{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Tuesday, December 4, 2018

ඔබේ නිදන කාමරයත් මේ අකාරයද ? නැතිනම් ඇති වන දෝෂ




නිවසේ ඇති වැදගත්ම ස්ථානයක් ලෙස නිදන කාමරය සැලකිය හැකිය.තවද නිදන කාමරයක් නිවරදි දිශාවට ස්ථාන ගත වී ඇත්දැයි බැලිය යුතුය.
මේ අනුව වාස්තු විද්‍යානුකුලව සලකන කල නිදන කාමරය නිරිත දිශාවට සුභ බවද සදහන් කරයි.තවද ඊසාන , ගිණිකොණ දිශාවට ප්‍රධාන නිදන කාමරය අසුභ බවද සදහන් කරයි.ප්‍රධාන නිදන කාමරය නිවරදි දිශාවකට ස්ථානගත වීමෙන් යුවතිපති දෙදෙනාගේ සාමට සතුට සමගිය  ඇති වන බවද සදහන් කරයි.
තවද නිදන කාමරය ඇද තැබිමේ දී සැලකිලිමත් විය යුතුයි.එනම් ඇද කිසිම මොහොතක කාමරයේ පිහිටි කණ්නාඩියෙන් දර්ශනය වීමට නොතැබිය යුතුයි.එසේ කණ්නාඩියෙන් දර්ශනය වනවානම් අඹු සැමියන් අතර ගැටලු ඇති වේ.
තවද ඇදන් දෙකක් එකතු කර තැබිමද එතරම් සුභ නොවෙයි.එනම් ඇදට ඉහලින් බාල්කයක් , යට ලියක් ,බිම් එකක් වැනි දැ තිබිම මගින් ද අසුභ වෙයි.සිවිලිමකින් හෝ ආවරණය කිරිමේන් එය තරමක් දුරට මග හරවා ගත හැකිය.
තවද නිදන කාමරය තුල හිස දමන දිශාවද වැදගත් වෙනවා.එහිදි දකුණ සහ නැගෙනහිර දිශාව වඩා වැදගත් වෙනවා.බස්නාහිර දිශාවට මෘත ශරිර තියන දිශාව වන අතර එය ද සුදුසු නොවේ.තවද උතුරු දිශාවට හිස තැබිමෙන් රෝග  ඇති කරවන බවද වාස්තු විද්‍යාවේ කිය වෙයි.
තවද නිදන කාමරයක් නිසි ලෙස නොතිබිමෙන් දර ඵල පවා අහිමි වන බව කිය වේ.