{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Saturday, December 29, 2018

විස්මිත ගුණ සිපිරි කරපිංචා ආහාරයට එක් කර ගත හැකි ආකාරය

කරපිංචා ආහාර රස ගැන්විම සදහා යොදා ගනු ලැබුව ද මෙහි ඖෂධීය ගුණ බොහෝයි.මෙහි අඩංගු වන විටමින් සී, ඒ,ඩී ,ඊ, කැල්සියම් ,කාබෝහයිඩ්ඩ්‍රේට් අන්තර්ගතයිි.මෙය ස්වාභාවික රසකාරකයකි.


කරපිංචා කැද හෝ  සම්බෝලයය ද ඉතා ගුණය .එය තරබාරු බව අඩු කිරිමට හේතු වේ.මේ සදහා කරපිංචා කැද හෝ සම්බෝල සාදා ආහාරයට ගත හැකියි.කරපිංචා කැද සාදා ගන්නා විට කැද උදැසන පානය කිරිමෙන්  එල්.ඩී.එල් කොලෙස්ටරෝල් අඩු කිරිමට හැකි වෙනවා.මෙහිදි කොලෙස්ටරෝල් පාලනය කිරිමට කරපිංචා දිනපතා ආහාරයට ගැනිමෙන් හැකි වෙයි.

කරපිංචා සම්බෝල සදා ගැනිමේ දී කරපිංචා ,ගොරක,සුදුළුණූ ,ලුණු මිශ්‍ර කර හොදින් අඹරා ආහාරයට ගත හැකියි.දියවැඩියා රෝගයේ සිනි මට්ටම අඩු කර ගැනිමටත් විශේෂ හැකියාවක් කරපිංචා සතුව පවතිනවා.

කරපිංචා අහාරයට ගැනිම මගින් අක්මාවේ අක්‍රිය සෛල වර්ධනය කරයි.අක්මා‍වේ තෙල් තැන්පත් විමේන් විෂ සහිත ද්‍රව්‍ය ශරිරයට ඇතුල් විය හැකියි. එවිට අක්මාව සෛල විනාශ විම  සිදු වේ.එම නිසා අක්මාවේ ඇති වන මෙවැනි රෝගි තත්ත්ව වැලැක්වීමට කරපිංචා ආහාරයට ගැනිමේන් හැකි වෙයි.මෙම කරපිංචා වල අඩංගු විටමින් මගින් ඇස් පෙනීම දියුණු කරයි.

කරපිංචා මගින් ආහාර රුචිය වැඩි කරයි.යම් පුද්ගලයකුට අජිර්ණයක් සෑදුනු විට කරපිංචා තැම්බුන් හොද්දක් සාදා ගෙන ආහාරයට ගත හැකියි.මෙම තැම්බුමන් හොද්ද සදහා   දුදුරු,කොත්තමල්ලි,කුරුදු, රතුලුනු ,ගම්මිරිස්,ගොරකා වලට කරපිංචා දමා හොද්දක් සාදා ආහාරයට ගැනිමට හැකියි.අජිර්ණ අවස්තාවලට මෙන්ම අම්ල පිත්තය වැනි දෑ වලට ඉතා ගුණ දායකයි. 

අකලට හිස කෙස් පැසීමද වලක්වයි.එනම් කරපිංචා ආහාරයට ගැනිම මෙන්ම  කරපිංචා යොදා තෙල් සිද ගෙන හිසකෙස් වල ආලේප කිරිම මගින් හිසකෙස් වලට ඉතා හොදයි.