{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Friday, December 28, 2018

බෝ මළුවේ මල් සුවදක පැටලි ....යන ගිතය හැදුනු ආකාරය නොදන්න අයට බලන්න

මේක ගොඩක් කල් වුණ සිදුවීමක් දවසක් සනත් නන්ද සිරි , ගුවන් විදුලි නිවේදක ප්‍රියාන්න්ද විජේසුන්දර ඇතුලු පිරිස අම්පාර නගරයේ පැවති සංගීත වැඩසටහනක් නිමා කර කොළඹ බලා යන මොහොතක සිදු වු සිදුවිමකි.ඔවුන් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රි පසු වී තිබුණි.


ඒ දින වල ඒ ප්‍රදේශය පාළු කැලැ බද ප්‍රදේශයක් වු අතර අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරු වන අලිමංකඩද  එ් හරහා තිබුණී.බෝහෝ අය අඩ නින්දේ පසු වුවත් ප්‍රියානන්ද සහ සනත් නන්දසිරි කෙටි කථා බහක නිරත වෙමින්  පැමිණියේය.පාර අබලන් නිසා ඔවුන් පැමිණි වාහනය ද ඉතා හෙමින් පැමිණ තිබේ.

මොවුන්ට දකින්න ලැබුනේ පාරේ තැනින් තැන කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලං වීමේදී දකින්න ලැබුනේ වයස අවුරුදු දහයක පමණ  කුඩා සාමණේර හිමි නමක් රෙදි බැගයකුත්  කරේ එල්ලාගෙන පන්දමක් අතින් දරාගෙන සීතල රාත්‍රියේ දාඩිය දමාගෙන  පාර දිගේ යන අයුරුයි.  

මොවුන් හිමිනම ලං වනවාත් සමග වාහනය මදකට නතර කර වු ප්‍රියානන්ද විමසුවේ පොඩි හාමුදුරුවෝ කොහෙද මේ  මහ රෑ දෙගොඩ හරියේ තනියම පන්දමකුත්  අරගෙන වඩින්නේ? පන්සලෙන් පැනල යනව ද?

ඔහු දෙස මදක්  බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කදුලින් බරවී  අඩන්නට විය.
අපේ අම්මට අමාරුයි කියල පනිවිඩයක් ආවා මහත්තයෝ.මාත් එක්ක යන්න කවුරුත් නෑ ඒ නිසා මම තනියම යනවා ඉක්මනට.

අම්මට මොකක් වෙලාද ?

නංගිල දෙන්න බඩගින්නේ අඩනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වේලාවේ වතුර හොයාගෙන ගිය හැපින්නක් පෑගිලා.ඌ අම්මට ගහල මහත්තයෝ .අම්මට අන්තිමයිලු මහත්තයෝ,

එතකොට පොඩි හාමුදුරුවන්ගේ තාත්තා ?
 අවුරුදු දෙක තුනකට කලින් ගහකින් වැටිලා මැරුණා මහත්තයෝ,

පවුලේ වෙන කවුද ඉන්නේ?
 නංගිලා දෙන්නා විතරයි,

ඉතිං අම්මා මොනාද කරන්නේ?
අම්මා පුළුවන් දවසට ගඩෝල් කපන්න යනවා.ඒත් නංගිලා පොඩි නිසා හැමදාම යන්නේ නෑ,

ප්‍රියාන්නදට එතනින් එහාට කතා කර ගත නොහැකි විය.රථයේ සිටි සියල්ලෝම තෘෂ්ණීන්භූතව බලා සිටින්නට විය.


පොඩි හාමුදුරුවෝ නගින්න මේකට, අපි ගෙදර ලගින් ඇරලන්නම්,
අපේ ගෙදරට යන පාරේ මෙම යන්න බෑ මහත්තයෝ.ගොඩක් පාරෙන් ඇතුලේ,දොළකින් එගොඩ වෙලා යන්නත් තියෙනවා.

කමක් නෑ පොඩි හාමුදුරුවෝ නගින්න අපි ගෙදරට යන පාර ලගින් බස්සවන්නම්,
ඒත් මම මේ පන්දම නිමුවොත් මට අය මේ පන්දම  ආපහු පත්තු කර ගන්න ලැබෙන්නේ නෑ, මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ,

රියදුරා ලග වාසනාවට ලයිටරයක් තිබුණී.

ටික දුරක් එම රථයේ ගිය හිමියන් මහත්තයලට ගොඩක් පිං .මම තනියම ආවේ බයෙන්.ඒත් මම අම්මට ගොඩක් ආදරෙයි, අම්මා මාව මහණ කලේ තාත්තා මැරුණු නිසා,එදා අම්ම ගොඩක් ඇඩුවා මහත්තයෝ.තෙරුවන් සරණයි.

රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබු මුදල් වලින් හැකි පමණීන් එකතු කර ඒ හිමියන්ට දී පරිස්සමින් යන්න.අම්මට ඉක්මනට හොද වෙයි.කියමින් සාමණේර හිමියන්ට සමු දෙන්න විය.

මේ සිද්දිය සියලු දෙනාටම මහා කම්පාවක් ඇති කල අතර එක දිනයක මේ ගැන සිතමින් සිටි ප්‍රියාන්න්දට මෙසේ ලියන්න විය.

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලග 
ඉන්නම් කිරි සුවදේ වෙලිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා...

බෝ මළුවේ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට හිත ඇදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ......
දං බෝ විටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලගට සැනින්......

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනින්...
චුට්ටක් සෙල්ලම් කරලා එන්න ද
සුපුරුදු යහලුවන් හා සැණීනේ
එහෙම ගියොත් ඒ අය පොඩිසාදු 
කියා කියන විට වැද වැටිලා...
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා.......