{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Thursday, December 6, 2018

ඔබ උපන් දවස අනුව ඔබේ ගතිගුණ




සදුදා දින -  සදුදා දින ඉපදුන අය ඉතා වාසනාවන්තය.මොවුන් බොහෝ විට සුදු පාට ඇදුම් ඇදීමට ප්‍රිය කරයි.පරාර්ථකාමි ලක්ෂණ මොවුන්ගේ දැක ගත හැකියි.මෙදින උපන් කාන්තාවෝ තම ස්වාමි පුරුෂයාට ඉතා ආදරයෙන් සලකයි.තවද මෙම කාන්තාවන්  ධර්මයට ලැදිව කටයුතු කරයි.

 අගහරුවාදා දින -  මොවුන් වයසට ගියත් වැඩි වයසක් මොවුන්ගේ නොපෙනෙයි.මොවුන්ගේ ශරිරය වඩා උස් නොවු ශරිරයක් වෙයි.මොවුන්  තරමක් අහංකාර ගති ඇති  අතර  අනික් අය හට අණ දීමට කැමති වන අතර මොවුන්ව ලෙසියෙන් කාටවත් රුවටිය නොහැකි වන අතර රුවටීම් වලට හසු නොවෙයි. නමුත් මෙවැනි කාන්තාවන් අන්‍යයන් ආකර්ශනය කර ගත හැකි ලක්ෂණ මොවුන් තුල ඇති අතර සෑම කෙනෙක් සමගම සුහදව කටයුතු කරයි.

  බදාදා - වෛද්‍ය අංශයට මෙන්ම කලා කටයුතු වලට මොවුන් බොහෝ විට යොමු වේ.තවද මොවුන් නිතරම සිනහ මුසුව සිටින අයයි.

 බ්‍රහස්පතින්දා -  මොවුන් බුද්ධියත් අය වේ.මොවුන්ට උසට සරිලන ශරිරයක් හිමි වේ.මොවුන්ගේ නෙත් දුඹුරු පාටින් යුක්ත වේ.මොවුන් උපතින්ම ධනවත් වේ. මොවුන් තුළ මසුරු කම් දක්නට ලැබේ.

සිකුරාදා දින - මොවුන්ගේ මුහුණ පළල් ස්වභාවයක් පෙන්නුම් කරන අතර පැහැපත් ශරිරයකින් යුක්ත වේ.නාට්‍ය ,සංගීතය චිත්‍ර කලාව ආදියට දක්ෂය.මෙදින උපන් කාන්තාවන් රූමත් බවින් යුක්ත වන අතර පතිදම් රකින ස්ත්‍රින් වේ.තවද මොවුන් සැපවත් ජිවිත ගත කරයි.

සෙනසුරාදා දින -  මොවුන් බොහෝ විට සිත් පිඩා වලින් යුක්තව කටයුතු කරයි නමුත් කෙසේ හෝ බාධක මැද වුවත් ජිවිතේ ගෙන යයි.මොවුන්ගේ ශරිරය කෙට්ටු වන අතර දුර්වල ශරිරයක්ද වේ.මොවුන් කායික මානසික වශයෙන් පහත් තත්ත්වයකට ඇද වැටෙන අතර විවිධ දුෂ්කර අත්දැකිම් වලට මුහුණ දෙයි.

ඉරිදා දින - මෙදින උපන් කාන්තාවන් ඉතා බුද්ධිමත් වන අතර ගුණයහපත් කමින් යුක්ත වේ.මෙදින උපන් අයට කැරලි හිසකෙස් පිහිටයි.මෙදින උපන් අය කරන කාර්යයන් කුමක් වුවත් සාර්ථකත්වයට පත් වේ.මොවුන් බුද්ධිමත් බවින් යුක්තයි.