{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Sunday, December 23, 2018

ඔබ දැන සිටියා ද? Smart Phone භාවිතයෙන් ඔබට සිදු වන හානි

ජංගම දුරකථනය වත්මන් පරපුරේ ජනප්‍රියම විලාසිතාවක් බවට පත්ව ඇත.මේ වන විට බොහෝ දෙනෙක් මෙම ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වී සිටියි. මෙම දුරකථන භාවිතා කිරිමේන් වත්මන් පරපුර රෝගාබාද රුසකට මුහුණ දෙන බවනම් සෑබැවකි.එනම් 



  • ශ්‍රවන ආභාද ඇති කරයි.
වර්ථමානයේ බොහෝ අය දුරකථනයේ පැය ගණන් සංවාද වල නිරත වෙන බව ඔබ දැක ඇත.තවද Ear Phone පැළද සිටිම ද දැක ගත හැකි අතර ශබ්දය වැඩි කර භාවිතා කරයි.මේ නිසා බොහෝ අයට කනේ ස්නායු වලට හානි සිදු වී ශ්‍රවනාභාද ඇති වීමට ඉඩ ඇත. 

  • ඇස් පෙනිම බොද කරයි.
 නිතර ජංගම දුරකථන භාවිතය නිසා ඇස් වලට හානි සිදු වන බව සොයා ගෙන ඇත.මෙයින් නිකුත් කරන තරංග මගින් ඇස් වලට හානි කර වේ.එම තිරය මගින් නිකුත් කරණ ආලෝකය මගින් ඇසේ සුදු ඉංගිරියාවට හානි වීම මෙන්ම වයසට යාමත් පෙර බොද වී පෙනෙයි.
සමේ ආසාදන
මෙම ජංගම දුරකථන නිෂ්පාදනය සදහා යොදා ගන්නා ලෝහ වැනි සංඝටක මගින් සමට අහිතකර වේ මේ හේතුවෙන් සම මත රතු ලප වැනි දෑ ඇති වේ.


  • මානසික ආතතිය වීම
මෙම ජංගම දුරකථනය භාවිතයෙන් මනස විකෘති වේ .තවද බොහෝ අය  දුරකථනය සදහා ඇබ්බැහි වී සිටියි.එය විද්‍යූත් සංනිවේදන දුර්ත අක්‍රමතාව ලෙසද හදුන්වයි.බොහෝ අය නිතර නිතර දුරකථනය පරික්ෂා කර බලයි.නිතර නිතර සමාජ ජාලා වෙබ් අඩවි පරික්ෂා කිරිමෙන් පුද්ගලයාගේ මානසික සුවය නැති කරයි.

  • නින්දට භාදා ඇති කරයි.
ශාරිරයේ සෞඛ්‍යට සෑම කෙනෙකුටම සුවබර නින්දක් අත්‍යවශ්‍ය වෙනවා. නින්දට යන මොහොතේ ජංගම දුරකථන භාවිතයෙන් නින්දට භාදා ඇති කරයි.එනම් මෙහිදි දුරකථනය මගින් නිකුත් වන කිරණ මගින් නිනිදට භාදා ඇති කරයි.

බෙල්ලට වේදනා ඇති කිරිම මෙන්ම මිනිසාගේ ක්‍රියාශිලිත්වය අඩු කරයි.
බොහෝ අය ජංගම දුරකතන භාවිතයේ දී බෙල්ල නවාගෙන කොදු ඇට පෙළ අවිධිමත් ලෙස තබා ගෙන සිිටියි.මේ හේතුවෙන් බෙල්ලේ වේදනාව සහ කොන්දේ වේදනාව ඇති වන බව කිව හැකිය.මෙය රෝග රුසකට හේතු වේ.

  • මොළයේ පිළිකා ඇති වීමට මෙන්ම නිසරු බවට ද හේතු වෙනවා.
මෙම ජංගම දුරකථන බොහෝ අය දවසේ වැඩි කාලයක් ගෙවන්නේ දුරකතනය සමගයි.එනම් මෙසේ දිගු කාලයක් එක දිගට දුරකතනය අනවශ්‍ය ලෙස භාවිතා කිරිමේන් එයින් නිකුත් වන කිරණ මගින් මොළයේ ස්නායු සෛල වලට හානි කරයි.එමගින් පිළිකා වැනි තත්ත්වයන් ඇති විය හැකිය.
තවද අධීක ලෙස ජංගම දුරකථන භාවිතය පිරිමින්ගේ නිසරු බවට ද හේතු වන බව විද්වතුන් පවසයි.

Publishing Date : 2018.12.23
Proudly Presented by හසරැල්.කොම්