{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Friday, October 19, 2018

කොරියාවේ අහස් කූරු යැවු ශ්‍රී ලංකිකයා නිසා ඉන්දන ගබඩාවක් ගිනි අරන්

මේය කොරියාවේ සියෝ්ල් නගරයට දකුණින් පිහිටි ගොයැන්ග් ප්‍රදේශයෙන් වාර්ථා වෙන්නේ.එම ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩාවක ගින්නක් ඇති වුයේ පසු ගිය ඉරු දිනය.

මෙම ගින්න සදහා වගකිව යුත්තේ ශ්‍රී ලාංකිකයකු  චොදනා ලැබ සිටියි.මොහු කොරියාවේ ඉදිකිරිම් අංශයක සේවයේ නිරත වී සිටියි.ඔහුගේ අතපසුවීමක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති බව වාර්ථා වෙනවා.මෙම ඉන්දන ටැංකියේ ලිටර් මිලියන 4.4 ක් තිබු බවට වාර්ථා වෙනවා.ගින්නෙන් ලීටර් මිලියන 2.66 ක් පමණ විනාශ වී තිබෙනවා. 


ගින්න පාලනය කිරිම සදහා ගිනි නිවන බටයින් 680 ක් සහ හෙලිකොප්ටර් යානා 3 ක සහය ගැනුණූ අතර පැය 17 ක පමණ පරිශ්‍රමයකින් පසු ගින්න නිවා දැමිමට හැකි විය.මෙය ගෑස් කාන්දුවකින් ඇති වන්නට ඇතැයි මුලින්ම අනුමාන කළ ද මෙය සිදු වී ඇත්තේ 27 හැවිදිරි ශ්‍රී ලාංකිකයකුගේ අත්වැරදීමකිනි.

මෙම ගින්න ඇති වී තිබෙන්නේ එම ප්‍රදේශයේ පාසලක පැවති රාත්‍රි කදවුරු උත්සවයක දී ලන්තැරුම් 80 ක් පමණ අහසට යවා ඇත.ඉන් එක් ලංතැරුමක් යාබද පිහිටි තරුණයා ඉදිකිරිම් සංකිර්ණයට කඩා වැටි  තිබේ.එහි සේවය කළ ශ්‍රී ලංකික තරුණයා එම අහස් ලංතැරුම අහුලා නැවත අහසට යවා ඇති බව නිරික්ෂණ කැමරාවක සටහන් වෙනවා.මෙම අහස් ලැන්තැරුම මිටර් 300 න්පමණ ඉහල ගොස් ඉන්ධන ගබඩාවේ ඉන්ධන ටැංකියේ වාතාශ්‍ර කවුළුව මතට වැටිමෙන් ගින්න ඇති වී තිබේ.මොහු ගිනි තැබිමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනිමේ වරේන්තුවක් ලබා ගැනිමට පොලිසිය ඉල්ලා සිටිය ද එු සදහා සාක්ෂි නොමැති වීමෙන් අධිකරණය එය ප්‍රතික්ෂේප කර ඇත.


Publishing Date : 2018 . 10 .18
Proudly Presented by හසරැල්.කොම්

Thursday, October 18, 2018

නෙතු ප්‍රියංගිකාගේ ආදරය

ඔන්න යාළුවනේ අද අපි ඔයාල ගොඩක් ආදරය කරන චරිතයක් ගැනයි කියන්න ආවේ.ඒ තමයි ජනප්‍රිය රංගන ශිල්පි නෙතු ප්‍රියංගිකා ගැන.ඇය මේ දින වල ඇය ආදරවන්තියක් වෙලා..


ඇයගේ ආදරය ඇයට හමු වුනේ හදිසියේ යාළුවකු සමග නුවර යන ගමන්ය. ඔහු නමින් නුවන්.මීට අවුරුදු හතරකට කලිනුයි ඇයට ඔහු හමු වන්නේ.ඔහු ආරක්ෂක අංශයේ පොලිස් නිළධාරියෙක් වෙනවා. ඇයට ඔහු හමු වුනේ අහම්බෙන් වන බව ඇය පවසනවා.ඇය වාහනය පාර්ක් කිරිමට ගොස් වැරදි තැනක පාර්ක් කිරිම නිසා ඔහු විසින් ඇයට දඩයක් ගහනවා මාර්ගනිති උල්ලංගනය කිරිම නිසා.මේ හමු වීම තමයි අද වන විට ඇය පොලිස් නිලධාරියකුගේ ආදරවන්තියක් බවට පත් වි සිටින්නේ.
පසුව fb එක හරහා ඇයව මිතුරියක කරගත් ඔහු ඇය සමග මිතුරු විමෙන් අනතුරුව එයින් ඇරඹුණූ ඔවුන්ගේ සම්බන්ධයෙන් අනතුරුව ඔහු ඇයට ආදරය ප්‍රකාශ කිරිමේන් අනතුරුව  අද වන විට ඔවුන්ගේ සම්බන්ධය විවාහය දක්වාම ලං වි තිබෙනවා.ඇයත් ඔහුත් අදහස් අතින් හොදට ගැළපෙන බවයි ඇය පවසන්නේ.  
මේ වන විට දෙමවුපියන්ගේ ආශිර්වාදයත් ලබා ගෙන අද ඔවුන් දුර ගමනක් ඇවිත් තියෙනවා.අද විට ඔවුන්ගේ විවාහය ළං වෙලා තියෙනවා.අැය පැවසුවේ ඇගේ විවාහය ඇගේ ගම වන පුස්සැල්ලාව ගමේ ගැනීමට තිරණය කර ඇති බවයි.

Publishing Date: 2018.10.18
Proudly Presented by හසරැල්.කොම්

Tuesday, October 16, 2018

මිනිහෙකුට හරියන්න වරදින්නම ඕන රෝෂාන් කියයි

රෝෂාන් පිලපිටිය නම් රංගන ශිල්පියා මේ දින වල රාහු,නීල පබලු,රාජයෝගය  ටෙලි නාට්‍ය ගණනාවකින් සහ වේදිකා නාට්‍ය ගණනාවකින් සමිප වුණු  ජනප්‍රිය රංගණ ශිල්පියෙකි.


ජිවිතේට හරියන්න වරදින්න ඕන.රෝෂාන් ජිවිතේ ගත්ත  වැදගත්ම නිවරදිම තිරණ ලෙස ඔහුගේ විවාහය බව පවසයි.  ඔවුන් දැන් විවාහ වී අවුරුද්දක් පමණ වන බවත් ඔහුගේ බිරිද වන රිද්මා සමග සාර්ථක  පවුල් ජිවිතයක් ගත කරන බව ඔහු පවසයි.

ජිවිතයේ නොලැබුන දේවල් වලට දුකක් නොමැති බවත් ලැබෙන දේවල් සතුටින් බාර ගන්නා බව ඔහුගේ අදහසයි.ඔහුගේ බිරිද රංගන කටයුතු වල යෙදුන ද  ඇයගේ ද අදහස ද දිගටම රංගනයට දායක වීමට වැඩි කැමැත්තක් නොමැති බවයි.


මේ දිනවල රාහු නම් ටෙලිනාට්‍ය මගින් හොද ප්‍රතිචාර ලැබෙන බවයි ඔහු පැවසුවේ.එය වෙනස්ම ආරයේ නිර්මාණයක් බවයි ඔහුගේ් අදහස වුනේ. මුල් කාලයේ සංගිත ප්‍රසංග වල ගායකයෙක් ලෙසත් සංගීතයට කැප වු ඔහු දැන් වැඩි වශයෙන් කාලය යොමු කර ඇත්තේ රංගන කටයුතු සදහායි. නමුත් වෘත්තිය මට්ටමින් ගායනයට පිවිසිමට ඔහුගේ දැඩි කැමැත්තක් නැති බව පවසයි.ගායකයෙක් වෙනවාට වඩා වෘත්තිය නළු කමට ඔහු කැමති බවයි රෝෂාන්ගේ අදහස වන්නේ.

මේ දිනවල සුදු සහ කලු ,අලුත් හොරෙක් ඕනේ,වෙල්ලස්සේ වෙඩි හඩ නාට්‍ය ත්‍රිත්වය එක්ක රෝෂාන් කාර්ය බහුල වී ඇත.ඔහු රංගනයෙන් දායක වු චිත්‍රපට කිහිපයකුත් ඉදිරියේදී තිරගත වීමට ඇති බව රෝෂාන් පවසයි.
Publishing date: 2018/10/17
proudly presented by  හසරැල්.කොම්

යතුරු පැදියක් හා ටිපර් රථයක් ගැටි එකම පවුලේ සිව් දෙනෙකු මිය යයි

දෙහිඅත්තකණ්ඩියේ උත්තරපුර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටිමෙන් සිදු වු රිය අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු මිය යයි.එහිදි අනතුරට පත් යතුරු පැදිය පැදවු පියා සහ දරුවන් තිදෙනාම මිය ගොස් ඇති අතර දරුවන්ගේ මව බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කරනු ලැබුවා.


මෙම අනතුර සිදු වුයේ  දෙහිඅත්තකණ්ඩිය සදුන්පුර  ලිහිණියාගම මාර්ගයේ උත්තරපුර ප්‍රදේශයේය.මෙම අනතුර සිදුවුයේ සදුන්පුර සිට ලිහිණියාගම දෙසට ගමන්කර තිබු ටිපර් රථයක් ඊට ප්‍රතිවිරුද්ද දිශාවෙන් පැමිණි යතුරු පැදියක එකිනෙක ගැටිමෙනි.මෙම අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදියේ එකම පවුලේ පස්දෙනෙකු ගමන් කර ඇත.

මෙහිදි අනතුරට පත් පියා හා දරුවන් දෙදෙනා ප්‍රතිකාර සදහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කරනු ලැබුවත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මිය ගොස් තිබුණ බව පොලිසිය පවසයි.පසුව අනෙක් දරුවා සහ මවත් දෙහි අතත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කර පසුව පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවනු ලැබිය. වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහලට ඇතුලත් කරණු ලැබුව ද මෙහිදි බරපතල තත්ත්වයේ සිටි අනෙක් දරුවා ද මියගොස් ඇති අතර   මව තවමත් ප්‍රතිකාර ලබා ගනිමින් සිටියි.ඇයගේ තත්ත්වය ද බරපතල බව පවසයි. 


 මෙහිදි අනතුරට පත් පුද්ගලයා සහ අදාළ ටිපර් රථයේ හිමිකරු අතර පැවති මුදල් ආරවුලක් හේතුවෙන් මෙම අනතුර  සිදු ඇති බව පවසයි.තවද මෙම අනතුර හිතාමතා  සිදු කල අනතුරක් බව ඔවුන්ගේ ඥාතින් පවසයි.

මෙම අනතුරින් මරණයට පත් වුයේ 35 හැවිරිදි වියේ පසු වු නාමල් ප්‍රියන්ත සහ ඔවුන්ගේ පුතුන් තිදෙනා වන  5 හැවිදිරි පවන් නිම්නෙත් සහ දස හැවිදිරි පසිදු ලක්ෂාන් සහ 14 හැවිදිරි කවිදු රුක්ෂාන්ය.

මෙහිදි ටිපර් රථයේ  හිමිකරු සහ එහි ගමන් ගත් පුද්ගලයා අද පස්වරුවේ  එම දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.ඔවුන් ඔක්තොබර් 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 
publishing Date: 2018.10.15
proudly Presented by  හසරැල්.කොම්

Monday, October 15, 2018

බගවන්තලාවේ නිවාස පහක් කාසල්රි ජලාශයට නාය යයි

හැටන් බගවන්තලාව ප්‍රදේශයේ බැවුම් සහිත ස්ථානයක් අද උදේ වරුවේ 11.30 පමණ නිවාස පහක් සමගින් නාය යෑමට ලක් වුණා.



මෙහි දී එම නිවාස පහම කාසල්රි ජලාශයට පතිත  විය.ප්‍රදේශවාසින් ප්‍රකාශ කලේ ද දින කිහිපයකට පෙර මෙම ප්‍රදේශයේ ඉරි තැලිම් දක්නට ලැබුනු බවයි.ඉකුත් 8 වනදා දා මෙම ප්‍රදේශයේ ඉරිතැලිම් ද දක්නට ලැබුනු බව ප්‍රදේශ වාසින් පවසයි.එහිදී පදිංචි පවුල් පහකට අයත් සාමාජිකයින් 23 දෙනෙකුට ජාතික ගොඩනැගිලි හා ඉදිකිරිම් ආයතනය විසින් ඉවත් වෙන ලෙස උපදෙස් දී තිබුණා.

නායයාම් අවදානම සක්‍රිය වීමත් සමග බගවන්තලාව ප්‍රදාන මාර්ගය ඉරි තලා යාමෙන්  මෙම මාර්ගයේ රථවාහන ගමනා ගමනය පොලිසිය විසින් සම්පුර්ණයෙන්ම නවතා තිබේ.ප්‍රධාන මාර්ගය ඉරිතලා යාමෙන් බගවන්තලාව ,නල්ලතන්නිය,මස්කෙලිය අවට ජනතාවගේ දෛනික ජිවිතේ කටයුතු වලට ගැටලු රැසක් එල්ල වී තිබේ.

Publishin Date : 2018.10.15
proudly presented by හසරැල්.කොම්

දිපිකා සහ රන්විර් සිං විවාහය


දිපිකා පදුකෝන් සහ රන්විර් සිං  යන පෙම්වතුන්ගේ ආදර කතාවට දැන් සැහෙන කාලයක් වෙනවා.ඔවුන් දෙදෙනා පෙම් බදින්නට පටන් ගත්තේ ගෝලියොන් කී රාස්ලීලා රාම්ලීලා චිත්‍ර පටය රගපාද්දීය.දීපිකා බිරිද කර ගන්නට මෙන්ම ඔවුන්ගේ සම්බන්ධය පිළිබද වරින් වර රන්වීර් සිං කතා කර තිබේ.



ඔක්තෝබර් 17 වෙනිදාට යෙදුන නව රාත්‍රි දින ඔවුහු දෙදෙනා සිය විවාහ මංගල්‍ය පැවැත්වෙන්නේ නොවැම්බර් 19 වෙනිදා ඉතාලියේ  දී බවයි.
රන්වීර් රගපාන සිම්බා විත්‍රපටය දෙසැම්බර් මාසයේ දී ගලිබෝයි විත්‍රපටය 2019 ජනවාරි මාසයේදීත් තිරගත වෙන්නට නියමිතය. 

publishing Date :2018.10.15
Proudly presented by හසරැල්.කොම්

සම වර්ගිකරණය හා සම හදුනා ගැනිම

ඔන්න යාළුවනේ අද අපි  ඔයාලට කියන්න යන්නේ ලස්සන ගැන හිතන කාටත් වැදගත් කාරණාවක් ගැනයි.




කෙනෙකුය උපතින්ම ලැබෙන සම නිරෝගිව පවත්වා ගෙන යාමට මෙන්ම නිවරදිව පිරිසිදු කර ගැනිම,සමේ රෝග වලින් ආරක්ෂා කර ගැනිම සදහා රුපලාවන්‍ය සත්කාර අවශ්‍යය. තමන්ගේ සමට අවශ්‍ය රූපලාවන්‍ය සත්කාර හරියාකාරව කිරිමට නම් සමේ පිහිටීම සමේ වර්ගිකරණයත් ගැන හරියාකාරයේ අවබෝධයක් තිබිය යුතුය.


සමේ ස්වභාවය අනුව කොටස් 4 කට බෙදිය හැකිය.
  • සාමාණ්‍ය සම
  • තෙල් සහිත සම
  • වියළි සම
  • මිශ්‍ර සම
  
මේ අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට සම විවිධ ආකාරය වෙනස් වෙනවා.එහිදි වියපත් සම,තෙතමනයක් නැති සම,සංවේදි සම,කූරුලෑ සම,ආබාද සහිත සම ආදි ලෙස  ඕනෑම සමක් මේ වර්ගිකරනයෙන් එකකට අයත්ය.

සාමාන්‍ය සම 
සාමාන්‍ය සම  වැඩි  වශයෙන් දැක ගත හැක්කේ මැදිවියේ අය අතරයි.පැහැදිලි බව,මනා තෙතමනයකින් යුක්ත විම මෙම සමෙහි දක්නට ලැබේ.මෙම සමෙහි මැරුණූ සෛල ඉවත් වෙමින් නව සෛල නිපදවන නිසා සම සමතුලිතව පවති.සමෙහි පවතින ශ්වේද ග්‍රන්ත සහ ස්නේහශ්‍රාවි ග්‍රන්ථ නියම ප්‍රමාණයෙන් මෙම සමෙහි අන්තර් ගත වන නිසා සම නිරෝගිව පවති.


වියලි සම
සමේ පවතින වියලි ස්වාභාවය,ඉරි තැලුණු ස්වාභාවය එහි දැක ගත හැකිය. ආම්ලික හා භාෂ්මික භාවයෙන් යුතු  ආලේපන භාවිතයත්,පෝෂණ මදි කමත් මෙයට හේතු වෙයි.

තෙල් සහිත සම
සම දිදුලන බව,කළු ලප,විවර වු රෝම කුප මෙම සමෙහි දක්නට ලැබේ.තෙල් අධික ආහාර රටාවකට යොමු විම ,හෝර්මෝන වෙනස් විම ,උපත් පාලන පෙති භාවිතය ,උණුසුම් කාලගුණය තෙල් සහිත සමක් ඇති විම සදහා බලපානු ලැබේ.

මිශ්‍ර සම
මෙහිදි දැකිය හැකි ලක්ෂණ වන්නේ නළල,නහය නිකට ආදි තැන්වල තෙල් සහිත  ස්වභාවයක් ගැනිමයි.කම්මුල් වල වියලි ස්වභාවයක්ද දැක ගත හැකිය.

කුරුළැ සහිත සම
මෙම සමෙහි කළු ලප,සම උණූසුම් රත් පැහැ ස්වභාවයක් ගනියි.ස්නේහාවි තරලය මෙම සමෙහි වැඩි වශයෙන් නිපදවයි.මෙම ස්නේහාවි තරලය  සමග මතුපිට ඇති මැරුණු අපිච්ඡද සෛල එකතු කෙරටින් නිපද වි එයින් තැටියක් සැදේ.මේ තැටිය මගින් රෝම කුප මුල් අවහිර වීම නිසා ස්නේහශ්‍රාවි ග්‍රන්ථ වලින් නිපදවන සීබන් තරලය සම මතුපිටට පැමිණිම වලක්වයි.පසුව එම තරලය පටක වලට ව්‍යාප්ත වි ඉදිමුම ඇති කරයි.එය බැක්ටීරියා සමග එකතු වි පැසවීම සිදු කරයි.එය කුරුලැවක් බවට පත් වෙයි.

publishing Date: 2018.10.15
Proudly Presented by හසරැල්.කොම්