{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Saturday, December 22, 2018

විස්මිත බලයක් ඇති කෝමාරිකා

ගෙවත්තට මෙන්ම  ඔබේ රුවට ද සොදුරු පෙනුමක් එක් කරන ඖෂදියමය ගුණයකින් යුක්ත කෝමාරිකා ගැනයි අද අපි ඔයාලට කියන්න යන්නේ.


මෙම කෝමාරිකා මගින් සිරුරට සිසිලක් එක් කරන අතර මෙය වර්තමානය වන විට සෑම ගෙවත්තකම වගේ දක්නට ලැබෙනවා.මෙය වානිජමය වටිනාකමක් ඇති ශාකයක් බවට ද පත්ව ඇත.

මෙය කාන්තාවන් විසින් රූපලාවන්‍ය කටයුතු වලට ද යොදා ගන්නවා.තවද විවිධ රෝග සදහා ද භාවිතා කෙරේ.එනම් ආහාරයක් ලෙස භාවිතයට ගන්නා බව ද සදහන් කල හැකිය.එනම් කෝමාරිකා වලින් ව්‍යංජනයයක් ලෙසද මැල්ලුමක් ලෙසද කැද ,බීම වශයෙන්ද විවිධ ලෙස ආහාරයට එක් කර ගනියි.මෙහිදී එම කෝමාරිකා පිත්තේ ඇති ජෙලි  කොටස තෝරා ගන්නවා.


මෙම කොමාරිකා වල ඇති ජෙලි කොටස ශරිරයට ඉතා ගුණයි.මෙම කොමාරිකා මගින් ශරිරයේ විෂ නසන ගුණය පවතියි.තවද පිළිකා සෛල විනාශ කිරිමේ ගුණය ද මෙම කෝමාරිකා සතුව පවතියි.තවද උදෑසන හිස්බඩ කෝමාරිකා ජෙලි තේ හැන්දක් ආහාරයට ගැනීම මගින් ,පපුවේ වේදනාව,උදර වේදනා වල මෙන්ම අම්ල පිත්තය හෙවත් ගෑස්ට්‍රයිටීස් වැනි රෝග වලට ද ගුණදායක වේ.

මෙම කෝමාරිකා ජෙලි වල බැක්ටීරියා නාශක ගුණය ඇත.තවද ආමාශයේ ඇති වන අම්ල ශ්‍රාව ගැලිම වැලැක්වීමටත් එහි ඇති තුවාල සුව කිරිමේ හැකියාවක් මෙම කොමාරිකා සතුව පවතිනවා.

තවද මෙය අක්මා රෝගින් සදහා ද ගුණදායක වේ.අක්මාව ආශ්‍රීත තෙල් තැන්පත් වීම ආදි රෝග සදහා කෝමාරිකා ජෙල් කැද ලෙස සාදා පානය කිරිම ඉතා ගුණදායක වේ.

Publishing Date : 2018.12.22
Proudly Presented by  හසරැල්.කොම්

Friday, December 21, 2018

චෛත්‍යය පිරිසිදු කිරිමෙන් ලැබෙන ආනිසංස

අද අපි කියන්න යන්නේ ඉතාමත් වටිනා වැදගත් කරුණක්.සිංහල බෞද්ධයන්ට මෙය වැදගත් වේවි.







  • දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම.
  • සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම.
  • අංග සම්පුර්ණ රූමත්  සිරැරක් ලැබීම.
  • ශරිරය රන් වන් පැහැ ඇති වීම.
  • ඉතාමත් මෘදු සිනිදු සමක් ලැබිම.
  • ශරිර‍යේ කුණූ දුවිලි  නොරැදීම.
  • දුගද හමන දහඩිය  නොගැලිම.
  • රෝග නොවැළදීම.
  • කුෂ්ඨ ,දද.හොරි,පිළිකා ආදිය නොවැළදීම.
  • සතුරන් ඇති නොවීම.
  • චිත්ත  පීඩා ඇති නොවීම.
  • සොර,ගිනි,ජල ,සතුරු ,රාජ බියක් හෝ අනතුරක් නොවිම.
  • පරමායුෂ විදිමට ලැබිම.
  • දැසි දස්සන් ආදී සැම කෙනෙක්ම කීකරු වීම.
  • ගමේ රටේ සියළු දෙනාම  තමන්ට කිකරු වීම.
  • භෝග සම්පත්,යසස් ,ශ්‍රීයා ඇත්තෙකු වීම හා කිසි බියක් සැකක් නැතිව ජිවත් වීමට හැකි වීම.
  • දෙවියෝ ද අසුරයෝද ,ගාන්දර්වයෝ ද ,යක්ෂයෝ ද යන යන තැන ආරක්ෂා කිරීම.
  • දෙවි මිනිසුන් අතර පමණක් හිද නිවනට පැමිණිමට ලැබිම.
  • මාර්ගඵල ,ධ්‍යාන ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබිම.




අසිරිමත් ශ්‍රී ලංකාව පිළීබද තොරතුරු


ශ්‍රී ලංකාවේ වර්ග ප්‍රමාණය - වර්ග කිලෝ මිටර්  65525
වෙරළ තිරයේ දිග - කිලෝ මීටර් 1620
උපරිම දිග - පේදුරු තුඩුවේ සිට දෙව්න්දර තුඩුව දක්වා කිලෝ මිටර් 432
උපරිම පළල - කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්වා කිලෝ මිටර් 224
උසින් වැඩිම ස්ථානය - පිදුරුතලාගල මීටර් 2524
දිගින් වැඩිම ගංගාව - මහවැලි ගග කිලෝ මීටර් 335
උසින් වැඩිම දිය ඇල්ල - බඹර කන්ද දියඇල්ල මීටර් 263
රට වටා මුහුදට ගලා යන ගංගා ගණන -  ගංගා 103 ක් ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය -  රන්දෙණීගල ජලාශය ජල ධාරිතාව ඝණ මිටර් මිලියන 860
ශ්‍රී ලංකාවේ උසම සානුව - හෝර්ටන් තැන්න උස මිටර් 2300 කි
ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය - නිල් මැණික
ජාතික ගීය - ශ්‍රි ලංකා මාතා
ජාතික වෘක්ෂය - නා ගස
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය - නිල් මානෙල් මල
ජාතික දිනය - පෙබරවාරි 4
ජාතික පක්ෂියා - වලිකුකුළා
ජාතික ක්‍රීඩාව - අත් පන්දු

Publishing Date : 2018.12.21
Proudly Presented by  හසරැල්.කොම්

ඔබේ සම නිතර කසනවා ද? ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවාද ?

සම කියන්නේ බොහෝම සංවේදි ඉන්ද්‍රියක් වෙනවා.ඉතින් ඔබේ සුන්දරත්වය පෙන්වීමට සම උපකාරි ‍වෙනවා.වර්ථමානය වන විට සමේ රෝග බොහෝ අයට දක්නට ලැබෙනවා.එයට හේතු වන්නේ පවතින දේශගුණික තත්ත්වයන් මෙන්ම වෙනත් හේතුන්ද බලපානවා.


සම මත කැසීම් ඇති වීමට හේතු වන්නේ යීස්ට් නම් දිලීරය මගිනි.සමේ මෙම දිලිරය සම මත ස්වාභාවිකවම පිහිටනවා.මේම යීස්ට් අසාදනය සම මත වැඩි වශයෙන් වර්ධනය වීම සම මත කැසීමට හේතු වෙනවා.බොහෝ අයගේ ගෙල,බෙල්ල,අත් පා,පිට ප්‍රදේශය ආශ්‍රිත කැසිමක් ඇති කරයි.වයස් භේදයකින් තොරව මෙම ආසාදන පුද්ගලයාට ඇති වේ.


රෝග ලක්ෂණ 

  • සම මත සුදු ,රෝස,දුඔුරු ,කහ පැහැති ලප ඇති වීම.
  • සම මත  අධිකව කැසිමක් ඇති වීම
  • කසන විට රතු පාට බිබිලි ඇති වීම මෙන්ම කසන ස්ථානයේ දැවිල්ලක් ද ඇති විය හැකිය.



සම කැසීමට හේතු 


  • අධිකව දහඩිය දැමිම
  • උණුසුම් කාලගුණයක් ඇති විට
  • අධික තෙල් සහිත සමක් ඇති අයෙකුට
  • ප්‍රතිශක්තිය අඩු වු විට සම මත යීස්ට් දිලිරය වැඩියෙන් වර්ධනය වීම 

ප්‍රතිකර්ම


මේ සදහා වෛද්‍යවරයකු නියම කරන පිළිවලට ප්‍රතිකාර ගැනීම සිදු කල යුතුයි.එමෙන්ම මෙය වෙනත් කෙනෙකුට බෝ වීමට ද ඉඩකඩ ඇති අතර බෝ නොවන සේ පරිස්සම් වන්න.තවද රෝග ලක්ෂණ පෙන්වන විටම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්න.නැතිනම් රෝගය ශරිරය පුරා පැතිරිමට ඉඩ ඇත.ප්‍රතිකාර කිරිමේදී රෝගය සම්පුර්ණයෙන්ම සුව වන තෙක් කරන්න.අතර මග ප්‍රතිකාර කිරිම නවත්වන්න එපා.සම පිරිසිදුව තබා ගන්න.  අධිකව දහඩිය දමන අයෙකුනම් දහඩිය උරා ගන්නා ඇදුම් ඇදීමට සැලකිලිමත් වන්න.

Publishing Date :2018.12.21
Proudly Presented by හසරැල්.කොම්

ලස්සන වෙන්න සිවිකාච භාවිතා කරනවාද ? එවැනි අයට වැදගත් වන උපදෙස්



රුපලාවන්‍ය ක්‍රමයක් ලෙස සිවිකාච පළදින්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මෙන්ම සිිවිකාච පළදින අයට මෙය වැදගත් වේවි.
සිවි කාච තෝරා ගැනීමේ දී අපි මුලින්ම දැනගත යුතු දෙයක් වන්නේ එය අපි පාවිච්චි කරන්නේ කොපමණ කාලයකටද කුමණ වර්ගයේ එකක්ද යන්න පිළිබදව අප දැන ගත යුතුයි.
ඇස් වලට අප සිවිකාච පැළදිමේදි මෘදු සිවිකාච තෝරා ගැනීම වැදගත් වෙනවා.එය තමාගේ ඇස් වලටද පහසු වේ.මේවා වර්ණ කිහිපයකින් යුක්ත වෙනවා.
මෙම සිවිකාච පැළදිමේදී  සිටින විට සහ ස්නානය කරන විට  ගලවා ඉවත් කල යුතු වෙනවා.මෙම සිවිකාච පැළදීමේ දී උපරිම කාලය පැය 12 ක් පමණ වෙනවා.
නමුත් දෘඪ සිවිකාච එක දිගට දින 7 සිට 30 දක්වා  පැළදිය හැකිය.මෙය මුලදි තරමක් ඇසට අපහසුවක් දැනෙන අතර මෙහි මිල නම් ඉතා ඉහළ අගයක් ගන්නවා.


ඔබ සිවිකාච තොරා ගැනීමේ දී කිහිපයක් භාවිතා කර තමාගේ ඇසට පහසු මෙන්ම ගැළපෙන  සිවිකාච තෝරා ගැනිම වැදගත් වෙනවා.


  • සිවිකාච භාවිතා කිරිමේ දී දැනගත යුතු කරුණූ 
  • සිවිකාච පැළදීමේදී හෝ ගැළවීමේ දී දැත් පිරිසිදුව තබා ගන්න.
  • වරක් වෙනත් අයකු පැළදු සිවිකාච පැළදිමෙන් වලකින්න.එනම් වෙනත් අය පැළදු සිවිකාච පැළදීමෙන් අක්ෂී අසාදනයන් ඇති විය හැකිය.තමාට වෙනම සිවිකාච පැවිච්චියට ගන්න.
  • කල්ඉකුත් වු සිවිකාච පැළදිමෙන් වලකින්න.
  • වරක් පාවිච්චි කල සිවිකාච ලබා දුන් විෂබීජ නාශක දියර වලින් පිරිසිදු කොට නැවත භාවිතයට ගන්න.
  • ඔබ ගලවා නැවත භාවිතයට එම සිවිකාච තබන විට ඒවා තබන උපකරණයේ නිවරදිව තැන්පත් කර තබන්න.
  • සිවිකාච භාවිතයේදී යම් අපහසුවක් දැනුනොත්  එය භාවිතා කිරිම නවත්වා වෛද්‍යවරයකුගේ සහය  ලබා ගන්න.
 Publishing Date : 2018.12.21
Proudly Presented by හසරැල්.කොම්

Thursday, December 20, 2018

මිග්‍රේන් හෙවත් ඉරුවාරදය නිසා ඔබත් පිඩා විදිනවාද ?



අද අපි ඔයාලට කියන්න යන්නේ වර්තමානයේ බෝහෝ දෙනෙක් පීඩා විදින කාරනාවක් ගැනයි.එනම් බොහෝ දෙනෙක් අද වන විට හිසරදයෙන් පීඩා විදිනවා.අද අපි එවැනි අයට වැදගත් තොරතුරුයි රුගෙන ආවේ.
අපි මුලින්ම ඉරුවාරදය නැතිනම් මිග්‍රේන් ලෙස හදුන්වන රෝගය ලෙස හදුන්වන්නේ හිරු උදාවෙන විටම සෑදෙන මෙම රෝගය හිරුගේ රශ්මිය වැඩි විට රෝග ලක්ෂණ වැඩි පුර පෙන්වන අතර හිරු බැස යාමත් සමග හිසරදය සුව වේ.මෙහිදි මොළයේ රුධිර නාල වල වෙනස් විමක් මෙයට හේතු වේ.
මෙම රෝගය සැදිමට හේතු ලෙස තෙල් අධික ආහාර වැඩිපුර ගැනීම ,රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර නිතර ගැනිම මෙන්ම මනසේ ඇති වන ආතතිය මෙම ඉරුවාරදය සදහා හේතු වේ.



මෙහි රෝග ලක්ෂණ ලෙස
    •  හිසේ පැත්තකින් හෝ දෙපැත්තකින් ඇති වන අධික වේදනාව
    •  ආලෝකයට මුහුණ දිය නොහැකි බව එනම් අන්ධකාරයට කැමති බව 
    • වමනය හෝ ඔක්කාර ගතිය.
    • කරකැවිල්ල
    • පෙනිමේ දුර්වලතා ඇති විම
    • අධික ශබ්ද දැරිය නොහැකි බව 


 මෙවැනි රෝග ලක්ෂණ පෙන්වන අතර මෙහිදි  මෙම රෝග ලක්ෂණ පවතින මුල් කාලයේ දී හිසරදය සෑදිමට පෙර පුද්ගලයා හට මලබද්දය, මානසික නොසන්සුන්තාවය ,පිපාසය වැනි රෝග ලක්ෂණ මතු වෙයි.මුල් කාලයේදී මෙම රෝග ලක්ෂණ පෙන්වන අතර මෙය දිර්ඝ කාලිනව මෙම ඉරුවාරදය පවති.එහිදී මෙයට වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි.තවද මිග්‍රේන් තත්ත්ව පමණක්ම හිසරදය සදහා හේතු නොවේ.වෙනත් හේතුද හිසරදය සදහා බලපානු ලබයි.

 Publishing Date : 2018.12.20
Proudly Presented by හසරැල්.කොම්

ඔබට හිමි කෙස් වර්ගය අනුව ඔබේ ගතිගුණ බලන්න

අතීතයේ කෙනෙකුගේ දේහ ලක්ෂණ  අනුවද විවිද තොරතුරු සෘෂිවරුන් පැවසු අතර  කෙස් වර්ගය ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.එහිදි කෙනෙකුට හිමි කෙස් වර්ගය අනුව ද ගති ලක්ෂණ පැවසිය හැකිය.අද අපි ඔයාලට කියන්න යන්නේ ඒ ගැනයි.

දුඹුරු හිසකෙස් - මෙවැනි අය මුරණ්ඩු සිතින් කටයුතු කරන තම මතයේම සිටින මුරණ්ඩු ගති ඇති අයයි.
එකට පැටලුණු අවුල් වු අගට යන විට මහත් වු හිසකෙස් - මෙවැනි හිසකෙස් ඇති ස්ත්‍රීන් අවාසනාවන්තය.
තමන්ට හැසිරිය නොහැකි කේශ කලාපයක් ඇති ස්ත්‍රිය - මෙවැනි ස්ත්‍රිය වාසනාවන්ත නොවේ.මැය ලද දෙයින් සතුටු නොවන අතර හැම විටම අසතුටින් කල් ගෙවයි. ඉතා සුලු දේවල් වලට පවා කෝප වෙයි.විවාහයෙන් පසුවද තම ස්වාමියා සමගද රණ්ඩු වෙයි.
ඉතා දික් වු මහත් වු කෙස් ඇති ස්ත්‍රීන් -  මැයගේ ස්වාමියා අවාසනාවන්ත ලෙස මිය යයි.
හිසකෙස් අගින් කැරලි ගැසුණු  ස්ත්‍රීන් - වාසනාවන්ත වන අතර බෝහෝ සැප සම්පත් ලබමින් ජිවත් වීමට වාසනාව ඇති අය වේ.
හිසකෙස් අඩු ස්ත්‍රීය - මෙවැනි අය අවාසනාවන්ත වේ. 
සෘජු හිසකෙස් පිහිටි කාන්තාව හෝ පිරිමින් - මෙවැනි අය තුල දැඩි අධිෂ්ටානයෙන් යුතුව කටයුතු කරන අතර ඉතා ඉක්මණින් උසස් තත්ත්වයට පත් වේ.දුක්කම් කටොලු උපේක්ෂාවෙන් විද දරා ගනි. තම ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන මොවුන් කා අතරත් ජනප්‍රිය වේ.
හිස කෙස් රුලි ගැසි උඩට එසවී ඇති  ස්ත්‍රීන් - මොවුන්ට උසස් පුද්ගලයින්ගේ ඇසුර ලැබිමට හැකි වේ.
කලු පැහැති ඝණව කොණ්ඩය ගැහැනියකගේ පිහිටි විට - තමාගේ අශාවන් කෙරෙහි හිත යොමු කරයි. තම ස්වාමියාට දැඩිව ආදරය කරයි.හැම විටම සතුටින් කාලය ගෙවයි. 
කලු පැහැති ඝණව මටසිලුටුව කොණ්ඩය  පිරිමියකුගේ පිහිටි විට - ඔහු තුළ ශාන්ත ගතිගුණ  ඇති ධෛර්ය සම්පන්න  ඉක්මණීන් කෝප නොවන ගතිගුණ වලින් යුක්ත වේ.මොවුන් පටන් ගත් වැඩ අවසාන තෙක් කිරිමට  කම්මැලි වේ.
කාල වර්ණ වු වකුටු වු කැරලි සහිත හිසකෙස් පිහිටි පිරිමි - මෙවැනි අය බීමට ඇබ්බැහි වු අය වන අතර අනවශ්‍ය ලෙස වියදම් කරන කලකොලාහල් වලට සම්බන්ද වන අය වේ.දැඩි ආවේගශිලි  නපුරු ගතිලක්ෂණ ඇති පුද්ගලයින් වේ.
තලෙලු පාට හිසකෙස් ඇති පිරිමි -  ආගම පිළිබද දැඩි ඇල්මෙන් කටයුතු කරන පුද්ගලයෝ වෙයි.

Publishing Date : 2018.12.20
Proudly Presented by හසරැල්.කොම්

අපල වලට මැණික් පළදිනවාද ? එය ඔබේ අපල වලට සුදුසුම මැණීක් වර්ගය ද?



ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයාල හැමොටම වැදගත් කාරණාවක් ගැනයි.වර්තමානයේ බොහෝ දෙනා අපල සදහා විවිධ දේවල් කරනවා.එහිදී අපල සදහා මැණීක් වර්ග පළදින ඔබට මෙය වැදගත් වේවි.
වර්තමානයේ අපල අඩු වීමට මැණීක් වර්ග වලින් යුතු ආභරණ පළදිනවා.මෙහිදි පලුදු නොවු මැණීක් වර්ග පැළදීම සුදුසු වන අතර එය ශරිරයේ ස්පර්ශ වන ආකාරයට පැළදීම සිදු කල යුතුයි.

පද්මරාග -මෙම මැණික් වර්ග පැළදිමෙන් ධනය ,බලය,නායකත්වය  වැනි දෑ ලැබෙන බව පවසයි.මෙය රතට හුරු නා දල්ලක පාටින් යුක්තයි.

මුතු-   සදු ග්‍රහයාගේ බල පෑම ඇති විට  මුතු පළදියි.මුතු විවිධ වර්ණයන්ගෙන් යුක්ත වුවත සුදු හා රතු පැහැයෙන් යුතු මුතු ග්‍රහ අපල සදහා සුදුසු වේ.මානසික ආතතිය දුරු කිරිම,අධ්‍යාපනයේ දියුණුව  ,දිර්ඝායුෂ ලැබෙන බව ජොතිෂ්‍යෙවේදයේ  කියවේ.

රතු මැණික්  - මෙම මැණීක් පැළදිමෙන්  ධෛර්ය වර්ධනය කර ආයුෂ වර්ධනය කරන බවද කිය වේ.මෙය කුජ ග්‍රහයා අධිපති වේ.

වෛරොඩි - මේවා කේතුට අයත් මැණීකක් වෙයි.මිනිසාට අපල ඇති විට මෙම මැණීක් පැළදිමෙන් ඉතා ඉක්මණින් නැති වන බව පවසයි.ව්‍යාපාර දියුණුවට ,රෝගාබාද වලට ,විවිධ දේවල් වලින් ජයග්‍රහනය කිරිමට මෙම මැණීක් පැළදිමෙන් හැකි වන බව පවසයි.

දියමන්ති - සිකුරු ග්‍රහයා රිවි ග්‍රහයාට හිමි දියමන්ති පැළදිමෙන් සතුරු බිය හා විෂ මර්ධනය කරන බව කිය වේ.

පුෂ්පරාග - කහ පාටින් යුක්ත මෙම මැණික  බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාගේ අපල වලට යෝග්‍යයි.මෙම මැණික් පැළදීමෙන් දරුවන් නැති අයට දරුඵල ලැබෙන බවද , නුවන ලැබෙන බවද කිය වේ.තවද ධනය බලය කිර්තිය ලැබෙන බවද කිය වේ.

ඝෝමේද - රාහු ග්‍රහයාට සම්බන්ධ අපල වලට මෙම මැණික් වර්ග පළදින බව කියවේ.

මරකත (පච්ච) -  මෙය කොළ පැහැති දිදුළන මැණිකකි.මෙම මැණික බුද ග්‍රහයාට අයිති එකකි.සුභ කටයුතු වලදී මෙම මැණික් යොදා ගැනිමේ දී එහි පැහැදිලි බව මෙන්ම දිස්නය ගැන ද සැලකිලිමත් විය යුතුයි.මෙම මැණීක් පැළදීමෙන් බුද්ධිය වර්ධනය වන බවද කිය වේ.

Publishing Date : 2018.12.20
Proudly Presented by හසරැල්.කොම්

Wednesday, December 19, 2018

කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි ජනපති සන්දාන මන්ත්‍රීන්ට කියයි.






හෙට දිනයේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්දාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා  පවසනවා.සන්දාන මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර අද පස්වරුවේ  පැවති සාකච්චාවේ දී ජනාධිපතිවරයා මේ බව සදහන් කල බව පවසයි. 

ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්දාන මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා සදහන් කලේ හෙට දිනයේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමට නියමිත බවයි.

Publishing Date : 2018.12.19
Proudly Presented by  හසරැල්.කොම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසිලන්ත තරග සංචාරය



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම  අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා විය.තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණූ 282 ක් ලබා ගන්නා ලදි.මෙහිදි දිමුත් කරුණාරත්න ලකුණු 79 ක් ද ඇන්ජලෝ මැතිවුස් ලකුණු 83 ක් ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණූ 80 ක් ද ශ්‍රී ලංකා පළමු ඉණීම වෙනුවෙන් රුස් කර ගන්නා ලදි.


මෙහිදි  නවසිලන්ත කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු  Tim Southee කඩුලු 6 ක් ලබා ගන්නා ලදි.පසුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 578 රුස් කර ගන්නා ලදි.එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වු Latham නොදැවී ලකුණු 264 ක් ලබා ගන්නා ලදි.
මීට අමතරව නායක William son ලකුණූ 91 ක් ද Ross Taylor ලකුණූ 50 ක් ද Henry Nicholls ලකුණු 50 ක් ද  ලබා ගන්නා ලදි.
එහිදි ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර කඩුලු 4 ක් ද ලබා ගන්නා ලදි.එහිදි දෙවනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණූ 13 කට දැවි ගිය අතර පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිවුස් වාර්තාගත සම්බන්දතාවයක් තබමින් හතර වන කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 274 ක සම්බන්දතාවයක් පවත්වන  ලදි.එහිදී කුසල් මෙන්ඩිස් නොදැවි ලකුණු 141 ක් ද ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණූ 120 ක් ද ලබා ගන්නා ලදී.

Publishing Date : 2018.12.19
Proudly Presented by හසරැල්.කොම්

Tuesday, December 18, 2018

දන්තාලේප දත් මදින්න විතරම ද?

ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ගැනයි.ඔයාලා දිනපතා පාවිච්චි කරන දන්තාලේප වලින් කරන්න පුළුවන් දේවල් ගැනයි අද අපි ඔයාලට කියන්න යන්නේ. මේ දේවල් ඔයාලගේ ජිවිතේට වැදගත් වේවි.


  • ඇලුමිණියම්,රිදි භාණ්ඩ වැනි දෑ වල දිප්තිමත් භාවය ලබා ගැනිමට  දන්තාලේප ස්වල්පයක් දමා අතුල්ලන්න.එවිට එය කලින් තිබු දිස්නයම ලැබේවි.
  • ජංගම දුරකථන වල සිරිම් වැනි දෑ ඉවත් කර ගැනිමට, ලී මේස මත තිබෙන පර්මනට් මාකර් ඉරි මකා ගැනිමට දන්තාලේප ස්වල්පයක් දමා අතුල්ලන්න.
  • විදුලි ස්ත්‍රික්ක වල  ඇති වන කළු පාට පැල්ලම් ඉවත් කර ගැනිමට දන්තාලේප ස්වල්පයක් දමා අතුල්ලන්න.
  • වාහන වල විදුලි පහන් වල ඇති දුර්වර්ණ බව ඉවත් කර ගැනිමට දන්තාලේප ස්වල්පයක් දමා රෙදි කඩකින් අතුල්ලන්න.
  • රෙදි මත ගැවි ඇති පැල්ලම් ඉවත් කිරිමට දන්තාලේප ස්වල්පයක් ඒ මත තවරා  අතුල්ලා සොදා හරින්න.
  • සිරිමට ලක් වුනු CD , DVD තැටි යලි යතා තත්ත්වයට පත් කර ගැනිම සදහා දන්තාලේප ස්වල්පයක් දමා සුමුදු රෙදි කඩකින් පිස දමන්න.

Publishing Date : 2018.12.18
Proudly presented  by හසරැල්.කොම්

ඔබත් දියවැඩියා රෝගයෙන් පීඩා විදිනවා ද? දියවැඩියාව ඔබේ ශරිරයට ඇති කරන හානිය




අද වර්තමානයේ දියවැඩියාව  සෑම කෙනෙකුටම වගේ තිබෙන රෝගයක් වෙනවා.ඉතින් මෙම දියවැඩියාව රෝගය ඇති වීම වලක්වා ගැනිම අප කාගෙත් වගකිමක් වෙනවා.වර්තමානය වන විට කුඩා ළමුන් පවා මෙම දියවැඩියා රෝගයෙන් පීඩා විදිනවා.මෙම දියවැඩියා තත්ත්වය අපගේ ශරිරයට බලපාන අන්දම පහත දැක් වේ.

වකුගඩු රෝග වලට හේතු විම.
රුධිරයේ සිනි ප්‍රමාණය වැඩි වීමෙන් වකුගඩුවේ ක්‍රියාකාරිත්වයට හානිකර විදියට  බලපෑම් කරනවා.එවිට මුත්‍රා වල ප්‍රෝටීන් එක් විම වැඩි වෙනවා.එවිට මුත්‍රා මාර්ගය ආශ්‍රිත අවධානම් සහිත වෙනවා.

 ස්නායු පද්ධතියට බලපැම් කරයි.
 අප සිරුරේ ස්නායු පද්දතියේ ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපානු ලබයි.

ඇස් වලට  බලපැම් කරයි.
අප දියවැඩියා රෝගයෙන් පෙලෙන විට එය අපගේ ඇස් වල පෙනිමට බාදා ඇති කරයි.එනම් රුධිරයේ සිනි මට්ටම වැඩි වු විට අපගේ ඇස් පෙනිම දුර්වල කරයි.එහිදි බොද වි පෙනිම, ඉදිමිම,ඇසේ සුද, ග්ලුකෝමා වැනි තත්ත්වයන් ඇති විමට හේතු වේ.

මුඛ සෞඛ්‍යයට බලපායි.
දියවැඩියාව ඇති විට දත් හි විදුරුමස් රෝග ඇති විමට හේතු වෙනවා.එනම් දියවැඩියාව ඇති විට දත් පරිස්සම් කර ගැනිමට කටයුතු කරන්න.

 හදවත් රෝග වලට හේතු වීම.
මෙහිදි සිදු වන්නේ රුධිර නාල වල අහිත කර මේදය ,කැල්සියම් වැනි දැ රුධීර නාල වල තැන්පත් විමයි.මේ නිසා රුධිර ගමනා ගමනයට බාදා ඇති කරයි.

මධ්‍යම ස්නායු පද්දතියට දැඩි අවධානමක් ගෙන දෙයි.
දියවැඩියාව නිසා ස්නායු පද්දතිය නිසි ලෙස ක්‍රියා නොකල විට අධික ලෙස දහදිය දැමිම,සීතලක් , සිරුරේ වේදනාවක් ඇති වෙනවා.

මවු පදවියේ ගැටලු ඇති කරයි.
ගැබිනි සමයේ දී ස්වාභාවිකවම හෝමෝන වල ක්‍රියාකාරිත්වය  මගින්  දියවැඩියාවට  ඇති විමට බලපෑම් කරනවා. 

උදරයට බල පෑම් කරයි.
වෙහෙස , විජලනය , වැඩිපුර මුත්‍රා පිටවීම වැනි ලකුණූ ඇති වෙනවා.වමනය, ඔක්කාරය ,මල බුුරුලට යාම,පපුවේ දැවිල්ල වැනි දැ රුධිරයේ සිනි මට්ටම වැඩි වු විට ඇති වෙනවා.

සම වියපත් කරයි
මොවුනට සමේ රෝග ඇති වීමේ අවධානම ඉහලයි.තවද මොවුන්ට සමේ දිලීර හෝ බැක්ටිරියා ආසාදනය විීමේ අවධානම වැඩියි.පාදයේ ඇගිලි අතර ,අතේ අගිලි අතර මුවේ කෙලවර පලු ඇති වීමට ඉඩ ඇත.

Publishing Date : 2018.12.18
Proudly Presented by හසරැල්.කොම්

හැමදාමත් තරුණ පෙනුම රැක ගන්න කැමති ද? ඒ සදහා ගත යුතු ආහාර වර්ග




අපි හැමෝම කැමති දෙයක් තමයි  හැමදාමත් තමාගේ  තරුණ පෙනුම එකවගේ තියාගන්න.ඉතින් යාළුවනේ අද අපි ඔයාලය ගෙන ආවේ තමාගේ රුව ගැන හිතන කාටත් වැදගත් තොරතුරු කිහිපයක්.හැමදාමත් වයසට නොයා ඔයාගේ පෙනුම ඒ වගේම තියාගන්න කැමති කාටත් මෙය වැදගත් වේවි.ඒ සදහා ඔබ එදිනෙදා ආහාරයට එක් කර ගන්නා දේවල් මගින් ඔබේ තරුණ පෙනුම රැක ගන්න උපකාරි වෙනවා..පහත දැක්වෙන්නේ තරුණ බව රුක ගන්න කැමති කාටත් වැදගත් වන ආහාර වර්ග කිහිපයකි.


මාලු - මේ තුල විටමින් E සහ ඔමේගා  3 මේද අම්ල මෙහි ඇතුලත් වෙනවා. මාලු ආහාරයට ගැනිම මගින් ශරිරයට ප්‍රතිඔක්සිකාරක  ලෙසද ක්‍රියා කරනවා.

ධාන්‍ය වර්ග - මෙහිද ඔමේගා 3 මේද අම්ල සහ විටමින් E මෙහි ඇතුළත් වෙනවා.සම ඇදිමට ලක් කරනවා.  වෝල්නට්ස් ,ආමන්ඩ් ,කජු  වැනි දැ ඉතා වැදගත්ය. සම තරුණව පවත්වාගෙන යාමට අඩංගු විය යුතු විටමින් මෙහි ඇතුලත් වෙනවා.

අලිගැටපේර - මෙම පළතුර තුළ ශරිරයට හිතකර මේද මෙහි ඇතුලත් වෙනවා.වයසට යාම ප්‍රමාද කිරිමට මෙම පළතුර උපකාරි වෙනවා.

යෝගට් හා මී කිරි -  මෙහි  දි  සම අවපැහැ ගැන්විම සමේ රුලි වැටිම්, කුරුලැ ඇති විම  වලක්වා සම ඇදිමට ලක් කරනවා.තවද යෝගට් මුහුනේ ආලේප කිරිම ද කල හැකිය.මෙහි අඩංගු ලැක්ටික් අම්ලය මගින් මෙය සිදු කරයි.

දෙලුම්  - මෙහිද  හිතකර විටමින් C ඇතුලත් වෙනවා.තවද මෙම පළතුර තුළ අඩංගු පිළිකා නාශක ගුණය සහ බැක්ටිරියා නාශක ගුණය මෙහි ඇතුළත් වෙනවා.

මී පැණි - සමේ තෙතමනය නිසි අයුරින් පවත්වා ගෙන යාමට මී පැණි වැදගත් වෙනවා.මුහුනේ ආලේප කිරිම ද සිදු කල හැකිය.සීනි වෙනුවට මෙය ආහාරයට ගැනිම සිදු කල හැකිය.

බ්ලු බෙරිස් -බ්ලු බෙරිස් වල අඩංගු ප්‍රති ඔක්සිකාරක ගුණය මගින් සම තරුණව පවත්වා ගෙන යාමට හැකි වෙනවා.

දොඩම් - දෙලුම් තුල අඩංගු විටමින් සි නිසා සමේ ඇදෙන සුලු ස්වාභාවය වැඩි කර සම එල්ලා වැටිම හෝ රුලි වැටිම වලක්වයි. දිනපතා දොඩම් විදුරුවක් පානය කිරිම තුලින් වයසට යාම වලක්වා ගත හැකිය.

තක්කාලි - මෙයින් සමට හිිරු කිරණින් වන හානි වළක්වයි.මෙහි විටමින් c අඩංගු වෙනවා.මෙය ශරිරයේ පෝෂණයට ඉවහල් වෙනවා.

හරිත තේ -  මෙය ශරිරයට ඉතා ගුණ දායකයි.මෙහි හිරු  කිරණින් සම ආරක්ෂා කර ගැනිමට මෙය ඉවහල් වෙනවා.