{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Friday, October 26, 2018

ඔබ දන්නවා ද නැවත නැවත රත් කර ආහාරයට නොගත යුතු දෑ

වර්ථමානය වන විට බොහෝ දෙනෙක් කාර්යය බහුල වී ඇත.ඒ නිසා ඔවුන් ගන්නා ආහාර රටාවන් ද වෙනස් වී ඇත.බොහෝ අය පවතින කාර්ය බහුලත්වයත් සමග ආහාර ශිතකරණයේ හෝ තබා රත් කර ආහාර ගැනීමට පුරුදු වී සිටියි.



කුකුල් මස්
කුකුල් මස් ද බොහෝ දෙනෙක් නැවත රත් කර කර ආහාරයට ගැනීමට පුරුදු වී සිටියි.මෙය ඉතා අහිත කර තත්ත්වයකි.ඒ හේතුවෙන් ආහාර දිගුකාලිනව රත්කර ආහාර අජිර්ණ තත්වයන් පිලිකා ආදිය සැදිමට ඉඩ කඩ ඇත.

බිත්තර
බිත්තර ද පිස ගැනීමෙන් අනතුරුව නැවත නැවත රත්කර ආහාරයට ගැනීම ඉතා අහිතකරයි.

හතු වර්ග
බිම්මල් ද එසේ රත්කර ආහාරයට ගැනීම ඉතා අගුණයි.මේ හේතුවෙන් හදවත් රෝග වැනි දෑ සැදීමට හේතුවන බව පර්යේෂණ වලින් හෙලි වි තිබේ.

අර්තාපල් 
මෙසේ මෙම අල වර්ග ද නැවත නැවත රත්කර ආහාරයට ගැනිම ද ඉතා අහිත කරයි.එහි අඩංගු පෝෂ පදාර්ථ ද විනාශ වෙයි.

බීට් අල
බිට් අල වල නයිට්ට්‍රේට් අම්ල සක්‍රිය වීමෙන් ශරිරයට අහිතකර බලපෑම් ගෙනෙන බව හෙලි වී තිබේ.

නිවිති
නිවිතිය ද එක් වරක් පිස නැවත රත් කර ආහාරයට ගැනිම නොකළ යුතු බව කියයි.

Publishing Date : 2018 . 10 .25
Proudly Presented by හසරැල්.කොම්

ප්ලාස්ටික් බෝතල් පාවිච්වි කිරිමේ දී ඔබ මේ ගැන සිතුවා ද?

වර්ථමානය වන විට ප්ලාස්ටික් පරිසරයට අහිතකරය.වර්ථමානයේ විවිධ දෑ ඇසුරුම් කිරිම සදහා ප්ලාස්ටික් භාවිතා කරයි.ඔබ භාවිතයට ගන්නා ප්ලාස්ටික් බීම සහ වතුර බෝතල් වල අඩියේ ඇති සංකේත වලින් තේරුම ඔබ දැන සිටියා ද?පහත දැක්වෙන්නේ එවෙනි සංකේත වලින් දැක්වෙන තේරුම්ය.

1.PETE
මෙම සංකේත යොදා ඇති බොතල් පාවිච්චි කිරිම සුදුසු වන්නේ එක් වරක් පමණයි.මේවා නිපද වීමට යොදා ගන්නා අමු ද්‍රව්‍ය වලින් ශරිරයට හානි කරයි. 

2.HDPE                                                                                                         භාවිතයට වඩාත් සුදුසු අමු ද්‍රව්‍ය  වලින් සාදා ඇත.සෞඛ්‍ය කෙරෙහි අඩු බලපෑමක් ගෙන දෙයි.

3.PVC හෝ 3 V 
මෙම බෝතල් නිපද වීම සදහා විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි.මෙම ප්ලාස්ටික් වලින් නිපද වු බෝතල් භාවිතය සෞඛ්‍යට අහිත කරයි.
                                                                                                                                                                        4.LDPE                                                                                                                      මේම ප්ලාස්ටික් වර්ගය  බොහෝ විට පරිසරයට ද අහිතකරයි.මේවා ප්ලාස්ටික් මලු නිෂ්පාදනයට ද භාවිතා කරයි. 
5.PP                                                                                                                                      මෙයත් අඩු අවදානම් සහිත ප්ලාස්ටික් වර්ගයකි.යෝගට් ඇසුරුම් හෝ විවිද ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමට යොදා ගනි. 
6.PS                                                                                                                                            මෙවා ද ආහාර ඇසුරුම් ද්‍රව්‍ය නිපද වීමට භාවිතා කරනවා.මේවා ද ශරිරයට අහිත කරයි.

7.PC හෝ කිසිම සදහනක් නොවන 
භාවිතා කිරිමට නුසුදුසුම ප්ලාස්ටික් වර්ගය වන්නේ ද මෙයයි.මේවා නිෂ්පාදනය කිරිමට ගන්නා අමු ද්‍රව්‍ය වල BPA අඩංගු වේ.


Publishing Date : 2018 . 10 .21
Proudly Presented by හසරැල්.කොම්