{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Tuesday, December 18, 2018

ඔබත් දියවැඩියා රෝගයෙන් පීඩා විදිනවා ද? දියවැඩියාව ඔබේ ශරිරයට ඇති කරන හානිය




අද වර්තමානයේ දියවැඩියාව  සෑම කෙනෙකුටම වගේ තිබෙන රෝගයක් වෙනවා.ඉතින් මෙම දියවැඩියාව රෝගය ඇති වීම වලක්වා ගැනිම අප කාගෙත් වගකිමක් වෙනවා.වර්තමානය වන විට කුඩා ළමුන් පවා මෙම දියවැඩියා රෝගයෙන් පීඩා විදිනවා.මෙම දියවැඩියා තත්ත්වය අපගේ ශරිරයට බලපාන අන්දම පහත දැක් වේ.

වකුගඩු රෝග වලට හේතු විම.
රුධිරයේ සිනි ප්‍රමාණය වැඩි වීමෙන් වකුගඩුවේ ක්‍රියාකාරිත්වයට හානිකර විදියට  බලපෑම් කරනවා.එවිට මුත්‍රා වල ප්‍රෝටීන් එක් විම වැඩි වෙනවා.එවිට මුත්‍රා මාර්ගය ආශ්‍රිත අවධානම් සහිත වෙනවා.

 ස්නායු පද්ධතියට බලපැම් කරයි.
 අප සිරුරේ ස්නායු පද්දතියේ ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපානු ලබයි.

ඇස් වලට  බලපැම් කරයි.
අප දියවැඩියා රෝගයෙන් පෙලෙන විට එය අපගේ ඇස් වල පෙනිමට බාදා ඇති කරයි.එනම් රුධිරයේ සිනි මට්ටම වැඩි වු විට අපගේ ඇස් පෙනිම දුර්වල කරයි.එහිදි බොද වි පෙනිම, ඉදිමිම,ඇසේ සුද, ග්ලුකෝමා වැනි තත්ත්වයන් ඇති විමට හේතු වේ.

මුඛ සෞඛ්‍යයට බලපායි.
දියවැඩියාව ඇති විට දත් හි විදුරුමස් රෝග ඇති විමට හේතු වෙනවා.එනම් දියවැඩියාව ඇති විට දත් පරිස්සම් කර ගැනිමට කටයුතු කරන්න.

 හදවත් රෝග වලට හේතු වීම.
මෙහිදි සිදු වන්නේ රුධිර නාල වල අහිත කර මේදය ,කැල්සියම් වැනි දැ රුධීර නාල වල තැන්පත් විමයි.මේ නිසා රුධිර ගමනා ගමනයට බාදා ඇති කරයි.

මධ්‍යම ස්නායු පද්දතියට දැඩි අවධානමක් ගෙන දෙයි.
දියවැඩියාව නිසා ස්නායු පද්දතිය නිසි ලෙස ක්‍රියා නොකල විට අධික ලෙස දහදිය දැමිම,සීතලක් , සිරුරේ වේදනාවක් ඇති වෙනවා.

මවු පදවියේ ගැටලු ඇති කරයි.
ගැබිනි සමයේ දී ස්වාභාවිකවම හෝමෝන වල ක්‍රියාකාරිත්වය  මගින්  දියවැඩියාවට  ඇති විමට බලපෑම් කරනවා. 

උදරයට බල පෑම් කරයි.
වෙහෙස , විජලනය , වැඩිපුර මුත්‍රා පිටවීම වැනි ලකුණූ ඇති වෙනවා.වමනය, ඔක්කාරය ,මල බුුරුලට යාම,පපුවේ දැවිල්ල වැනි දැ රුධිරයේ සිනි මට්ටම වැඩි වු විට ඇති වෙනවා.

සම වියපත් කරයි
මොවුනට සමේ රෝග ඇති වීමේ අවධානම ඉහලයි.තවද මොවුන්ට සමේ දිලීර හෝ බැක්ටිරියා ආසාදනය විීමේ අවධානම වැඩියි.පාදයේ ඇගිලි අතර ,අතේ අගිලි අතර මුවේ කෙලවර පලු ඇති වීමට ඉඩ ඇත.

Publishing Date : 2018.12.18
Proudly Presented by හසරැල්.කොම්