{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Friday, December 21, 2018

චෛත්‍යය පිරිසිදු කිරිමෙන් ලැබෙන ආනිසංස

අද අපි කියන්න යන්නේ ඉතාමත් වටිනා වැදගත් කරුණක්.සිංහල බෞද්ධයන්ට මෙය වැදගත් වේවි.







  • දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම.
  • සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම.
  • අංග සම්පුර්ණ රූමත්  සිරැරක් ලැබීම.
  • ශරිරය රන් වන් පැහැ ඇති වීම.
  • ඉතාමත් මෘදු සිනිදු සමක් ලැබිම.
  • ශරිර‍යේ කුණූ දුවිලි  නොරැදීම.
  • දුගද හමන දහඩිය  නොගැලිම.
  • රෝග නොවැළදීම.
  • කුෂ්ඨ ,දද.හොරි,පිළිකා ආදිය නොවැළදීම.
  • සතුරන් ඇති නොවීම.
  • චිත්ත  පීඩා ඇති නොවීම.
  • සොර,ගිනි,ජල ,සතුරු ,රාජ බියක් හෝ අනතුරක් නොවිම.
  • පරමායුෂ විදිමට ලැබිම.
  • දැසි දස්සන් ආදී සැම කෙනෙක්ම කීකරු වීම.
  • ගමේ රටේ සියළු දෙනාම  තමන්ට කිකරු වීම.
  • භෝග සම්පත්,යසස් ,ශ්‍රීයා ඇත්තෙකු වීම හා කිසි බියක් සැකක් නැතිව ජිවත් වීමට හැකි වීම.
  • දෙවියෝ ද අසුරයෝද ,ගාන්දර්වයෝ ද ,යක්ෂයෝ ද යන යන තැන ආරක්ෂා කිරීම.
  • දෙවි මිනිසුන් අතර පමණක් හිද නිවනට පැමිණිමට ලැබිම.
  • මාර්ගඵල ,ධ්‍යාන ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබිම.