කතුරුමුරුංගා කියන්නේ ඖෂධිය ගුණයෙන් ඉහල ආහාරයක් වෙනවා.මේවා අපි ව්‍යංජන ,මැල්ලුම්,සම්බෝල ආදි ලෙස සකසා ආහාරයට ගන්නවා.නමුත් කතුරුමුරුංගා කොළ කැද ද ඉතා විශේෂ ගුණයකින් යුක්ත වෙනවා.මෙම කතුරුමුරුංගා වල කාබෝහයිඩ්ට්‍රේට් ,ප්‍රෝටීන්,තන්තු සහ ඛනිජ ලවන ,කැල්සියම්,විටමින් සී,කැරෝටින්, පොලේට් ඇසිඩ් ආදි දෑ අන්තර්ගත වෙනවා.
කතුරුමුරුංගා ආහාරයට ගැනිමෙන් ඔබට ලැබෙන වාසි
- උණ රෝගින් සදහා වඩාත් ගුණ දායක වේ.
- ඇස් වලට හිත කරයි.(රාත්‍රි අන්ධතාවය ඇති වීම වළක්වයි)
- හදවත් රෝග වලින් ආරක්ෂා කරයි.
- අධිරුධීර පීඩනය අඩු කරයි.
- අංශභාගය වැනි රෝග ඇති වීමේ අවධානම අඩු කරයි.
- ගර්භනි කාන්තාවන්ට ඉතා ගුණදායකයි.
- ලේ හිග කමෙන් පෙලෙන අයට ගුණදායකයි.
- කතුරුමුරුංගා මැල්ලුම් ආහාරයට ගැනිමෙන් සමේ නිරෝගි බවද ඇති කිරිම මෙන්ම මෙහි අඩංගු යකඩ ෆෝලේට් අඩංගු නිසා හිසකෙස් නිරෝගීතාව ඇති කරයි.
- සෙම් රෝග වලක්වයි.
- මලබද්ධය ඇති අයට ගුණදායක වෙයි.
- පණුරෝග සදහා ද ගුණයි.
- පීනස අමාරුව ,හිසරදය වැනි රෝග වලින් පෙළෙන අයට ගුණදායක වේ.
මෙම කතුරුමුරුංගා මැල්ලුම් මෙන්ම එය හොද්දක් ලෙසද සාදා ගත හැකිය.මැල්ලුම් කැමට අකමැති අයට රතු ලුණු ,අමුමිරිස්,කරපිංචා ,උම්බලකඩ,උළුහාල් සමග පොල් කිරි මිශ්‍ර කර හොද්දක් සාදා එයට කතුරුමුරුංගා කොළ මිටක් පමණ දමා රසවත් ව්‍යාංජනයක් සාදා ගත හැකිය.
මෙය කටේ තුවාල සෑදෙන අයට, සිරුරෙන් රුධිරය පිටවෙන අයට ඉතා ගුණදායක වේ.මෙයට කතුරුමුරුංගා මල් ව්‍යාංජනය වඩාත් ගුණදායක වෙනවා.මේ ආකාරයට විශ්මිත ගුණයක් මෙම කතුරුමුරුංගා වල අන්තර්ගත වෙනවා.