{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Thursday, December 6, 2018

රටවල් වලට ආවේණික ජාතික ක්‍රීඩා




රටක් වශයෙන් ගත් කල ඒ රටෙහි ජාතික ගීය ,ජාතික භාෂාව ,ජාතික ක්‍රීඩාව  වශයෙන් රටකට ආවේණික අංගයන් දක්නට ලැබේ.ඒවා මගින් රටේ සංස්කෘතිය , අභිමානය විදහා දක්වයි.මේ අනුව විවිධ රටවලට ආවේණික වු විවිධ ජාතික ක්‍රිඩාවන් පවතිනවා.අද අපි ඔයාලට ගෙන ආවේ ඒවායින් තොරතුරු බිදක්...



ශ්‍රී ලංකාව - වොලිබෝල්
ඉන්දියාව - හොකි
ප්‍රංශය - ටෙනිස්
සෝවියට් රුසියාව - චෙස්
චීනය - බැඩ්මින්ටන්
ඇමරිකා එක්සත් ජනපදය - බේස්බෝල්
ස්පාඥ්ඥය  - ගොන්පොර
අයිස්ලන්තය - හිම ක්‍රීඩා
ස්විඩනය  - හිම ක්‍රීඩා
එංගලන්තය - ක්‍රිකට් ක්‍රිඩා/රගර්
කැනඩාව - අයිස් හොකි
භූතානය - දුනු ශිල්පය 
ජපානය - සුමෝ
දකුණූ කොරියාව - ටයික්වොන්ඩෝ
ස්කොට්ලන්තය - ගොල්ෆ්
ඇෆ්ගනිස්ථානයේ - බුස්කාෂි
ඔස්ට්‍රේලියාව - ක්‍රිකට්
නවසිලන්තය - රග්බි
වෙනිසියුලාව - බේස්බොල්
කියුබාව - බේස්බෝල්
බංගලාදේශය - කබඩි
රුසියාවේ - අයිස් හොකි

ඔබ උපන් දවස අනුව ඔබේ ගතිගුණ




සදුදා දින -  සදුදා දින ඉපදුන අය ඉතා වාසනාවන්තය.මොවුන් බොහෝ විට සුදු පාට ඇදුම් ඇදීමට ප්‍රිය කරයි.පරාර්ථකාමි ලක්ෂණ මොවුන්ගේ දැක ගත හැකියි.මෙදින උපන් කාන්තාවෝ තම ස්වාමි පුරුෂයාට ඉතා ආදරයෙන් සලකයි.තවද මෙම කාන්තාවන්  ධර්මයට ලැදිව කටයුතු කරයි.

 අගහරුවාදා දින -  මොවුන් වයසට ගියත් වැඩි වයසක් මොවුන්ගේ නොපෙනෙයි.මොවුන්ගේ ශරිරය වඩා උස් නොවු ශරිරයක් වෙයි.මොවුන්  තරමක් අහංකාර ගති ඇති  අතර  අනික් අය හට අණ දීමට කැමති වන අතර මොවුන්ව ලෙසියෙන් කාටවත් රුවටිය නොහැකි වන අතර රුවටීම් වලට හසු නොවෙයි. නමුත් මෙවැනි කාන්තාවන් අන්‍යයන් ආකර්ශනය කර ගත හැකි ලක්ෂණ මොවුන් තුල ඇති අතර සෑම කෙනෙක් සමගම සුහදව කටයුතු කරයි.

  බදාදා - වෛද්‍ය අංශයට මෙන්ම කලා කටයුතු වලට මොවුන් බොහෝ විට යොමු වේ.තවද මොවුන් නිතරම සිනහ මුසුව සිටින අයයි.

 බ්‍රහස්පතින්දා -  මොවුන් බුද්ධියත් අය වේ.මොවුන්ට උසට සරිලන ශරිරයක් හිමි වේ.මොවුන්ගේ නෙත් දුඹුරු පාටින් යුක්ත වේ.මොවුන් උපතින්ම ධනවත් වේ. මොවුන් තුළ මසුරු කම් දක්නට ලැබේ.

සිකුරාදා දින - මොවුන්ගේ මුහුණ පළල් ස්වභාවයක් පෙන්නුම් කරන අතර පැහැපත් ශරිරයකින් යුක්ත වේ.නාට්‍ය ,සංගීතය චිත්‍ර කලාව ආදියට දක්ෂය.මෙදින උපන් කාන්තාවන් රූමත් බවින් යුක්ත වන අතර පතිදම් රකින ස්ත්‍රින් වේ.තවද මොවුන් සැපවත් ජිවිත ගත කරයි.

සෙනසුරාදා දින -  මොවුන් බොහෝ විට සිත් පිඩා වලින් යුක්තව කටයුතු කරයි නමුත් කෙසේ හෝ බාධක මැද වුවත් ජිවිතේ ගෙන යයි.මොවුන්ගේ ශරිරය කෙට්ටු වන අතර දුර්වල ශරිරයක්ද වේ.මොවුන් කායික මානසික වශයෙන් පහත් තත්ත්වයකට ඇද වැටෙන අතර විවිධ දුෂ්කර අත්දැකිම් වලට මුහුණ දෙයි.

ඉරිදා දින - මෙදින උපන් කාන්තාවන් ඉතා බුද්ධිමත් වන අතර ගුණයහපත් කමින් යුක්ත වේ.මෙදින උපන් අයට කැරලි හිසකෙස් පිහිටයි.මෙදින උපන් අය කරන කාර්යයන් කුමක් වුවත් සාර්ථකත්වයට පත් වේ.මොවුන් බුද්ධිමත් බවින් යුක්තයි.

Wednesday, December 5, 2018

ඔබ කැමති පාට අනුව ඔබේ ගතිගුණ




තමා කැමති වර්ණයට අනුව මිනිසුන් ඇදුම් පැළදුම් භාවිතා කරයි.එනම් ඒවා තුලින්ද පුද්ගල පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කරයි.

විචිත්‍ර වර්ණ -  මොවුන්   ආඩම්බර රාගික හැගිම් අන්‍යයන් ආකර්ශනය කර ගන්නා ලක්ෂණ මොවුන් සතුව ඇත.
තද නිල් පාට - හිස් බව තනි කම වැනි ලක්ෂණයන්ගෙන් මොවුන් යුක්තයි.
සුදු පාට - කාරුණික ගුණය ඇති නායකත්ව ලක්ෂණ හෙබි අය ද  ආත්ම ගෞරවය ඉතා උසස් ලෙස සලකන බවද මෙයින් කිය වේ.
අළු පාට - බොහෝ විට නිෂ්ඵල ගමන් යෙදෙන අදුරදර්ශී ,හිතේ කලබල ගතිය මොවුන් තුල දක්නට ලැබේ.
රතු පාට - එඩිතර, සටන්කාමි, නිර්භිත ගති ලක්ෂණ පෙන්නුම් කරයි.
කොළ පාට - බුද්ධිමත් බව නියෝජනය කර පෙන්වන පාටයි.
කලු පාට -  මොවුන් උසස් වීම් නොලබන්නෝය .අසුභ ගති ලක්ෂණ  මෙයින් පෙන්වයි.


Tuesday, December 4, 2018

ඔබේ ලග්නයට අනුව ගැලපෙන වර්ණ සහ සුභ දවස්



ඔබේ ලග්නයට අනුව වර්ණ තෝරා ගැනිමෙන් ඔබගේ එදිනෙදා ජිවිතය වඩා යහපත් වනු ඇත.

මේෂ ලග්නය - රතු ,සුදු රෝස පාට සුදුසු වෙයි.අගහරුවාදා සිකුරාදා සෙනසුරාදා සුභ දවස් වෙයි.
වෘෂභ ලග්නය - රෝස සහ සුදු වර්ණ සුබ වේ.බදාදා දිනය ද සුබ දිනයක් වේ.
මිථුන ලග්නය - කහ සහ කොළ පාට සුබ වර්ණයන් වෙයි.බ්‍රහස්පතින්දා සුබ දිනයක් වෙයි.
කටක ලග්නය - සුදු හා කහ වර්ණය සුබ වේ. කොළ වර්ණය අසුබ වේ.අගහරුවාදා හා සිකුරාදා සුබ දිනයන්ය.
සිංහ ලග්නය - රතු හා කොළ මිශ්‍ර වර්ණ සුබ වේ.අගහරුවාදා ඉතා සුභ දවසකි.
කන්‍යා ලග්නය - කොළ හා කහ වර්ණ සුබ වේ.බදාදා සුභ දිනයකි
තුලා ලග්නය - තැඹිලි පාට ඉතා සුභ වේ. සිකුරාදා දින ඉතා සුභයි.
ධනු ලග්නය - සුදු,ක්‍රීම් පාට ,ලා නිල් , කොළ පාට සුබ වර්ණයන් වේ. බදාදා හා සිකුරාදා ඉතා සුභ දිනයන්ය.
මකර ලග්නය - සුදු,රතු, නිල් සුබ වේ. සිකුරාදා,අගහරුවාදා , සෙනසුරාදා සුබ දවස් වේ.
කුම්භ ලග්නය - රතු ,කහ ,සුදු වර්ණ සුබ වේ. බ්‍රහස්පතින්දා අගහරුවාදා සුබ වේ.
මින ලග්නය - සුදු කොළ වර්ණයන් සුබ වේ.



ඔබේ නිදන කාමරයත් මේ අකාරයද ? නැතිනම් ඇති වන දෝෂ




නිවසේ ඇති වැදගත්ම ස්ථානයක් ලෙස නිදන කාමරය සැලකිය හැකිය.තවද නිදන කාමරයක් නිවරදි දිශාවට ස්ථාන ගත වී ඇත්දැයි බැලිය යුතුය.
මේ අනුව වාස්තු විද්‍යානුකුලව සලකන කල නිදන කාමරය නිරිත දිශාවට සුභ බවද සදහන් කරයි.තවද ඊසාන , ගිණිකොණ දිශාවට ප්‍රධාන නිදන කාමරය අසුභ බවද සදහන් කරයි.ප්‍රධාන නිදන කාමරය නිවරදි දිශාවකට ස්ථානගත වීමෙන් යුවතිපති දෙදෙනාගේ සාමට සතුට සමගිය  ඇති වන බවද සදහන් කරයි.
තවද නිදන කාමරය ඇද තැබිමේ දී සැලකිලිමත් විය යුතුයි.එනම් ඇද කිසිම මොහොතක කාමරයේ පිහිටි කණ්නාඩියෙන් දර්ශනය වීමට නොතැබිය යුතුයි.එසේ කණ්නාඩියෙන් දර්ශනය වනවානම් අඹු සැමියන් අතර ගැටලු ඇති වේ.
තවද ඇදන් දෙකක් එකතු කර තැබිමද එතරම් සුභ නොවෙයි.එනම් ඇදට ඉහලින් බාල්කයක් , යට ලියක් ,බිම් එකක් වැනි දැ තිබිම මගින් ද අසුභ වෙයි.සිවිලිමකින් හෝ ආවරණය කිරිමේන් එය තරමක් දුරට මග හරවා ගත හැකිය.
තවද නිදන කාමරය තුල හිස දමන දිශාවද වැදගත් වෙනවා.එහිදි දකුණ සහ නැගෙනහිර දිශාව වඩා වැදගත් වෙනවා.බස්නාහිර දිශාවට මෘත ශරිර තියන දිශාව වන අතර එය ද සුදුසු නොවේ.තවද උතුරු දිශාවට හිස තැබිමෙන් රෝග  ඇති කරවන බවද වාස්තු විද්‍යාවේ කිය වෙයි.
තවද නිදන කාමරයක් නිසි ලෙස නොතිබිමෙන් දර ඵල පවා අහිමි වන බව කිය වේ.

Monday, December 3, 2018

ඔබ දැන සිටියා ද ? සුදුලුනු ආහාරයට නොගතයුතු රෝගින්





සුදුලුනු වල අඩංගු  පෝෂ පදාර්ථ රෝග සුව කිරිමට හේතු වුවත් සමහර රෝග සදහා සුදුලුනු සුදුසු නොවන අවස්ථා පවති.අප රෝගි තත්ත්වයකින් සිටින විට අප ගන්නා  ආහාර ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.එනම් අප ගන්නා අහාර වෛද්‍ය උපදේශ මත ගත යුතුයි.සුදුලුනු සමහර රෝග මර්ධනය කිරිම සදහා උපකාරි වුවත් සමහර රෝග සදහා නුසුදුසුයි.

  • රුධිර පිඩනය අඩු පුද්ගලයින්
සුදුලුනු ආහාරයට ගැනිම මගින් රුධිර පිඩනය පහල දමන අතර එවැනි රෝගින් සුදුලුනු ආහාරයට ගැනිම පාලනය කල යුතුයි.

  • ඇස් පෙනිමේ ගැටලු ඇති පුද්ගලයින්
 ඇස්වල රෝගාබාද ඇති පුද්ගලයින් සුදුලුනු පරිභෝජනය කිරිම නුසුදුසුයි.එමගින් රෝග තත්ත්වය වැඩි වෙයි.


  • අක්මා රෝගින්
මෙවැනි රෝගින් සුදුලුනු ආහාරයට ගැනිම ආහාර ජිර්ණ පද්දතිය ක්‍රියාශිලි කිරිමට හේතු වුවත් ඒ මගින් ඔක්කාරය වැනි තත්ත්වයන් ඇති වෙයි.මෙහිදි සුදුලුනු ආහාරයට ගැනිමෙන් බැක්ටිරියා ඉවත් කරනු ලැබුවත් වෛරස් විනාශ කර දෙනු නොලබයි.

  • සැත්කමට භාජනය කිරිමට නියමිත පුද්ගලයින්
ඔබ සැත්කමකට සුදානම් වි ඇති අයෙක්නම් ඊට සති දෙකකට කලින් වත් සුදුලුනු ආහාරයට ගැනිම වැලැක්විය යුතුයි.එනම් සුදුලුනු ආහාරයට ගැනිම මගින් අධික ලේ වහනය විමට හේතු වෙයි.

  • ගර්භනි කාන්තාවන් සහ කිරි දෙන මවුවරුන්
මෙවැනි අය මෙම කාල වලදි භාවිතයට ගන්නා බෙහෙත් වර්ග සමග සුදුලුනු ආහාරයට ගැනිමට නුසුදුසුයි.

 Publishing Date : 2018.12.03
Proudly Presented By : හසරැල්.කොම්