථන භාවිතය නිසා ඇස් වලට හානි සිදු වන බව සොයා ගෙන ඇත.මෙයින් නිකුත් කරන තරංග මගින් ඇස් වලට හානි කර වේ.එම තිරය මගින් නිකුත් කරණ ආලෝකය මගින් ඇසේ සුදු ඉංගිරියාවට හානි වීම මෙන්ම වයසට යාමත් පෙර බොද වී පෙනෙයි.
සමේ ආසාදන
මෙම ජංගම දුරකථන නිෂ්පාදනය සදහා යොදා ගන්නා ලෝහ වැනි සංඝටක මගින් සමට අහිතකර වේ මේ හේතුවෙන් සම මත රතු ලප වැනි දෑ ඇති වේ.


  • මානසික ආතතිය වීම
මෙම ජංගම දුරකථනය භාවිතයෙන් මනස විකෘති වේ .තවද බොහෝ අය  දුරකථනය සදහා ඇබ්බැහි වී සිටියි.එය විද්‍යූත් සංනිවේදන දුර්ත අක්‍රමතාව ලෙසද හදුන්වයි.බොහෝ අය නිතර නිතර දුරකථනය පරික්ෂා කර බලයි.නිතර නිතර සමාජ ජාලා වෙබ් අඩවි පරික්ෂා කිරිමෙන් පුද්ගලයාගේ මානසික සුවය නැති කරයි.

  • නින්දට භාදා ඇති කරයි.
ශාරිරයේ සෞඛ්‍යට සෑම කෙනෙකුටම සුවබර නින්දක් අත්‍යවශ්‍ය වෙනවා. නින්දට යන මොහොතේ ජංගම දුරකථන භාවිතයෙන් නින්දට භාදා ඇති කරයි.එනම් මෙහිදි දුරකථනය මගින් නිකුත් වන කිරණ මගින් නිනිදට භාදා ඇති කරයි.

බෙල්ලට වේදනා ඇති කිරිම මෙන්ම මිනිසාගේ ක්‍රියාශිලිත්වය අඩු කරයි.
බොහෝ අය ජංගම දුරකතන භාවිතයේ දී බෙල්ල නවාගෙන කොදු ඇට පෙළ අවිධිමත් ලෙස තබා ගෙන සිිටියි.මේ හේතුවෙන් බෙල්ලේ වේදනාව සහ කොන්දේ වේදනාව ඇති වන බව කිව හැකිය.මෙය රෝග රුසකට හේතු වේ.

  • මොළයේ පිළිකා ඇති වීමට මෙන්ම නිසරු බවට ද හේතු වෙනවා.
මෙම ජංගම දුරකථන බොහෝ අය දවසේ වැඩි කාලයක් ගෙවන්නේ දුරකතනය සමගයි.එනම් මෙසේ දිගු කාලයක් එක දිගට දුරකතනය අනවශ්‍ය ලෙස භාවිතා කිරිමේන් එයින් නිකුත් වන කිරණ මගින් මොළයේ ස්නායු සෛල වලට හානි කරයි.එමගින් පිළිකා වැනි තත්ත්වයන් ඇති විය හැකිය.
තවද අධීක ලෙස ජංගම දුරකථන භාවිතය පිරිමින්ගේ නිසරු බවට ද හේතු වන බව විද්වතුන් පවසයි.

Publishing Date : 2018.12.23
Proudly Presented by හසරැල්.කොම්



ඔබේ නිවසේ අලංකාරය සදහා බිත්ති වලට යොදන වර්ණ පිළිබද ඔබ සැලකිලිමත් ද? එය නිවසට ගැළපෙනවා ද?

නිවසේ අපි අලංකාරයට යොදා ගන්නා වර්ණ කොපමණ දුරට එය අපේ නිවසට ගැළපෙන්නේ ද යන්න පිළිබදව අප සැලකිලිමත් විය යුතුයි.එනම් අප යොදා ගන්නා වර්ණ සමහර අවස්ථා වල ගැළපෙන්නේ නැති වන්න පුළුවන්.අද අපි ඔයාලට කියන්න යන්නේ ඔබේ නිවසට විවිධ ස්ථාන වලට භාවිතා කල හැකි  වර්ණ ගැනයි.


විසිත්ත කාමරය සදහා වර්ණ යෙදිම
නිවසක අලංකාරව තිබිය යුතු ප්‍රධාන අංගයක් ලෙස විසිත්ත කාමරය ගත හැකිය.නිවසට පැමිණෙන කෙනෙකුට මුලින්ම ඇස ගැටෙන්නේ විසිත්ත කාමරය නිසා ඒ සදහා නිසි අවධානයක් අප යොමු කල යුතුය. මේ සදහා සුදුසු වර්ණය වන්නේ තද වර්ණ සමග සුදු පැහැති වර්ණ යොදා ගත හැකිය.එනම් එක් බිත්තියක සුදු පැහැ හුරු වර්ණයක් යොදන විට අනෙක් බිත්තියේ තද වර්ණයක් යොදා ගනිමින් අලංකාර කර ගත හැකිය. 

 ‍
තවද ඔබේ නිවසේ පැරණි ගෘහ භාණ්ඩ ඇති නම් ඒවායේ වටිනා කම රුකෙන පරිදි වර්ණ තොරා ගත යුතුයි.තවද විසිත්ත කාමරය තුල විවිධ පැරණි ඡායාරූප ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවායේ වටිනාකම රුකෙන පරිදි දුඹූරු වර්ණ සහ සුදු පැහැයට හුරු වර්ණ යොදා ගත හැකිය.තවද ඔබේ නිවසේ වර්ණ යෙදිමේ දී සෝ්‍ෆාවේ තිබේන වර්ණයට අනුව  යොදන වර්ණ පිළිබද සැලකිලිමත් විය යුතුයි.

කෑම කාමරය සදහා වර්ණ යෙදිම

කෑම කාමරය සදහා වඩාත් සුදුසු වර්ණ වනනේ කහ සහ තැඹිලි වර්ණයයි.එනම් එළවළු  පළතුරු දර්ශනය වන පින්තුරයක්  ඒල්ලා ගැනිමත් කෑම මේසය මත පළතුරු වට්ටියක් වැනි දේවල් තැබිමෙනුත් අලංකාරයක් එක් කර ගත හැකියි.

නිදන කාමර සදහා වර්ණ යෙදිම

නිදන කාමර සදහා සුදුසු වර්ණ වන්නේ නිල් පැහැය ,තද දම් වැනි වර්ණ බෙඩ් හෙඩ්  එක පැත්තට යොදා අනික් පැති වලට සුදු පාටට හුරු වර්ණ  යොදා ගත හැකිය.තවද ගෘහ පතියා සහ ගෘහනියගේ ඡාය රූප කාමරයේ බිත්ති වල දර්ශනය කිරිම ද සුදුසු වේ.
තවද දරුවන්ගේ කාමර වලද වර්ණ යෙදීමේ දී ඔවුන්ගේ රුචිය පිළිබදවද සැලකිලිමත් විය යුතුයි.එනම් කුඩා දරුවකුගේ කාමරයක් නම් හැකිතාක් ලා වර්ණ යෙදිය යුතුයි.තවද පාඩම් කරන වයසේ ළමයකු සිටියි නම් කහ හෝ ළා කොළ වැනි වර්ණ යොදා ගත හැකිය.

Publishing Date : 2018.12.23
Proudly Presented by හසරැල්.කොම්