විෂබිජ නාශක භාවිතයේ දී අප සැලකිලිමත් විය යුතුයි.එනම් මෙම විෂබීජ නාශක අපේ සමේ තැවරුණු විට සම මත ඇති වන තුවාල හෝ ඒවායේ සැරට සම පිළිස්සිම් සිදු විය හැකියි.සම මත බිබිලි වැනි දෑ ඇති විම දැක ගත හැකිය.
අප බොහෝ අවස්ථාවල විෂබිජ නාශක ටයිල් පිරිසුදු කිරිමට,ඇද ඇතිරිලි පිරිසිදු කිරිමට මෙන්ම දොර ජනෙල් මෙන්ම මුළුතැන්ගෙයි විවිධ උපකරණ පිරිිසිදු කිරිමට මෙන්ම වැසිකිලි , නාන කාමර පිරිසිදු කිරිමට ද භාවිතා කරනවා එහිදි මේවා බොහෝ විට සමට ද අහිත කර වෙනවා.ඒ නිසා විෂබීජ නාශක භාවිතා කිරිමේ දි සැලකිලිමත් විය යුතුයි.ගර්භනි අය මෙන්ම කුඩා ළමුන්ට ද මෙම විෂබිජ නාශක පිරිස්සමින් භාවිතා කල යුතුයි.එනම් දරුවන්ගේ සම ඉතා සුමුදු බැවින් මේවා තැවරුණ විට අහිත කර විය හැකිය.මේවා වැඩිහිටියන්ට ද අහිත කරයි.එනම් මේවාගේ බොහෝ දුරට ඇත්තේ බ්ලිචිං සහ නිකොටින් වන බැවිනි.
ස්වාභාවික විෂබිජ නාශක සොයා ගැනීම අපහසු කාර්යක් වන අතර බෝහෝ අය වෙළදපලේ ඇති විවිධ නිෂ්පාදන වලින් යුතු විෂබිජ නාශක භාවිතා කිරිමට හුරු වි සිටියි.නමුත් විෂබීජ නාශක තෝරා ගැනිමේදී ප්‍රමිතියෙන් යුතු අතුරු ආභාද අඩු විෂබිජ නාශක තෝරා ගැනිමට අප සැලකිලිමත් විය යුතුයි.
මෙහිදි අප ප්‍රමිතියෙන් යුතු විෂබීජ නාශක තෝරා ගැනිමේ දී අප මුලින්ම බැලිය යුත්තේ එම නිෂ්පාදනයේ ph අගයයි.ph අගය 7 ක් පමණ තිබේ නම් එය භාවිතයට සුදුසුයි.
එසේම විෂබිජ නාශක භාවිතයේ දී අප අත් මේස් යොදා ගත යුතුයි.පාවහන් පෑළදීම ද අනිවාර්යය වෙනවා.
සමහර අවස්ථාවල මෙම විෂබිජ නාශක රසායන වර්ග ගොඩක් යොදා ගෙන නිෂ්පාදනය කරන ලද ඒවා භාවිතා කිරිම සුදුසු නොවේ ඒවා ජලය සමග අහිතකර ලෙස ප්‍රතික්‍රියා කර එය ශරිරයට ද අහිත කර වෙයි.
වැසිකිලි වැනි දෑ පිරිසිදු කිරිමට යොදා ගන්නා විෂබිජ නාශක ටයිල් බිම වැනි දෑ පිරිසිදු කිරිමට යොදා ගැනීමෙන් වලකින්න.එය සුදුසු නොවේ.එයට අදාල විෂබිජ නාශකයෙන් පමණක් පිරිසිදු කරන්න.තවද අධික සුවදින් හෝ සැරකින් යුතු විෂබිජ නාශක ද භාවිතා කිරිමෙන් වලකින්න.එනම් ඒවා සෝදා අවසන් කල ද ඒවාගේ සුවද හෝ සැර ආශ්වාශ විමෙන් හුස්ම ගැනිමේ අපහසුතා ඇති විය හැකියි.
විෂබීජ නාශක යොදා සේදු පසු ඒවාගේ රසායනික ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම ඉවත් නොවේ.එම නිසා ලෙමන් දෙහි,ලුණු දියර හෝ කහ දියර වැනි ස්වාභාවික දේවල් යොදා ගෙන නිවසේ බොහෝ දෑ පිරිසිදු කිරිම කල හැකිය.එවිට විෂබිජ නාශක වලින් වන හානිය වලක්වා ගත හැකිය.