{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Saturday, October 13, 2018

මුරුංගා වල ඖෂධිය ගුණ

ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ මුරුංගා ආහාරයට ගත් විට ලැබෙන ඖෂධීය ගුණ ගැනයි.

 මුරුංගා වල අඩංගු විටමින් A ,යකඩ ,කැල්සියම්,පොටෑසියම්,ප්‍රෝටින් බහුලව අඩංගු වේ.



මුරුංගා ශාකයේ විවිධ කොටස් විවිධ අවස්ථාවල දී ප්‍රයෝජනයට ගනි.එනම් මුරුංගා මල්,මුරුංගා කොළ,මුරුංගා කරල් ආහාර වශයෙන් භාවිතා කර තිබේ.මුරුංගා පොතු උෂ්ණ ආහාර වලින් ශරිරයට ඇති වන අසාත්මිකතා අඩු කර ගැනීමටත්  ආහාර රස ගැන්වීමටත් භාවිතා වේ.

ආයුර්වේදයේ දී මුරුංගා ඇට,මුරුංගා කොළ සහ මුරුංගා පොතු බහුලව භාවිතයට ගනී.

දියවැඩියාව පාලනය සදහා ද හෘද රෝග පාලනයත් සිදු වන නිසා  මුරුංගා ආහාරයට ගැනිම ගුණය.මෙමගින් රුධිර පීඩනය අවම වේ.

නිරක්තිය රෝගය එනම් ශරිරයේ ලේ හිග කම ඇති රෝගින්ට ඉතාමත් ගුණදායි ඖෂධයක්  මෙන්ම ව්‍යංජනයක් ලෙස මුරුංගා හැදින්විය හැකිය.

මුරුංගා පොතු ඉස්ම වේදනා නාශකයක් ලෙසද  ඉදිමුම් වලට භාවිතා කල හැකිය.

ශරිරයේ ඇති වන කුෂ්ඨ සදහා ද  මුරුංගා  පොතු අඹරා භාවිතා  කල හැකිය.

සර්ප විෂ නැසීමට ද භාවිතා කරන ඖෂධ වලට මුරුංගා භාවිතා කරයි.

ශරිරයේ ලේ වහනය වන අවස්ථාවක දී කැපුමක් සිදු වු විට ලේ වහනය නතර කිරිමට මුරුංගා කොළ කොටා කැපුම් ස්ථානයේ තැබිමෙන් රුධිර නාල හැකිලි ලේ වහනය වීම නතර වෙයි.

මුත්‍රා ආසාධන වලක්වා ගැනීමට ද මුරුංගා මල් තැම්බු වතුර බිමෙන් සුව වෙයි.

මුරුංගා ආහාරයට ගැනීම අක්මාව රෝගින්ට ද ප්ලිහාව ඇති රෝගින්ට ද  ඉතා ගුණදායි ආහාරයකි.

කිරි දෙන මවුවරුන්ටද ඉතා ගුණදායි ආහාරයකි.තවද අතීසාරය ඇති රෝගින්ට ද අම්ලපිත්තය ඇති රෝගින් සදහා ද මුරුංගා පොතු පානය ඉතා ගුණදායිය.

මුරුංගා වල අඩංගු Zeatin නමැති ඉතා දුර්ලභ ප්‍රතිඔක්සිකාරකය තරුණබව රුක ගැනීමට උපකාරී වන අතර පිලිකා රෝගින්ට ද මුරුංගා කදිම ඖෂධයකි.

Publishing Date : 2018.10.12
proudly Presented by හසරැල්.කොම්

Friday, October 12, 2018

අෂ්ඨවිධ පාන වර්ග

ඔන්න යාළුවනේ අද කියන්න ආවේ ඔයාලා වැඩි දෙනෙක් නොදන්න දෙයක් ගැනයි.අෂ්ටවිධ පාන වර්ග ගැනයි. අෂ්ටවිද පාන වර්ග 8ක් තියෙනවා.


  1. අඹ යුෂ (අම්බ පාන)
  2. ජම්බු යුෂ  (ජම්බු පාන)
  3. කෙසෙල් යුෂ (චෝච පාන)
  4. ඇටිකෙසෙල් යුෂ (මෝච පාන)
  5. මී පැණි (මධු පාන)
  6. මිදි යුෂ (මුද්ධික පාන)
  7. උගුරැස්ස යුෂ (පාලුසක පාන)
  8. ඕලු ඇට යුෂ (සාලුක පාන)
Publishing Date : 2018 . 10 .12
Proudly Presented by හසරැල්.කොම්

Thursday, October 11, 2018

රෝග රුසකට ප්‍රතිකාර කරන පාරම්පරික වෛද්‍ය රන්තිලක වෙද මහතා

ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ඉතා වැදගත් කාරණාවක් ගැනයි.එනම් වර්ථමානයේ සමාජයේ බොහෝ දෙනෙක් විවිධ කායික රෝග වලින් පෙලෙයි.අද අපි කියන්න යන වෙද මහතා රෝග රුසකට ප්‍රතිකාර කරන පාරම්පරික  වෙද මහතෙකු වන රන්තිලක වෙද මහතා ගැනයි


කායික රෝග රුසකට වෙදකම් කරන මෙම වෙද මහතා අපට හමු වන්නේ කුරුණෑගල රිදීගම මාර්ගයේ මැහි ඇල්ල නම් ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානයේ දීය.මේ වන විට මොහු මල්ලවපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සම්බන්ධ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති වරයා වශයෙන් ද දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභාවේ ප්‍රචාරක ලේකම් වරයා ලෙසද ආදී නිලතල රුසක් හොබවයි.සියලු රෝග වලට ප්‍රතිකාර කරන මොහු සර්වාංග වෛද්‍යවරයෙකි.

දියවැඩියාව,ගැස්ට්‍රයිටීස්,ඇදුම,පීනිසය,නහර ගැට ගැසීම,මුත්‍රා රෝග ආදි රෝග රුසකට ප්‍රතිකාර ලබා දෙයි.

නමුත් වර්ථමානයේ වැඩිම රෝගින් පිරිසක් පැමිණෙන්නේ දියවැඩියා රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනිමටයි.රෝහල් වල අසාධ්‍ය තත්ත්වයට පත් වී සිටි රෝගින් ද මොහු අතින් සුව වී තිබෙනවා.තවද අංශභාග රෝගයට ද මෙම වෙදතුමා ප්‍රතිකාර කරනවා.මොහු විසින් රෝග සදහා පාරම්පරික රහස් වට්ටෝරු වලට අනුව සැකසුණු චුර්ණ වර්ග ,අරිෂ්ට,ගුලි,කල්ක රෝගින්ට ලබා දෙනවා.මොහුගේ වෙදකම් වලින් රෝගය නිට්ටාවටම සුව කරයි.

තවද මත්පැන් වලට ඇබ්බැහි වුවන් එයින් මුදවා ගැනිම සදහා  ද මොහු විශේෂ ඖෂධයක් නිපදවයි.මොහුගේ මෙම සේවය බොහෝ දුරට සමාජ සත්කාරයක් ලෙස කරන දෙයක් බව වෙද මහතා පවසයි.


Publishing Date : 2018 . 10 .12
Proudly Presented by හසරැල්.කොම්

ලිබියාව ගැන ඔබ නොදත් දේ

ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ලිබියාව ගැනයි.

ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දෙයි.

අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමාණිමට පෙර ලිබියාවේ සාක්ෂරතාව 25% පමණ වු අතර දැන්  එම අගය 83% කි.



ලිබියන් වැසියන් ලිබියාවේදි ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහිමකට පත් නොවනවානම් පිටරටකට ගොස් අධ්‍යාපනය හැදැරීමට රජය විසින් ඇ.ඩො 2300 ක දිමනාවක් ලබා දෙයි.



ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිල දී ගන්නවානම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි.

ලිබියාවේ පෙට්‍රලි ලිටරක මිල ඇ.ඩො 0.14 කි.
ලිබියාව ලොව කිසිම රටක හෝ බැංකුවනට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150 කි.


ලිබියන් වැසියකු උපාධියක් ලබා ගැනිමෙන් පසු ඔහුට සරිලන රුකියාවක් ලැබෙන තුරු ඔහුගේ රුකියාවට අනුව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් සිදු කරයි.



ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය පහසුකම් සදහා පොළිය 0% කි.එනම් බැංකු ණය සදහා පොලි අය නොකරයි.

නිවසක් යනු සියලු ලිබියානු වැසියන්ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බව ගඩාෆි දිව්රා ඇත.

ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබු විට ඔවුන්ට ගොවිතැන් කරන්න භූමියක් ,ගොවි නිවසක් ,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දෙයි

අලුතින් විවාහ පත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000(ඇ.ඩො 50000ක්) ලබා දෙයි.ඔවුන්ට නිවසක් ලබා ගැනිමටයි.


 Publishing Date : 2018 . 10 .11 
Proudly Presented by හසරැල්.කොම්

Wednesday, October 10, 2018

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යයි


ලෝක වෙළද පලේ බොර තෙල් මිල සැලකිල්ලට ගනිමින් මෙරට වෙළද පලේ ඉන්දන මිල ගණන් සංශෝදනය සදහා ඉන්ධන මිල සුත්‍රයට අනුව සෑම මසකම 10 දින මිල සංශෝධනයක් සිදු කරනු ලබනවා.ඒ අනුව අද රාත්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් සංස්ථාව අලෙවි කරන  ඉන්ධන වල මිල ඉහල යන බව පවසයි.



මුදල් අමාත්‍ය  මංගල සමරවීර මහතා  සහ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ලෝක වේළද පොලේ ඉන්දන මිල තව දුරටත්  ඉහළ යන ප්‍රවනතාවක් පවතින බවයි. මේ අනුව ඉන්දන පිරවුම් හල් වල දිගු පෝලිම් අද දැක ගැනීමට ලැබුණා.


Publishing Date : 2018 .10 .10
Proudly presented by හසරැල්.කොම්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගය වර්ෂාව නිසා අත්හැර දමයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවත්වෙන තරග 5 කින් යුත් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද දින රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ
දී අාරම්භ විය.

එහි දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනයෙන් එංගලන්ත කණ්ඩායම  පන්දුවට පහර දීමට පැමිණි අතර පන්දු වාර 15 නිමා වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවිී ලකුණු 92 ක් ලබා ගෙන සිටින විට තරගයට වර්ෂාවෙන් භාදා එල්ල විය.ඉන් අනතුරුව දිගින් දිගටම පැවති වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමිමට තරග තීරක තිරණය කරන ලදි.ඒ අනුව එංගලන්ත හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක් දින තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු විය. 



Publishing Date : 2018 . 10 .01 
Proudly Presented by හසරැල්.කොම්

ටීනාගේ ගානට කෙරෙන මියුසික් විඩියෝ නැතිලු ටිනා පවසයි

නිරුපණයෙන් රංගනයට එක් වුණූ කෙනෙක් විදිහට ටිනා හදුන්වන්න පුළුවන්.ඇය නිරුපන අංශයේ මේ වන විට නියලි සිටියි.

ඇය  මියුසික් විඩියෝ බෝහෝ ප්‍රමාණයක පෙනි සිටි කෙනෙක් .ඇය දැන් මියුසික් විඩියෝ වල රගපාන්නේ නැති බව පවසන්නේ ඇගේ ගානට කෙරෙන මියුසික් විඩියෝ  ඇයට දැන් නොමැති බවයි. තවද මියුසික් විඩියෝ කරන  අධ්‍යක්ෂකවරු ගැනත් ඇයගේ දැන් පැහැදිලි කමක් නැතිලු.ඇගේ ගානට එකග මියුසික් විඩියෝ වලට පමණක් ඇය රගපාන බවත් පවසයි.





Publishing Date : 2018 . 10 .08
Proudly Presented by හසරැල්.කොම්

ශ්‍රී ලංකාවේ ගංගා

ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ
 ශ්‍රි ලංකාවේ ගංගා ආශ්‍රිත විස්තර ගැනයි.


නිල්වලා ගග 
ආරම්භක ස්ථානය- රත්වාන කදු  
මුහුදට වැටෙන ස්ථානය - මාතර
දිග සැතපුම් - 46

මහවැලි ගග
ආරම්භක ස්ථානය - හැටන්
මුහුදට වැටෙන ස්ථානය - ත්‍රීකුණාමලය
දිග සැතපුම් - 206

ගිං ගග
ආරම්භක ස්ථානය - කබරගල කදු
මුහුදට වැටෙන ස්ථානය - ගාල්ල
දිග සැතපුම් -70

කළු ගග
ආරම්භක ස්ථානය - සමනල කන්ද
මුහුදට වැටෙන ස්ථානය -  කලුතර
දිග සැතපුම් - 70


මී ඔය
ආරම්භක ස්ථානය -කුඩාමඩගල කදු
මුුහුදට වැටෙන ස්ථානය - පුත්තලම
දිග සැතපුම් - 67

ගල් ඔය 
ආරම්භක ස්ථානය - හේවාඑලිය කදු
මුහුදට වැටෙන ස්ථානය - මඩකලපුව
දිග සැතපුම් -62

මහ ඔය 
ආරම්භක ස්ථානය - රක්ෂව කදු
මුහුදට වැටෙන ස්ථානය - මීගමුවට උතුරින්
දිග සැතපුම් - 78

කිරිදි ඔය 
ආරම්භක ස්ථානය - නුමුණුකුල කදු
මුහුදට වැටෙන ස්ථානය -කිරින්ද
දිග සැතපුම් - 73

දැදුරු ඔය 
ආරම්භක ස්ථානය - මොරගහ කන්ද
මුහුදට වැටෙන ස්ථානය - හලාවත
දිග සැතපුම් - 87

කුඹුක්කන් ඔය 
ආරම්භක ස්ථානය - මඩොල්සිම කදු
මුහුදට වැටෙන ස්ථානය -කුමන
දිග සැතපුම් - 70

මාදුරු ඔය
ආරම්භක ස්ථානය -අකුරුගල කන්ද
මුහුදට වැටෙන ස්ථානය - කල්කුඩා
දිග සැතපුම් - 86

 Publishing Date : 2018 . 10 .10
Proudly Presented by හසරැල්.කොම්

Tuesday, October 9, 2018

අධික වර්ෂාව සමග කැලණි,කළු,නිල්වලා ගගා ආශ්‍රිත ජල මට්ටම ඉහළ යයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්ව හේතුවෙන් කැලණි ,කළු ,නිල්වලා,ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉදිරි දින කිහිපය තුලම ඉහල යා හැකි බව  පවසයයි.


වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කරන ලද්දේ පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්ව හේතුවේන් ගංගා ආශ්‍රිත දෙපස වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවයි.අධික වර්ෂාවත් සමග ඇති වු ජල ගැලිම් හේතුවේන් දැනට වාර්ථා වන පුද්ගල මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ.
 තවද ජල ගැලීම් හේතුවේන් ආපදාවට පත් වී ඇති පවුල් සංඛ්‍යාව 750 කට අධික බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. තවද මේ හේතුවෙන් නිවාස කිහිපයක් ද සම්පුර්ණයෙන් යට වී ඇත.මේ හේතුවෙන් ප්‍රවාහන මාර්ග ද ඇණහිටියි.
මතුගම ,අගලවත්ත,අලුත්ගම ආදි පහත් ප්‍රදේශද ජලයෙන් යට වී ඇත.තවද කැළණි ගග පිටාර ගැලිම හේතුවෙන් පහත් බිම් රුසක් ජලයෙන් යට වී ඇත.
මේ වන විට කළුතර,ගාල්ල,බදුල්ල,කෑගල්ල යන දිස්ත්‍රික්කද  නාය යාම සදහා ඉඩ කඩ ඇති බව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

Publishing Date : 2018 . 10 .09
Proudly Presented by හසරැල්.කොම්

ජෙනිෆර් නොහොත් ඔබත් මමත් ඇයත් හි රංගනයේ යෙදෙන මායා

ජෙනිෆර් විංගට් නමින් හැදින්වෙන ඇය සතියේ දිනවල දෙරණ නාලිකාවෙන් විකාශය වන ඔබත් මමත් ඇයත් (බේහාද් නමින් ඉන්දියාවේ විකාශිත) ටෙලි නාටයේ සුන්දර පෙනුමැති මිනිමරු කාන්තාවකගේ චරිතය ඉතා දක්ෂ ලෙස නිරුපනය කරයි.


ඇය උපත ලැබුවේ 1985 වසරේ මැයි මාසයේ 30 වන දින මුම්බායි හිදි උපත ලැබුවේය.ඇයට දැන් 33 වියැති  වයසේ පසු වෙයි.මැය ළමා අවදියේ සිටම රංගනයට දායක විය.ඇය කුඩා කාලයේදී අකේලේ හම් අකේලේ තුම්,රාජා කී ආයේගී බරාත් විත්‍ර පටයන් වලට කුඩා කාලයේ දී රංගනයෙන් දායක විය.ඉන් පසු ළමා නිළියක වශයෙන් රාජා කෝ රාණි සේ ප්‍යාර් හෝ ගයා,කුච් නා කහෝ චිත්‍රපටයටත් රංගනයෙන් දායක විය.
තවද ඇය විවිධ රුපවාහිනි වැඩසටහන වල නිවේදිකාවක් වශයෙන් ද කටයුතු කරන ලදි.


ඇය පසු කාලයේ දී නළුවකු වන කරන් සිං ග්‍රෝවර් සමග විවාහ වි ඇති අතර ඇයට කුඩා පුතෙකු ද සිටියි.පසුව ඇය ඔහුගෙන් දික් කසාද වී ඇත.2013 වසරේ දී මෙන්ම 2017 වසරේ දී හොදම නිළිය ලෙසින් සම්මානයන් ලබා ගත්තේ ඇයගේ විශිෂ්ට රංගනය හේතුවෙනි.

Publishing Date : 2018 . 10 .05
Proudly Presented by හසරැල්.කොම්



 

Sunday, October 7, 2018

නිරෝගිබව ගැන හිතන අයට ව්‍යායාම මගින් අත්වන වාසි

නිරෝගිකම ගැන හිතන කාටත් වැදගත් වන කාරණාවක් ගැනයි යාළුවනේ අද අපි ඔයාලට ගෙන ආවේ.ව්‍යායාම කිරීමෙන් ඔයාලට ලැබෙන වාසි ගැනයි මම අද ඔයාලට කියන්න යන්නේ...



ව්‍යායාම කිරිම මගින්අපේ ශරිරයට  විශාල මෙහෙයක් ඉටු වෙනවා.හැබැයි දවස් දෙකක් සුමානයක් ව්‍යායාම කිරිමෙන් නම් මේ වාසිය ලබා ගන්න බැහැ.නමුත් දිනපතා ක්‍රමානුකුලව ව්‍යායාම කරන අයෙක්ට අත් වන වාසි බොහෝය.
එය මේ ආකාරයට දක්වන්නේ නම්,



  • පරීක්ෂණ මගින් ඔප්පු කරගෙන ඇති ආකාරයට ව්‍යායාම කරන පුද්ගලයින් අනෙක් අයට වඩා සතුටින් හා ප්‍රිතියෙන් කාලය ගත කරයි.


  • ලෙඩරෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය අනෙක් අයට වඩා ඉහළයි.


  • දිනපතා ක්‍රමාණුකූලව ව්‍යායාම කිරණ අයෙක් නම් වයස අවු 40 ගත වුවද ඔහුට එයින් නැවත වසර 12 තරුණ වෙන්න පුළුවන්.උදා-වයස අවුරුදු 40 ක අයෙකුට අවු 28 තරුණයකුගේ ශක්තිය හා කාර්යය ශූරත්වය ව්‍යායාම කිරිම මගින් ලබා ගන්න පුළුවන්.


  • ව්‍යායාම කිරීම තුලින් දියවැඩියාව,රුධිර පිඩනය,රුධිරයේ තෙල් ඇති විම වැනි දැ වලක්වාලයි.


  • විශේෂයෙන් කාන්තාවන්ගේ අස්ථි රෝග,කොන්දේ කැක්කුම,උරහිස් කැක්කුම,බෙල්ලේ ඇති වේදනාවන්,හිසරදය වැනි තත්ත්වයන් ව්‍යායාම කිරිම මගින් නැතිකර ගන්න පුළුවන්.


  • ව්‍යායාම කරන පුද්ගලයාගේ ශාරිරික ශක්තිය ඉහළයි.


  • ශරිරයට ඉතාම හොද හැඩයක් ලැබෙන අතර ව්‍යායාම මගින් හොද කඩවසම් පෙනුමක් ද ලැබේ.
Publishing Date : 2018 . 10 .09
Proudly Presented by හසරැල්.කොම්