සම කියන්නේ බොහෝම සංවේදි ඉන්ද්‍රියක් වෙනවා.ඉතින් ඔබේ සුන්දරත්වය පෙන්වීමට සම උපකාරි වෙනවා.වර්ථමානය වන විට සමේ රෝග බොහෝ අයට දක්නට ලැබෙනවා.එයට හේතු වන්නේ පවතින දේශගුණික තත්ත්වයන් මෙන්ම වෙනත් හේතුන්ද බලපානවා.
සම මත කැසීම් ඇති වීමට හේතු වන්නේ යීස්ට් නම් දිලීරය මගිනි.සමේ මෙම දිලිරය සම මත ස්වාභාවිකවම පිහිටනවා.මේම යීස්ට් අසාදනය සම මත වැඩි වශයෙන් වර්ධනය වීම සම මත කැසීමට හේතු වෙනවා.බොහෝ අයගේ ගෙල,බෙල්ල,අත් පා,පිට ප්‍රදේශය ආශ්රිත කැසිමක් ඇති කරයි.වයස් භේදයකින් තොරව මෙම ආසාදන පුද්ගලයාට ඇති වේ.
රෝග ලක්ෂණ
- සම මත සුදු ,රෝස,දුඔුරු ,කහ පැහැති ලප ඇති වීම.
- සම මත අධිකව කැසිමක් ඇති වීම
- කසන විට රතු පාට බිබිලි ඇති වීම මෙන්ම කසන ස්ථානයේ දැවිල්ලක් ද ඇති විය හැකිය.
- අධිකව දහඩිය දැමිම
- උණුසුම් කාලගුණයක් ඇති විට
- අධික තෙල් සහිත සමක් ඇති අයෙකුට
- ප්‍රතිශක්තිය අඩු වු විට සම මත යීස්ට් දිලිරය වැඩියෙන් වර්ධනය වීම
ප්‍රතිකර්ම
මේ සදහා වෛද්‍යවරයකු නියම කරන පිළිවලට ප්‍රතිකාර ගැනීම සිදු කල යුතුයි.එමෙන්ම මෙය වෙනත් කෙනෙකුට බෝ වීමට ද ඉඩකඩ ඇති අතර බෝ නොවන සේ පරිස්සම් වන්න.තවද රෝග ලක්ෂණ පෙන්වන විටම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්න.නැතිනම් රෝගය ශරිරය පුරා පැතිරිමට ඉඩ ඇත.ප්‍රතිකාර කිරිමේදී රෝගය සම්පුර්ණයෙන්ම සුව වන තෙක් කරන්න.අතර මග ප්‍රතිකාර කිරිම නවත්වන්න එපා.සම පිරිසිදුව තබා ගන්න. අධිකව දහඩිය දමන අයෙකුනම් දහඩිය උරා ගන්නා ඇදුම් ඇදීමට සැලකිලිමත් වන්න