{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Thursday, December 27, 2018

දුරියන් ආහාරයට ගන්නවා ද? මෙහි ගුණ ඇසුවොත් ඔබ හැමදාම ආහාරයට ගනිවි

අග්නිදිග ආසියාතිකයන් දුරියන් හදුන්වන්නේ පළතුරු අතර රජු ලෙස හදුන්වයි.එහි පවතින දැඩි කටු සහිත ලෙල්ල හා එයටම ආවේණීක සුවද නිසා විශේෂත්වයක් පවතියි.මෙම දුරියන් වර්ග අනුව දිගයි හැඩයේ සහ රවුම් හැඩයේ ඒවාගෙන් යුක්ත වෙනවා.මෙහි ලෙල්ලේ වර්ණය දුඹූරු පාට සහ කොළ පැහැයෙන් යුක්ත වෙනවා.සමහර අයට දුරියන් සුවද වුවද සමහර අයටනම් දුරියන් අප්‍රසන්න ගදකින් යුක්ත වෙනවා.
Durio zidethinus  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම දුරියන් ඉතා ගුණදායි ආහාරයක් වෙනවා.මෙම පළතුර  වැඩි වශයෙන් අවුරුද්දේ ජුනි සහ අගෝස්තු යන මාස වල දක්නට ලැබෙනවා.මෙහි ගුණ ගැන අපි කතා කලොත්

  • මෙහි විටමින් සී බහුලව පවතිනවා.
  • ශරිරයේ  රතු රුධීරානු නිපදවිමටත් දුරියන් ආහාරයට ගැනිමෙන් හැකි වෙනවා.
  • සම පැහැපත් කිරිමට මෙන්ම නිරෝගී කෙස් කළඹක් ලබා ගැනිමටත් දුරියන් වලින් හැකි වෙනවා.
  • බඩවැල් වල සෑදෙන පිළිකා නැසිමට ද දුරියන් වලට හැකියාව තිබෙනවා.
  • සම්පුර්ණයෙන්ම කොලෙස්ටරෝල් සහිත ආහාරයක් වන දුරියන් ආහාරයට ගැනිමෙන් රුධිරයේ සීනි මට්ටම සමබර කර ගැනිමට හැකි වෙනවා.
  • ශරිරයේ බර අඩු අයට දුරියන් ආහාරයට ගැනිමට දිමෙන් ශරිර බර වැඩි කර ගත හැකියි.

Publishing Date : 2018.12.27
Proudly Presented by හසරැල්.කොම්