{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Saturday, November 24, 2018

වකුගඩුවේ ගල් ද එය හදුනා ගන්නේ කෙසේද ? ඒ සදහා ප්‍රතිකාර ඔබ දැන සිටියා ද ?





වකුගඩුවේ ගල් ඇති වු විට එය හදුනා අප හදුනා ගන්නේ කෙසේද එවිට පුද්ගලයා මුත්‍රා අසාදනයන් ඇති වෙයි.මේවා සාමාන්‍ය ප්‍රතිකාර වලින් සුව නොවන අතර   පසුව දැඩි ලෙස වේදනාවන් රෝගියාට ඇති කරයි.
එහිදී පහත රෝගි ලක්ෂණ රෝගියාට ඇති කරයි.

  • යටිබඩ කොර වීම
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • මුත්‍රා සමග රුධිරය පිට වීම
  • පාද ,උදරය  හෝ පිට කොන්දේ වේදනාව ඇති වීම.
  • ඉකිළි ප්‍රදේශය හෝ ලිංගික ප්‍රදේශය හා පිට කොන්ද  අධික වේදනා ගෙන දෙයි.
  • වමනය, ඔක්කාරය, උණ ඇති වීම. 
 
ප්‍රතිකාර

මෙහිදි ප්‍රතිකාර ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර තුර දිනකට අවම වශයෙන් වතුර ලීටර් 4 ක් වත් පානය කල යුතුයි.

  • කය වෙහෙසා වැඩ කරන්න එවිට වකුගඩු වල ගල් ඉවත් වීම සිදු වෙනවා.
  • මුත්‍රා පිට කිරිම බලහත්කාරයෙන් නවතාගෙන නොසිටින්න.
  • පිරිසිදු ජලය හැකි පමණ භාවිතයට ගන්න.
  • මත්පැන් භාවිතය අවම කරන්න.
  • පිරිසිදු එළවලු සහ පළතුරු ආහාරයට ගන්න.
  • තෙල් ,පිටි අධික ආහාර ගැනීම පාලනය කරන්න.
 
 


මිනුම් ඒකක වර්ග




අක්කර 1- රුඩ් 4
අක්කර 1-පර්චස් 160
අක්කර 1- වර්ග අඩි 43560
අක්කර 1- වර්ග දම්වැල් 10
අක්කර 1- වර්ග යාර 70
අක්කර 1/4 -වර්ග යාර 35
හෙක්ටයාර 1 - වර්ග මිටර්10000
හෙක්ටයාර 1 - අක්කර 2.471
පර්වස් 1 - වර්ග අඩි 272.25
පර්චස් 1- හෙක්ටයාර 0.00253
වර්ග සැතපුම් 1 - අක්කර 460
වර්ග කි.මි 1   - අක්කර 246.98
දම්වැල් 1 - අඩි 66
ලාහු 1- පර්චස් 08
ලාහු 10 - පෑලයි(අක්කර 1/2)
කුරහන් ලාහු 1- පර්චස් 40
වී අමුණ - අක්කර  2
යේලමුණ -පෑල් 6

මවු කිරි දෙන මවක් ගත යුතු ආහාර පාන





ලොව උතුම්ම පදවිය මවු පදවියයි.තම ලේ කිරට හරවා තම දරුවාට දෙන ඇය මෙම අවදියේ ගත යුතු ආහාර ගැන දැන ගැනීම වැදගත් වෙනවා.මෙම අවදියේ මවගේ ශරීරයේ විවිධ වෙනස් වීම් වලට ලක් වන අතර  දරුවාගේ පෝෂණය උදෙසා පෝෂණිය ආහාර ගැනීම ඉතා වැදගත් වෙයි.මෙහිදි මවක් වශයෙන් එදිනෙදා  වැඩ කටයුතු කිරිමට අවශ්‍ය ශක්තිය ලබා ගැනිම සදහා ප්‍රෝටින්,විටමින්, සහ ඛනිජ ලවන  ආදිය ශරිරයට ලබා ගැනීම අත්‍යවශ්‍යයය.මේ සදහා මවු කිරි දෙන මවක් වශයෙන් එදිනෙදා ආහාර වේලට එකතු කර ගත යුතු ආහාර ලෙස පහත දැ දැක්විය හැකිය.

  • නෙලුම් අල
  • කුරක්කන්
  • මහදුරු
  • තැම්බුම් හොදි
  • රතු ලුණු
  • කුරුදු
  • කොස්
  • බතල
  • වට්ටක්කා
  • රාජ අල
  • තල 
  • සුදුළුණු
  • කොත්ත මල්ලි
  • ඉගුරු
  • අමු පැපොල්
  • සුදුරු
  • කරවිල
  • කිරි හැන්ද
  • කිරි අගුණ
  • කොට දිඹුලා ගෙඩි
  • හබල පෙති
  • කෙසෙල් මුව

Publishing Date:2018.11.23
proudly  presented  by හසරැල්.කොම්

Thursday, November 22, 2018

ධනවත් ගැහැනියක් වෙන්න කැමති ඔබට




කාන්තාවක් වශයෙන් ඔබ ආර්ථික අතින් ශක්තිමත් නම් එය  ලොකු හයියක්.මුදල් අපිට එදිනෙදා ජිවිතයේ නැතුවම බැරි දෙයක්.අපට කොතරම් මුදල් තිබුනත් ඒවා නිසි ආකාරයකට කළමණාකරණය නොකිරිමෙන් ඉක්මණින් වියදම් වෙයි.කාන්තාවක් වශයෙන් ඔබ මුදල් අතින් ශක්තිමත් නම් ස්වාමියාට බරක් නොවි ඇයට ජිවත් විය හැකියි එය පවුලටද මනා පිටු වහලක් වනු නියතයි.පහත දැක්වෙන්නේ ධනවත් වීමට කාන්තාවක් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයි.


  • රැකියාවක් කිරිමට ගත් මුල් කාලෙම ඉතුරු කරන්න පුරුදු වෙන්න.
  • යම් මුදලක් ඉතිරි කර බුද්ධිමත් ලෙස ආයෝජනය කරන්න.
  • රැකියාව කරන අතර තුර පොඩි ව්‍යාපාරයක් හෝ ඉඩමක් මිල දි ගැනිම හෝ විවිද වගාවන් වල නිරත වෙන්න.
  • තමාගේ හැකියාවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න.
  • තමා උපයන ගානට වැඩිය වියදම් කිරිමෙන් වලකින්න.
  • අනවශ්‍ය වියදම් අඩු කරන්න. 
  •  
    Publishing Date : 2018.11.22
    Proudly Presented By හසරැල්.කොම්

    Wednesday, November 21, 2018

    රංගනය කියන්නේ සමාජයේ හැමෝම පිනවන වෘත්තියක් සචිනි අයෙන්ද්‍රා කියයි.






    රංගනය කියන්නේ සමාජයේ හැමෝම පිනවන වෘත්තියක් වන අතර එය  උරුම කලාවට විතරක් බව ඇය පවසයි.බොහෝ නිළියන් විවාහයෙන් පසුව රංගන දිවියෙන් සමු ගත්තත් ඇය තවමත් රංගනයට සමු දී නැත.නිම්නයක හුදෙකලාව චිත්‍රපටයෙන් පසුව ඇය රූමස්සල ටෙලි නාට්‍යයේ රග පෑ අතර ඇය ඉදිරියේදී ස්වර ,මේඝ ,තානාපතිලාගේ ගේදර ,ගර්භාෂ  යන චිත්‍රපට සමග ඉදිරියේ දී කරලියට පැමිණිමට නියමිතයි.
    ඇය අන්තිමටම රූගත කල නිශාන්ත ශාන්ත දේවගේ ගර්භාෂ නම් විත්‍රපටය ගැන ඇය පැවසුවේ  ඇය ඒ සදහා සැහෙන්න දුෂ්කර අත් දැකිම් වලට මුහුණ දුන් බවයි.එය බෝගම්බර සිරගෙදර පරිශ්‍රයේ රූගත කිරිම් සිදු කළ අතර ඇය එම කථාවේ දමිළ ත්‍රස්ථවාදි කණ්ඩායමක සෙබලියක් ලෙස චරිතයක් නිරුපනය කරන අතර  එම රංගන කටයුතු වල දායක වීමේ දි තුවාල සිරිම් පවා සිදු වු අතර අසිරු ලෙස රංගනයට දායක වු අතර එය විශිෂ්ඨ නිර්මානයක් වන බවයි ඇගේ බලාපොරොත්තුව වන්නේ.
    ඇය මේ වන විට දුවලා දෙදෙනෙකුගේ මවක් .ලොකු දු අලිෂ්කා (අවුරුදු 7) ද පොඩි දු ඉෂායා (අවුරුදු 4)වේ. ඇය තම ළමයින් දෙදෙනාගේ වැඩ මෙන්ම තම සැමියාගේ කටයුතු වලට දායක වන අතරේ තම රංගන කටයුතු වලට දායක වන බවයි ඇය පවසන්නේ.කවද තම සැමියාගෙන් මෙන්ම තම පවුලෙන් ද විශාල සහයක් තම රංගන කටයුතු වලට ලැබෙන බව පවසයි.

    Publishing Date : 2018.11.21
    Proudly Presented by  හසරැල්.කොම්

    උමාරියා ඇගේ අලුත් විවාහ ජිවිතය ගැන කියු කතාව



     උමාරියා සිංහවංශ යැයි කියු පමණින් අප කාටත් මතක් වන්නේ ඇගේ මිහිරි ගිත ගැනයි.ඇගේ කලා ජිවිතය ගැන කථා කලොත් ඇය සංගිත කෙෂ්ත්‍රයේ ජනප්‍රිය වුණූ තරුවක්.ඇගේ විවාහය පසු ගිය දිනවල සිදුවුණා.ඇගේ කලින් විවාහය  දිවිය විවිධ ප්‍රශ්න මත අසාර්ථකත්වයට පත් වුණත් ඇය නැවත විවාහ වී ඇත්තේ ප්‍රංශයේ ජිවත් වන දිමිත්‍රි  නම් පුද්ගලකු සමගයි.ඇයගේ විවාහ උත්සවය ප්‍රංශයේ පැවැත් වු අතර පසු ගිය දිනවල ලංකාවේ මිත්‍රයින්ට විවාහ සැමරුම් උත්සවයක් ලංකාවේ ද පවත්වනු ලැබුවා. ඇයගේ සැමියා දිමිත්‍රි වන අතර ඔහු කුඩා කල සිට ප්‍රංශයේම ඔහුගේ දෙමවුපියන් සමග ජිවත් වු කෙනෙකි.
    උමාරියා පවසන්නේ ඇයට මෙම විවාහ යෝජනාව ගෙනෙන්නේ දිමිත්‍රිගේ සියා ආච්චි මගින්ය.නමුත් දිමිත්‍රි සංගිතයට සම්බන්ද කෙනෙකු වන අතර ඔවුන් හොද යාළුවෝ බවයි.ඔවුන්ගේ දෙමවුපියන්ගේ කැමැත්ත මත මෙම විවාහය සිදු වු බවයි.
     ඇයට තම විවාහ උත්සවය වෙනස්ම විදියනට පැවැත්වීමට අවශ්‍යව තිබු අතර ඒ නිසා ප්‍රංශයේ චාම්ව විවාහ උත්සවය ගැනිමට කටයුතු කලේ.ඇය ඇගේ සැමියා ගැන පැවසුවේ ඔහු ඉතා නිහතමානි පුද්ගලයකු බවත් ඇයව හොදින් තේරුම් ගත් එකම පුද්ගලයා දිමිත්‍රි බවයි.
    ඇයගේ කලින් විවාහ ජිවිතය අසාර්ථක වුවත් කලින් විවාහ ජිවිතයට කැපකරපු දේවල් ගැන දුක් වන බවයි  ඇය පැවසුවේ. ඇය දැන් විවාහ වි සිටින සැමියා සංගිත මහාචාර්යවරයෙකු වන අතර ඔහුගෙන් සංගීත වැඩ වලට විශාල ලෙස සහයක් ලැබෙන බවයි.සංගිත අංශයෙන් ජාත්‍යන්තරය දක්වා යෑම ඇගේ බලාපොරොත්තුවයි.
      තවද ඇය ප්‍රංශයේ ජිවත් වුවත් ඇය ලංකාව අතහැර නොයන බව පවසනවා.ඇය තම ජිවිතයේ වැඩියෙන්ම සතුටු වුණු දවස දිමිත්‍රි ඇයගේ ජිවිතයට පැමිණි දින බව පවසයි. 
    Publishing date: 2018.11.21
    Proudly  Presented by හසරුල්.කොම්

    Tuesday, November 20, 2018

    ශ්‍රී ලංකාවේ ඉදි වු ප්‍රථම වියළි කලාපිය උද්භිද උද්‍යානය වන මිරිජ්ජවිල උද්භිද උද්‍යානය





    උද්භිද උද්‍යාන අතරින් බොහෝ පිරිසක් දැනුවත් වී ඇත්තේ පේරාදෙණිය,හග්ගල සහ ගම්පහ නගර වල පිහිටි උද්‍යානයි.අද අපි ඔයාලට කියන්න යන්නේ හම්බන්තොට නගරයේ පිහිටි මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ගැනයි.මෙහි විශේෂත්වය වන්නේ  මෙම උද්‍යානයේ වියළි කලාපිය ශාක වර්ග වැඩි වශයෙන් පැවතිමයි.

    මෙම උද්‍යානයේ ප්‍රධාන දොරටුව ඉතා විචිත්‍ර ආකාරයට සාදා ඇත.උද්‍යානයේ තැනින් තැන සාදා ඇති වතුර වැක්කෙරෙන ලෙස සාදා ඇති කිඹුලෙකු මෙන්ම ඉබ්බෙකු සහ අලියෙකුගේ හොඩෙන් වතුර වැක්කෙරන  පිළි රූ මෙහි දැක ගත හැකිය.ඒවා කාගෙත් සිත් පැහැර ගනියි.
    තවද පසෙකින් රවුම් හැඩයේ කුටියක් තුල උඩවැඩියා වර්ග,පිච්ච මල් විශේෂ,විවිධ පාට වලින් යුතු මල් වැල් ආදියද දැක ගත හැකිය.මිට අමතරව විලෝ ගස් පෙළද උද්‍යානයට අලංකාරයක් ගෙන දෙනවා.තවද නුග ගස් වලින් කල විවිද නිර්මානයන් ද දැක ගත හැකිය.එහිදි ගස් වලින් නිර්මාණය කර ඇති අලියාගේ නිර්මාණය ඉතා අගනේය.මෙම ප්‍රදේශයේ දේශගුණයට ඔරෝත්තු ශාකයක් වන පතොක් ද මෙහි දැක ගත හැකිය.එහිදි විවිධ වර්ගයේ විසිතුරු පතොක් විශේෂයන් කිහිපයක් දැක ගත හැකිය.තවද මෙම උද්‍යානයේ  සුන්දර වැව් දෙක් ද දැක ගැනීමට හැකිය.මෙම උද්‍යානය තවමත් සංර්ධනය කරමින් පැවතුනත් එහි අප කාටත් නැරඹිය හැකි බෝහෝ දේ පවතියි.

    Publishing Date : 2018.11.20
    Proudly presented by හසරැල.කොම්

    තරුණ බව රැක දෙන පොල් වතුර





    ඔන්න යාළුවනේ අද ඔයාලට කියන්න යන්නේ තරැණ බව රැක ගන්න කැමති කාටත් වැදගත් වන කරුණක් ගැනයි.ඉතින් ඔයාලා එදිනෙදා පරිබෝජනයට ගන්න පොල් ගැනයි.ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි මෙම පොල් වතුර වල අඩංගු ගුණය ගැන.අපි එදිනෙදා භාවිතයට ගන්න පෝල වල අඩංගු වතුර ගොඩක් දෙනෙක් ඉවත දමනවා.මෙම පානය ශක්තිජනක පානයක් ලෙස සලකනවා. පොල් වතුර පානය කිරිම මෙන්ම මුහුණ සේදිම මගින් සම පැහැපත් කරයි.තවද කුරුළැ කැලැල් නැති කිරිමට උදව් වන අතර අව්වට පිලිස්සුණූ සම යථා තත්ත්වයට පත් කරයි.තවද පොල් වතුරින් හිස කෙස් සේදීම තුලින් නිරෝගි කෙස් කළබක් ලබා ගැනීමටද හැකිය.පොල් වතුර වල අහිත කර කොලෙස්ටරෝල් නොමැති අතර දින පතා පානය කිරිම තුලින් ශරිරයේ ඇති අනවශ්‍ය මේදය අඩු කිරිමට ඉවහල් වෙයි.දරුණු හෘදයාභාද රෝග මෙන්ම අඝාතය වැනි රෝග ඇති වීම වලක්වයි.කැල්සියම්,විටමින් C,මැග්නිසියම්,සෝඩියම්,කැලරි  අදිය අඩංගු වන බැවින් සිරුරේ මාංශ පේශි වර්ධනයට හිතකරයි.

    පොල් වතුර පානය කිරිමෙන් ඔබටත් මෙම වාසි ලබා ගන්න පුළුවන්

    • ලේ කැටි වීම වලක්වාලීම
    • මාංශ පේශි වර්ධනයට හිත කරයි
    • සමෙහි පැහැය වඩවාලයි.
    • තරැණ බව රුක දෙයි.
    • අධික තරබාරුව නැති කරයි.
    • වකුගඩු මුත්‍රා රෝගීන්ටත් වඩාත් ගුණදායකයි.
    • මදසරුභාවයට ගුණදායකයි.
    • නිරෝගි කෙස් කළබක් ලබා ගැනිමට

    Monday, November 19, 2018

    පාර්ලිමේන්තුව 23 වෙනදා දක්වා කල් යයි




    පවතින අර්බුදකාරි දේශපාලන තත්ත්වයත් සමග  සිව්වෙනි දිනටත් අද දින පාර්ලිමේන්තුව රුස් වුණා. අද පස්වරු 1 පමණ පාර්ලිමේන්තුව රුස් වුණු අතර පාර්ලිමේන්තු සභාවාරය විනාඩි හයකට පමණක් සීමා වුණ අතර සභාවාරය අද දින නියෝඡ්‍ය කතානායක ආන්නද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුව රුස්වෙන ලදි. 
    අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂ අත්හිටුවීම සදහා වන යෝජනාව ලබන 29 වනදා විවාදයට ගන්නා බව කතානායක කරුජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර තිබේ.
    අද දින පාර්ලිමේන්තුවේ සභාවාරය නැරඹිමට මහජනතාවට සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අවස්ථාව ලබා නොදුන් අතර මාධ්‍යෙවේදින්ට පමණක් මහජන ගැලරිය විවෘත කර තිබුණා.