{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Friday, December 21, 2018

ලස්සන වෙන්න සිවිකාච භාවිතා කරනවාද ? එවැනි අයට වැදගත් වන උපදෙස්



රුපලාවන්‍ය ක්‍රමයක් ලෙස සිවිකාච පළදින්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මෙන්ම සිිවිකාච පළදින අයට මෙය වැදගත් වේවි.
සිවි කාච තෝරා ගැනීමේ දී අපි මුලින්ම දැනගත යුතු දෙයක් වන්නේ එය අපි පාවිච්චි කරන්නේ කොපමණ කාලයකටද කුමණ වර්ගයේ එකක්ද යන්න පිළිබදව අප දැන ගත යුතුයි.
ඇස් වලට අප සිවිකාච පැළදිමේදි මෘදු සිවිකාච තෝරා ගැනීම වැදගත් වෙනවා.එය තමාගේ ඇස් වලටද පහසු වේ.මේවා වර්ණ කිහිපයකින් යුක්ත වෙනවා.
මෙම සිවිකාච පැළදිමේදී  සිටින විට සහ ස්නානය කරන විට  ගලවා ඉවත් කල යුතු වෙනවා.මෙම සිවිකාච පැළදීමේ දී උපරිම කාලය පැය 12 ක් පමණ වෙනවා.
නමුත් දෘඪ සිවිකාච එක දිගට දින 7 සිට 30 දක්වා  පැළදිය හැකිය.මෙය මුලදි තරමක් ඇසට අපහසුවක් දැනෙන අතර මෙහි මිල නම් ඉතා ඉහළ අගයක් ගන්නවා.


ඔබ සිවිකාච තොරා ගැනීමේ දී කිහිපයක් භාවිතා කර තමාගේ ඇසට පහසු මෙන්ම ගැළපෙන  සිවිකාච තෝරා ගැනිම වැදගත් වෙනවා.


  • සිවිකාච භාවිතා කිරිමේ දී දැනගත යුතු කරුණූ 
  • සිවිකාච පැළදීමේදී හෝ ගැළවීමේ දී දැත් පිරිසිදුව තබා ගන්න.
  • වරක් වෙනත් අයකු පැළදු සිවිකාච පැළදිමෙන් වලකින්න.එනම් වෙනත් අය පැළදු සිවිකාච පැළදීමෙන් අක්ෂී අසාදනයන් ඇති විය හැකිය.තමාට වෙනම සිවිකාච පැවිච්චියට ගන්න.
  • කල්ඉකුත් වු සිවිකාච පැළදිමෙන් වලකින්න.
  • වරක් පාවිච්චි කල සිවිකාච ලබා දුන් විෂබීජ නාශක දියර වලින් පිරිසිදු කොට නැවත භාවිතයට ගන්න.
  • ඔබ ගලවා නැවත භාවිතයට එම සිවිකාච තබන විට ඒවා තබන උපකරණයේ නිවරදිව තැන්පත් කර තබන්න.
  • සිවිකාච භාවිතයේදී යම් අපහසුවක් දැනුනොත්  එය භාවිතා කිරිම නවත්වා වෛද්‍යවරයකුගේ සහය  ලබා ගන්න.
 Publishing Date : 2018.12.21
Proudly Presented by හසරැල්.කොම්