{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Sunday, December 23, 2018

ඔබේ නිවසේ අලංකාරය සදහා බිත්ති වලට යොදන වර්ණ පිළිබද ඔබ සැලකිලිමත් ද? එය නිවසට ගැළපෙනවා ද?

නිවසේ අපි අලංකාරයට යොදා ගන්නා වර්ණ කොපමණ දුරට එය අපේ නිවසට ගැළපෙන්නේ ද යන්න පිළිබදව අප සැලකිලිමත් විය යුතුයි.එනම් අප යොදා ගන්නා වර්ණ සමහර අවස්ථා වල ගැළපෙන්නේ නැති වන්න පුළුවන්.අද අපි ඔයාලට කියන්න යන්නේ ඔබේ නිවසට විවිධ ස්ථාන වලට භාවිතා කල හැකි  වර්ණ ගැනයි.


විසිත්ත කාමරය සදහා වර්ණ යෙදිම
නිවසක අලංකාරව තිබිය යුතු ප්‍රධාන අංගයක් ලෙස විසිත්ත කාමරය ගත හැකිය.නිවසට පැමිණෙන කෙනෙකුට මුලින්ම ඇස ගැටෙන්නේ විසිත්ත කාමරය නිසා ඒ සදහා නිසි අවධානයක් අප යොමු කල යුතුය. මේ සදහා සුදුසු වර්ණය වන්නේ තද වර්ණ සමග සුදු පැහැති වර්ණ යොදා ගත හැකිය.එනම් එක් බිත්තියක සුදු පැහැ හුරු වර්ණයක් යොදන විට අනෙක් බිත්තියේ තද වර්ණයක් යොදා ගනිමින් අලංකාර කර ගත හැකිය. 

 ‍
තවද ඔබේ නිවසේ පැරණි ගෘහ භාණ්ඩ ඇති නම් ඒවායේ වටිනා කම රුකෙන පරිදි වර්ණ තොරා ගත යුතුයි.තවද විසිත්ත කාමරය තුල විවිධ පැරණි ඡායාරූප ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවායේ වටිනාකම රුකෙන පරිදි දුඹූරු වර්ණ සහ සුදු පැහැයට හුරු වර්ණ යොදා ගත හැකිය.තවද ඔබේ නිවසේ වර්ණ යෙදිමේ දී සෝ්‍ෆාවේ තිබේන වර්ණයට අනුව  යොදන වර්ණ පිළිබද සැලකිලිමත් විය යුතුයි.

කෑම කාමරය සදහා වර්ණ යෙදිම

කෑම කාමරය සදහා වඩාත් සුදුසු වර්ණ වනනේ කහ සහ තැඹිලි වර්ණයයි.එනම් එළවළු  පළතුරු දර්ශනය වන පින්තුරයක්  ඒල්ලා ගැනිමත් කෑම මේසය මත පළතුරු වට්ටියක් වැනි දේවල් තැබිමෙනුත් අලංකාරයක් එක් කර ගත හැකියි.

නිදන කාමර සදහා වර්ණ යෙදිම

නිදන කාමර සදහා සුදුසු වර්ණ වන්නේ නිල් පැහැය ,තද දම් වැනි වර්ණ බෙඩ් හෙඩ්  එක පැත්තට යොදා අනික් පැති වලට සුදු පාටට හුරු වර්ණ  යොදා ගත හැකිය.තවද ගෘහ පතියා සහ ගෘහනියගේ ඡාය රූප කාමරයේ බිත්ති වල දර්ශනය කිරිම ද සුදුසු වේ.
තවද දරුවන්ගේ කාමර වලද වර්ණ යෙදීමේ දී ඔවුන්ගේ රුචිය පිළිබදවද සැලකිලිමත් විය යුතුයි.එනම් කුඩා දරුවකුගේ කාමරයක් නම් හැකිතාක් ලා වර්ණ යෙදිය යුතුයි.තවද පාඩම් කරන වයසේ ළමයකු සිටියි නම් කහ හෝ ළා කොළ වැනි වර්ණ යොදා ගත හැකිය.

Publishing Date : 2018.12.23
Proudly Presented by හසරැල්.කොම්