{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Thursday, December 27, 2018

ඔබටත් සති දෙකකට වඩා කැස්ස පවති ද? ක්ෂය රෝගය බෝවිමේ අවධානම් වැඩි බව ඔබ දන්නවාද

ක්ෂය රෝගය සදහා අතීතයේ දී සම්පුර්ණයෙන්ම සුව කිරිම සදහා බෙහෙත් නොතිබුණත් වර්ථමානය වන විට රය දියුණූ වී පවති.එනම් ක්ෂය රෝගය වර්තමානයේ නිසි ආකාරයට ප්‍රතිකාර ගැනිමේන් සම්පුර්ණයෙන්ම සුව කර ගැනිමට හැකියාව පවතියි.



ක්ෂය රෝගය පරම්පරාවෙන් බෝවන රෝගයක් නොවේ.එය බැක්ටිරියාවකින් වාතය මගින් බෝවන රෝගයකි.මෙම රෝගයේ බැක්ටිරියා අසාදනය වන්නේ පෙනහලු ආශ්‍රිතවයි.නමුත් ඕනැම ඉන්ද්‍රියක රෝග කාරක බැක්ටිරියාව පැතිරි රෝගය ඇති විය හැකියි.මෙම රෝගය බෝ වන තවත් අවස්ථාවක් වන්නේ ප්‍රතිකාර නොගෙන ක්ෂය රෝගය ඇති අයෙකු කහින විට,කිවිසුම් යන විට හෝ කතා කරන විට මේවා වාතයට එකතු වීමෙන් ඒවා ආශ්වාස කිරිමෙන් හෝ කෙල වැනි දැ නිරෝගි පුද්ගලයකුගේ ශරිරයට ඇතුලු වු විට රෝගය බෝ වෙයි. පහත සදහන් රෝග ලක්ෂණ තිබෙනවානම් ඔබටත් රෝගය පවති දැයි පරික්ෂා කර ගැනිමට ළය රෝග සායනයකට ගොස් නොමිලේ කර ගත හැකිය.

රෝග ලක්ෂණ 

  • සති දෙකකට වඩා කැස්ස
  • රාත්‍රියට අදික ලෙස දාඩිය දැමිම හා මද උණ ගතිය
  • කෑම අරුචිය
  • සෙම සහිතව රුධිරය පිටවිම.

ප්‍රතිකාර
මෙම රෝගයට වෛද්‍ය ප්‍රතිකාර නිසි ආකාරයට ගැනිම මගින් රෝගය මාසයක් වැනි කාලයකින් සම්පුර්ණයෙන්ම සුව කර ගත හැකියි.නමුත් රෝගය සුවය දැනුනු ගමන් ප්‍රතිකාර ගැනිම වැලැක්වු අයට රෝගය නැවත වැලදීමට ඉඩකඩ ඇත.වෛද්‍යවරයා විසින් නියම කරන තෙක් ප්‍රතිකාර ගැනිම සිදු කරන්න.බාගෙට ප්‍රතිකාර ගත් පුද්ගලයින්ගෙන් අන් අයට රෝග බෝ වීමේ අවධානම වැඩියි.

ශරිරයේ ප්‍රතිශක්තිය අඩු අයට රෝගය බෝ විමේ  හැකියාව වැඩියි.

රෝගයෙන් වැළකිමට කළ හැකි දෑ

  • ඔබට මෙම රෝග ලක්ෂණ පවතියි යැයි සැකයක් පවතිනම් හැකි ඉක්මණින් ළය රෝග සායනයකට ගොස්  සෙම පටල පරික්ෂණයක් සිදු කර ගත හැකියි.
  • කහින විට,කිවිසුම් යන විට ලේන්සුවක් භාවිතා කිරිමෙන් රෝගය අන් අයට බෝ විම වැළැක්වෙයි.
  • මත්ද්‍රව්‍ය දුම්වැටි දෑ භාවිතය වැලැක්විය යුතුයි.
  • දියවැඩියාව ,ඇදුම වැනි රෝග පවතියි නම් ඒවා ප්‍රතිකාර මගින් සුව කරගත යුතුයි.
  • රෝගයට බෙහෙත් බීමට පටන් ගත් පසු රෝගය අන් අයට බෝ විමේ අවධානම අඩු වන අතර රෝගය සම්පුර්ණයෙන්ම සුව වන තෙක් ප්‍රතිකාර ගත යුතුයි.

Publishing Date : 2018.12.27
Proudly Presented by හසරැල්.කොම්