{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Monday, December 3, 2018

ඔබ දැන සිටියා ද ? සුදුලුනු ආහාරයට නොගතයුතු රෝගින්





සුදුලුනු වල අඩංගු  පෝෂ පදාර්ථ රෝග සුව කිරිමට හේතු වුවත් සමහර රෝග සදහා සුදුලුනු සුදුසු නොවන අවස්ථා පවති.අප රෝගි තත්ත්වයකින් සිටින විට අප ගන්නා  ආහාර ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.එනම් අප ගන්නා අහාර වෛද්‍ය උපදේශ මත ගත යුතුයි.සුදුලුනු සමහර රෝග මර්ධනය කිරිම සදහා උපකාරි වුවත් සමහර රෝග සදහා නුසුදුසුයි.

  • රුධිර පිඩනය අඩු පුද්ගලයින්
සුදුලුනු ආහාරයට ගැනිම මගින් රුධිර පිඩනය පහල දමන අතර එවැනි රෝගින් සුදුලුනු ආහාරයට ගැනිම පාලනය කල යුතුයි.

  • ඇස් පෙනිමේ ගැටලු ඇති පුද්ගලයින්
 ඇස්වල රෝගාබාද ඇති පුද්ගලයින් සුදුලුනු පරිභෝජනය කිරිම නුසුදුසුයි.එමගින් රෝග තත්ත්වය වැඩි වෙයි.


  • අක්මා රෝගින්
මෙවැනි රෝගින් සුදුලුනු ආහාරයට ගැනිම ආහාර ජිර්ණ පද්දතිය ක්‍රියාශිලි කිරිමට හේතු වුවත් ඒ මගින් ඔක්කාරය වැනි තත්ත්වයන් ඇති වෙයි.මෙහිදි සුදුලුනු ආහාරයට ගැනිමෙන් බැක්ටිරියා ඉවත් කරනු ලැබුවත් වෛරස් විනාශ කර දෙනු නොලබයි.

  • සැත්කමට භාජනය කිරිමට නියමිත පුද්ගලයින්
ඔබ සැත්කමකට සුදානම් වි ඇති අයෙක්නම් ඊට සති දෙකකට කලින් වත් සුදුලුනු ආහාරයට ගැනිම වැලැක්විය යුතුයි.එනම් සුදුලුනු ආහාරයට ගැනිම මගින් අධික ලේ වහනය විමට හේතු වෙයි.

  • ගර්භනි කාන්තාවන් සහ කිරි දෙන මවුවරුන්
මෙවැනි අය මෙම කාල වලදි භාවිතයට ගන්නා බෙහෙත් වර්ග සමග සුදුලුනු ආහාරයට ගැනිමට නුසුදුසුයි.

 Publishing Date : 2018.12.03
Proudly Presented By : හසරැල්.කොම්