{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Tuesday, December 18, 2018

දන්තාලේප දත් මදින්න විතරම ද?

ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ගැනයි.ඔයාලා දිනපතා පාවිච්චි කරන දන්තාලේප වලින් කරන්න පුළුවන් දේවල් ගැනයි අද අපි ඔයාලට කියන්න යන්නේ. මේ දේවල් ඔයාලගේ ජිවිතේට වැදගත් වේවි.


  • ඇලුමිණියම්,රිදි භාණ්ඩ වැනි දෑ වල දිප්තිමත් භාවය ලබා ගැනිමට  දන්තාලේප ස්වල්පයක් දමා අතුල්ලන්න.එවිට එය කලින් තිබු දිස්නයම ලැබේවි.
  • ජංගම දුරකථන වල සිරිම් වැනි දෑ ඉවත් කර ගැනිමට, ලී මේස මත තිබෙන පර්මනට් මාකර් ඉරි මකා ගැනිමට දන්තාලේප ස්වල්පයක් දමා අතුල්ලන්න.
  • විදුලි ස්ත්‍රික්ක වල  ඇති වන කළු පාට පැල්ලම් ඉවත් කර ගැනිමට දන්තාලේප ස්වල්පයක් දමා අතුල්ලන්න.
  • වාහන වල විදුලි පහන් වල ඇති දුර්වර්ණ බව ඉවත් කර ගැනිමට දන්තාලේප ස්වල්පයක් දමා රෙදි කඩකින් අතුල්ලන්න.
  • රෙදි මත ගැවි ඇති පැල්ලම් ඉවත් කිරිමට දන්තාලේප ස්වල්පයක් ඒ මත තවරා  අතුල්ලා සොදා හරින්න.
  • සිරිමට ලක් වුනු CD , DVD තැටි යලි යතා තත්ත්වයට පත් කර ගැනිම සදහා දන්තාලේප ස්වල්පයක් දමා සුමුදු රෙදි කඩකින් පිස දමන්න.

Publishing Date : 2018.12.18
Proudly presented  by හසරැල්.කොම්