{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Saturday, October 6, 2018

සිරුර කෙට්ටු කිරිමට ආහාර පාලනය ඇත්තෙන්ම අහිතකර ද?

ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයලා ගොඩක් දෙනා උනන්දු වන කාරණයක් ගැනයි.එනම් ඇතැම් අය කෙට්ටු විම සදහා ආහාර පාලනය යොමු වෙලා තියෙනවා.ඒ ගැන තොරතුරු ඔයාලට ගෙනාවේ.....

ආහාර පාලනයේදි ප්‍රධාන වශයෙන් බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වන්නේ ශරිරයේ බර අඩු කර ගැනිම මෙන්ම ශරිරයේ ප්‍රමාණය අඩුකර ගැනිමයි.ඇත්තෙන්ම අද ගොඩක් දෙනෙක් ටිකක් මහත් වුනාම කරන්නේ ආයෙත් කෙට්ටු වෙන්න කියලා ගන්න ආහාර ප්‍රමාණය අඩු කරන කරනවා.ඇත්තෙන්ම මෙයින් සහනයක් ලැබෙනවද කියල තමයි ප්‍රශ්නේ.ගොඩක් ආහාර ගන්න කෙනෙක් එක පාරටම  ඒ කෑම නවත්තලා ආහාර අඩුවෙන් ගැනිම ඉතාමත්ම  අහිතකරයි.එය තවත් රෝගයකට අතවැනිමක් වගේ දෙයක්.ඇත්තෙන්ම අපි  ආහාර පාලනය ඇති කර ගත යුත්තේ ක්‍රමවත් සැලැස්මකට අනුවයි.


ප්‍රධාන වශයෙන් අපි ගන්න කෑම ප්‍රමාණය අඩු කලා කියලා අපේ ශරිරයේ බර ප්‍රමාණය කොහෙත්ම අඩු වන්නේ නැහැ.නිරෝගි සමබර සිරුරක් ලබා ගන්න අපි මේ ආකාරයට ක්‍රියා කල යුතුයි.
අපි ගන්න ආහාර ප්‍රමාණය වැඩි කරන කොට අපි කරන වැඩ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ.එතකොට අපේ සිරුර අනවශ්‍ය ප්‍රමාණයට මහත් නොවි පෝෂණය නිරෝගි මට්ටමකට තබාගෙන ශරිරය සමබර වෙනවා.
අපේ ශරිරය ගොඩක් මහත නම් අපි ගන්න කෑම ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරලා අපි කරන වැඩ ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරන්නත් ඕනේ.
එතකොට අපේ සිරුරත් සමග බරත් සම ප්‍රමාණයකට ගෙන ආ හැකිය.මේ ආකාරයට  කටයුතු කිරිම මගින් අපේ ශරිරයට විශේෂ ආහාර පාලනයක් අවශ්‍ය නොවන අතරම අපේ සිරුරට අහිතකර බලපෑමක් ද ඇතිවෙන්නේ නැහැ.

Publishing Date : 2018 . 10 .08
Proudly Presented by හසරැල්.කොම්

ශ්‍රී ලංකාවේ ඔබ නොදත් විදුලි බලාගාර

ඔන්න අද අපි ඔයාලට කියන්නේ ලොකු පොඩි කාටත් වැදගත් කාරනාවක් ගැනයි.එනම් ශ්‍රි ලංකාවේ පිහිටි විදුලි බලාගාර පිළිබදවයි.මන් හිතනවා ඔයාලට මෙය ගොඩක් වැදගත් වේවි කියලා..


විදුලිබලාගාරය                         ධාරිතාවය(මෙගා වොට්)             ආරම්භක වර්ෂය

ඉගිණියාගල                                          10                                      1963
ලක්ෂපාන 1 අධියරය                             25                                      1950
ලක්ෂපාන 11 අධියරය                           25                                      1958
උඩවලව                                               06                                      1969
පොල්පිටිය                                           75                                      1969
නව ලක්ෂපාන                                      100                                    1974
මොරගහ කන්ද                                     40                                      2007
උකුවෙල                                               40                                     1976
බෝවතැන්න                                         40                                     1981
කැනියෝන් 1 අධියර                             36                                     1982
කැනියෝන් 11 අධියර                           30                                     1983
කැලණිතිස්ස                                         50                                     1964
රන්ටැඹේ                                              60                                     1989
වික්ටෝරියා                                          210                                    1984
සමනල වැව                                          120                                   1992
සපුගස් කන්ද                                         80                                     1984
කුකුළේගග                                           70                                      2003
ඉහළ කොත්මලේ                                 150                                    2007
උමාඔය                                                100                                    2008

වෙනත් බලාගාර

කැළණීතිස්ස වාෂ්ප බලාගාරය
කැළණීතිස්ස ගෑස් ටර්බයින්
සපුගස්කන්ද බලාගාරය
සුළං විදුලි බලාගාරය
වායු විදුලි බලාගාරය
නොරොච්චෝලේ බලාගාරය

Publishing Date : 2018 . 10 .08
Proudly Presented by හසරැල්.කොම්
                              

Friday, October 5, 2018

බොලිවුඩ් සිනමා සක්විති වන ලොව දෙවනි ධනවත් නළු ශාරුක් ඛාන්

ඔන්න යාළුවනේ මම අද ඔයාලට කියන්න යනේනේ ඔයාලා කවුරුත් ආදරය කරන බොලිවුඩ් තරුවක් ගැනයි.ඒ ලෝකයේ සිටින හොදම ආදරවන්තයා ෂාරුක්ඛාන් ගැනයි.





1965 වර්ෂයේ නොවැම්බර් මස දෙවනි දින උපත ලද මොහු වර්ථමානයේ බොලිවුඩ් සිනමා රංගන ශිල්පියකු මෙන්ම බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුද වේ.තවද රුපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකුද වෙයි.
බොලිවුඩයේ සිටින ආදර්ශමත් අඹු සැමියන් අතර ෂාරුක් හා ගෞරී පෙරමුනේ සිටියි.මොහු තම දරුවන්ටද  ආදරය කරන ආදර්ශමත් පියෙකි.බොහෝ පින් අතේ වැඩ ගණනාවක් කරන ඔහු කියන්නේ ඒවා කරන්නේ කිසිදු ප්‍රතිලාභයක් බලා පොරොත්තුවෙන් නොවන බවයි.එකම දිනක මාධ්‍ය වල ලිපි 5000 ඵල වන්නට තරම් ඔහු ජනප්‍රියත්වයක් ලැබු එකම නළුවාත් මොහුය.



 මොහුගේ මුල්ම චිත්‍රපටය වන්නේ දීවානාය.එතැන් සිට වානිජ සිනමාවේ වානිජ අතින් වඩා සාර්ථක  චිත්‍රපට ගණනාවකට තම රංගනයෙන් දායකත්වය සපයා ඇත.මොහු දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ,කුච් කුච් හෝතා හේ,චක් දේ ඉන්දියා,ඔිම් ශාන්ති ඕම්,රබ් නේ බනා ඩි ජෝඩි යන චිත්‍ර පට ෂාරුක්ගේ රංගනයේ දක්ෂතාව මනාව පෙනෙයි.
එමෙන්ම කබි කුෂි කබිගම්,කල් හෝ නා හෝ ,වීර් සාරා,කබි අල් විදා නා කෙහෙනා යන චිත්‍ර පට වැඩිම ආදායමක් ඉපයු චිත්‍රපට අතරට අයිතිය.මොහු ඩොලර් මිලියන  අටසිය විස්සක වටිනාකමකින් යුත් බව ඇස්තමේන්තු කර තිබේ.
චිත්‍ර පටය තිරගත වන්නට පෙර රුපියල් කොටි හාරසියක  ප්‍රවේශ පත්‍ර අලෙවි  වු චිත්‍ර පටය වන්නේ ෂාරුක් රග පෑ  හැපි නිව් ඉයර් චිත්‍රපටයයි.මොහු  රසික හදවත් තුල ආදරය දිනා ගත් චරිතයකි.සමහරු ඔහු හදුන් වන්නේ ලෝකයේ සිටින හොදම ආදරවන්තයා ලෙසයි.


Publishing Date : 2018 . 10 .03
Proudly Presented by හසරැල්.කොම්

මවිබිමට නැවත පැමිණි ජනප්‍රිය නිලි කාංචනා මෙන්ඩිස්

ඔන්න යාළුවනේ අපි අද කියන්න යන්නේ ඔයාලා ගොඩක් ආදරය කරන රසික හදවත් පිනවු ජනප්‍රිය නිලි කාංචනා මෙන්ඩිස් ගැනයි.


මේ දින වල ලංකාවට පැමින සිටින ජනප්‍රිය නිලි කාංචනා මෙන්ඩිස් දැනට විදේශගත වී වසර හතරක් පමණ වෙනවා.ඒ ඇගේ සැමියා වන රොෂාන් සමග එංගලන්තයේ වාසය කරන ඇය දැන් තිදෙරු මවක්.නිවසේ වැඩ පමණක් නොව තම දරුවන්ගේ මෙන්ම ස්වාමියාගේ වැඩත් සමග ඇය දැන් කාර්යය බහුල ජිවිතයක් ගත කරයි.

දෙදාහ දශකයේ ඉතා ජනප්‍රිය වී සිටි කාංචනා රග පෑ නාට්‍යන් අතර ඉසුරු යෝගය,මේ වසන්ත කාලයයි,සති පුජා ,රාජ්‍ය සේවය පිනිසයි ආදි විවිධ නාට්‍ය ඔස්සේ රසික හදවත් වලට වඩා සමිප විය.
තෙවරක්ම ජනප්‍රිය නිළි සම්මාන ලැබු කාංචනා මෙන්ඩිස් ගිරිකුල,මේ වසන්ත කාලය යන නට්‍ය වලට හොදම නිලි සම්මානය ලබා ගත්තා. ඇය ලංකාවට පැමිණෙන සෑම මොහොතකම කුමක් හෝ නිර්මාණයකට දායකත්වය ලබා දෙනවා.ඇයගේ අදහස වන්නේ ඇතැම් විට කලාවේ නිෂ්පාදනය පැත්තෙන් හෝ කුමක් හෝ සේවයක් කිරිමයි.

Publishing Date : 2018 . 10 .07
Proudly Presented by හසරැල්.කොම්

Thursday, October 4, 2018

විශ්මිත ගුණ සපිරි බෙහෙත් නෙල්ලි

යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ඖෂධයක් මෙන්ම පළතුරක්  වන අපට එදිනෙදා ආහාරයට ගත හැකි  විශ්මිත ගුණ සපිරි බෙහෙත් නෙල්ලි ගැනයි.

 

පළතුරු වර්ග අතරින් බෙහෙත් නෙල්ලි වලට හිමි වනනේ ප්‍රමුඛ ස්ථානයකි.මෙහි ඖෂධීය ගුණය ඉතා ඉහලයි.වියලි හා අතරමැදි කලාපයේ නෙල්ලි ශාකය ශාකය ඉතා හොදින් වැවෙයි.බිබිල ,අනුරාධපුර,රත්නපුර,පො‍ලොන්නරුව,බදුල්ල,මොනරාගල ප්‍රදේශවල බෙහෙත් නෙල්ලි ශාකය බහුලව දැකගත හැකිය.තවද තෙත් කලාපිය ප්‍රදේශවලද නෙල්ලි ශාකය දැකගත හැකිය.මෙය ඕනෑම දේශගුණික තත්ත්වයකට ඔරොත්තු  ආකාරයට මෙම ශාකය හොදින් වර්ධනය වෙයි.

 

  • නෙල්ලි පළතුරක් ලෙස භාවිතා කරන අතර නෙල්ලි අච්චාරු,ජෑම්,කෝඩියල්,පළතුරු බිම ආදිය සැකසිමට භාවිතා කරනු  ලබයි.

  • ආයුරුවේද ඖෂධයක් ලෙස සැලකෙන මෙය ඉහළ ඖෂධීය ගුණයක් සපිරියි.

  • හිසකෙස් වර්ධනයට මෙන්ම  දන්ත සෞඛ්‍ය රුක දෙයි.

  • ආහාර ජීර්ණය ද පහසු කරයි.

  • දියවැඩියාව පාලනයටද ඉතා ගුණදායකයි.

  • ආහාර රුචිය වඩවයි.

  • ස්නායු රෝග සදහා මෙන්ම හෘදයට මෙන්ම ගර්භාෂයට ද හිතකරයි.

  • නෙල්ලි වල අඩංගු විටමින් c  මගින් සිරුරේ ප්‍රතිඔක්සිකාරකයක් ලෙසින් ක්‍රියා කරමින් විවිධ රෝග ආභාධ වලින් ආරක්ෂා කරයි.

නෙල්ලි පැල ලබා ගන්නා ආකාරය

නෙල්ලි ශාකය බෝකර ගැනීමේදී බීජ වලටත් වඩා සාර්ථක ක්‍රමය වන්නේ බද්ද කර ගැනිම හා මුල් කැබලි පැල කිරිම මගින් උසස් ඵලදාවක් සහිත වඩාත් සාර්ථක පැල ලබා ගත හැකිය.

මෙසේ ලබා ගත් පැල සිටුවීමේ දි බීජ පැල නම් මීටර් 6 -7 පමණ  පරතරයට ද බද්ද පැල සිටුවිමේදී මීටර් 4-6 පමණ පරතරයකද සිටු විය යුතුය.සාමාන්‍ය පළතුරු පැළ සිටුවන ආකාරයටම නෙල්ලි ශාකය සිටුවිය හැකිය.පැළ සිටුවීමෙන් අනතුරුව සති 2-3 පමණ සෙවනේ තැබිය යුතුය.

මේ අනුව නෙල්ලි ශාකයට සෑදෙන රෝග අතර පිටි මකුණාගේ හානිය,ඵල හා පත්‍ර වලට වැළදෙන මළකඩ රෝගය දැකගත හැකිය.

මෙම තත්ත්වයන් පාලනය සදහා  ජලය සැපයීම,අතු කප්පාදුව, සුර්යා ලෝකය ලැබීමට  සැලැස්වීම මගින් මෙම තත්ත්වය වලක්වා ගත හැකිය.තවද කොහොඹ යුෂ වැනි දිලිර නාශකයන් භාවිතා කිරිම මගින් රෝග තත්ත්වයන් පාලනය කර ගත හැකිය.

ඖෂධීය වටිනාකමක් ලබා දෙන බෙහෙත් නෙල්ලි පැළයක් ඔබේ නිවසේ ගෙවත්තේ සිටුවා ගැනිමෙන් ගෙවත්තට සුන්දරත්වයක්  මෙන්ම වටිනා කමක්ද ලැබේ.


Publishing Date : 2018 . 10 .05
Proudly Presented by හසරැල්.කොම්

 

ශ්‍රී ලංකාවේ පැරණී ග්‍රන්ථ පිළිබද විස්තර

ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්නේ ඔයාලට ගොඩක් වැදගත් වන කාරණාවක් ගැනයි. එනම් ශ්‍රි ලංකාවේ පැරණි ග්‍රන්ථ හා ඒවාගේ කතුවරුන් ගැනයි.



සැළලිහිණි සංදේශය              -  තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
ගිරා සංදේශය                        -  තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
කාව්‍යෙශේකරය                    -  තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
පරවි සංදේශය                       -  තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
ලෝවැඩ සගරාව                    -  විදාගම මෛත්‍රි හිමි
බුදුගුණ අලංකාරය                  -  විදාගම මෛත්‍රි හිමි
හංස සංදේශය                        -  විදාගම මෛත්‍රි හිමි
සද්ධර්මරත්නාවලිය               -  ධර්මසේන හිමි
ගුත්තිල කාව්‍ය                       -  වෑත්තැවේ හිමි
සිදත් සගරාව                         -  අනේෂ්මධර්ෂි
ලෝකෝපකාරය                   -  රණස්ගල්ලේ හිමි
කවිසිළුමිණ                           -  දෙවන පැරකුම්බා රජු
සැවුල් සංදේශය                     -  අලගියවන්න මුකවෙටිතුමා
අමාවතුර                                - ගුරුළුගෝමි
ධර්ම දිපිකාව                          - ගුරුළුගෝමි
බුත්සරණ                               -  විද්‍යා චක්‍රවර්ති
පුජාවලිය                               -  මයුරපාද ස්ථවීර
නිකාය සංග්‍රහය                      -  දෙවන ධර්මකිර්ති රජතුමා
මයුර සංදේශ                         -  කවිෂ්වර රජතුමා
කොන්තන්තිනු සටන             -  අලගියවන්න මුකවෙටිතුමා  


Publishing Date : 2018 . 10 .04
Proudly Presented by හසරැල්.කොම්

Wednesday, October 3, 2018

නොසැලකිලිමත්කම නිසා බෝවන ඩෙංගු රෝගය






පසුගිය වසරේ ඩෙංගු අවදානම නිසා බොහෝ පිරිසක් මරණයට පත් විය.බොහෝ පිරිස් පරිසරය අපිරිසිදුව පවත්වාගෙන යාමෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ යයි.අවට පරිසරයේ දමා ඇති ටින් ,බාල්දි,බැරල් ,ප්ලාස්ටික් කප්,ටැංකි,ටයර් වැනි දැ වල වතුර එකතු වීමෙන් ඩෙංගු කීටයන් බෝ වෙයි.මේවා මදුරුවන් බෝ නොවන ලෙස  වසා දැමිම හෝ පිිලිස්සීම සිදුකල යුතුයි.එවිට මදුරුවන් බෝ නොවෙයි.තවද ළිං සදහා කීට භක්ෂක මසුන් යෙදීම ඉතා වැදගත්ය.නිවසේ අලංකාරයට තබා ඇති පොකුණු ,ටැංකි ඩෙංගු මාරයාට කදිම නවාතැනකි.වැසි ජලය එකතු වන ස්ථාන කාණූ ,වැහි පිහිලි පිරිසිදු කිරිම,තවද ජලය එකතු වන ශාක ඇත්නම් ඒවා ද විනාශ කළ යුතුය.



ඩෙංගු රෝගය වැළදී ඇති පුද්ගලයකුට වඩා වැදගත් වන්නේ විවේකයයි.ගමන් බිමන් යාමෙන් වැළකි නිවසට වී කාලය ගත කළ යුතුය.උණ පාලනයේ දී වෛද්‍යවරයා නිර්දේශ කරන පැරසිටමෝල් නිසි පරිදි ලබා ගැනිම හැර වෙනත් කිසිදු ඔෟෂධයක්  වෛද්‍ය අනුමැතියෙන් තොර ලබා නොගත යුතුයි.රුධිර පරික්ෂාවද වෛද්‍ය නිර්දේශ අනුව කළ යුතුය.රුධිර පට්ටිකා ප්‍රමාණය 130000/mm3 ට ආසන්න නම් වහාම වෛද්‍ය උපදෙස් පිලි පදින්න.වෛද්‍ය වරයා වෙත යාමේදී රුධිර පරික්ෂණ වාර්තා රුගෙන යාමට සැලකිලිමත් වන්න.පළතුරු යුෂ,තැඹිලි,කැද,ජිවනි වැනි ආහාර ගැනිම වැදගත්ය.විජලනයට පත් නොවීමට ජලය පානය ඉතා වැදගත්ය.නමුත් දියර පානය ගැනිමේදී ද වෛද්‍ය උපදෙස් මත ගත යුතුය. මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගින් ගණන 38521  ක් වෙනවා.
කොළඹ ,මාතලේ,ගම්පහ,නුවර,යාපනය,අම්පාර,ත්‍රිකුණාමලය,කළුතර,හම්බන්තොට,රත්නපුර,පොලොන්නරුව,කෑගල්ල,කල්මුනේ ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් වාර්ථා වන දිස්ත්‍රික්කයයි.කෙසේ වෙතත් ඩෙංගු රෝගය මුළු රටටම අවදානමක් වේ.

Publishing Date : 2018 . 10 .01 
Proudly Presented by හසරැල්.කොම්