{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Saturday, December 22, 2018

විස්මිත බලයක් ඇති කෝමාරිකා

ගෙවත්තට මෙන්ම  ඔබේ රුවට ද සොදුරු පෙනුමක් එක් කරන ඖෂදියමය ගුණයකින් යුක්ත කෝමාරිකා ගැනයි අද අපි ඔයාලට කියන්න යන්නේ.


මෙම කෝමාරිකා මගින් සිරුරට සිසිලක් එක් කරන අතර මෙය වර්තමානය වන විට සෑම ගෙවත්තකම වගේ දක්නට ලැබෙනවා.මෙය වානිජමය වටිනාකමක් ඇති ශාකයක් බවට ද පත්ව ඇත.

මෙය කාන්තාවන් විසින් රූපලාවන්‍ය කටයුතු වලට ද යොදා ගන්නවා.තවද විවිධ රෝග සදහා ද භාවිතා කෙරේ.එනම් ආහාරයක් ලෙස භාවිතයට ගන්නා බව ද සදහන් කල හැකිය.එනම් කෝමාරිකා වලින් ව්‍යංජනයයක් ලෙසද මැල්ලුමක් ලෙසද කැද ,බීම වශයෙන්ද විවිධ ලෙස ආහාරයට එක් කර ගනියි.මෙහිදී එම කෝමාරිකා පිත්තේ ඇති ජෙලි  කොටස තෝරා ගන්නවා.


මෙම කොමාරිකා වල ඇති ජෙලි කොටස ශරිරයට ඉතා ගුණයි.මෙම කොමාරිකා මගින් ශරිරයේ විෂ නසන ගුණය පවතියි.තවද පිළිකා සෛල විනාශ කිරිමේ ගුණය ද මෙම කෝමාරිකා සතුව පවතියි.තවද උදෑසන හිස්බඩ කෝමාරිකා ජෙලි තේ හැන්දක් ආහාරයට ගැනීම මගින් ,පපුවේ වේදනාව,උදර වේදනා වල මෙන්ම අම්ල පිත්තය හෙවත් ගෑස්ට්‍රයිටීස් වැනි රෝග වලට ද ගුණදායක වේ.

මෙම කෝමාරිකා ජෙලි වල බැක්ටීරියා නාශක ගුණය ඇත.තවද ආමාශයේ ඇති වන අම්ල ශ්‍රාව ගැලිම වැලැක්වීමටත් එහි ඇති තුවාල සුව කිරිමේ හැකියාවක් මෙම කොමාරිකා සතුව පවතිනවා.

තවද මෙය අක්මා රෝගින් සදහා ද ගුණදායක වේ.අක්මාව ආශ්‍රීත තෙල් තැන්පත් වීම ආදි රෝග සදහා කෝමාරිකා ජෙල් කැද ලෙස සාදා පානය කිරිම ඉතා ගුණදායක වේ.

Publishing Date : 2018.12.22
Proudly Presented by  හසරැල්.කොම්