{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Thursday, December 20, 2018

අපල වලට මැණික් පළදිනවාද ? එය ඔබේ අපල වලට සුදුසුම මැණීක් වර්ගය ද?



ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයාල හැමොටම වැදගත් කාරණාවක් ගැනයි.වර්තමානයේ බොහෝ දෙනා අපල සදහා විවිධ දේවල් කරනවා.එහිදී අපල සදහා මැණීක් වර්ග පළදින ඔබට මෙය වැදගත් වේවි.
වර්තමානයේ අපල අඩු වීමට මැණීක් වර්ග වලින් යුතු ආභරණ පළදිනවා.මෙහිදි පලුදු නොවු මැණීක් වර්ග පැළදීම සුදුසු වන අතර එය ශරිරයේ ස්පර්ශ වන ආකාරයට පැළදීම සිදු කල යුතුයි.

පද්මරාග -මෙම මැණික් වර්ග පැළදිමෙන් ධනය ,බලය,නායකත්වය  වැනි දෑ ලැබෙන බව පවසයි.මෙය රතට හුරු නා දල්ලක පාටින් යුක්තයි.

මුතු-   සදු ග්‍රහයාගේ බල පෑම ඇති විට  මුතු පළදියි.මුතු විවිධ වර්ණයන්ගෙන් යුක්ත වුවත සුදු හා රතු පැහැයෙන් යුතු මුතු ග්‍රහ අපල සදහා සුදුසු වේ.මානසික ආතතිය දුරු කිරිම,අධ්‍යාපනයේ දියුණුව  ,දිර්ඝායුෂ ලැබෙන බව ජොතිෂ්‍යෙවේදයේ  කියවේ.

රතු මැණික්  - මෙම මැණීක් පැළදිමෙන්  ධෛර්ය වර්ධනය කර ආයුෂ වර්ධනය කරන බවද කිය වේ.මෙය කුජ ග්‍රහයා අධිපති වේ.

වෛරොඩි - මේවා කේතුට අයත් මැණීකක් වෙයි.මිනිසාට අපල ඇති විට මෙම මැණීක් පැළදිමෙන් ඉතා ඉක්මණින් නැති වන බව පවසයි.ව්‍යාපාර දියුණුවට ,රෝගාබාද වලට ,විවිධ දේවල් වලින් ජයග්‍රහනය කිරිමට මෙම මැණීක් පැළදිමෙන් හැකි වන බව පවසයි.

දියමන්ති - සිකුරු ග්‍රහයා රිවි ග්‍රහයාට හිමි දියමන්ති පැළදිමෙන් සතුරු බිය හා විෂ මර්ධනය කරන බව කිය වේ.

පුෂ්පරාග - කහ පාටින් යුක්ත මෙම මැණික  බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාගේ අපල වලට යෝග්‍යයි.මෙම මැණික් පැළදීමෙන් දරුවන් නැති අයට දරුඵල ලැබෙන බවද , නුවන ලැබෙන බවද කිය වේ.තවද ධනය බලය කිර්තිය ලැබෙන බවද කිය වේ.

ඝෝමේද - රාහු ග්‍රහයාට සම්බන්ධ අපල වලට මෙම මැණික් වර්ග පළදින බව කියවේ.

මරකත (පච්ච) -  මෙය කොළ පැහැති දිදුළන මැණිකකි.මෙම මැණික බුද ග්‍රහයාට අයිති එකකි.සුභ කටයුතු වලදී මෙම මැණික් යොදා ගැනිමේ දී එහි පැහැදිලි බව මෙන්ම දිස්නය ගැන ද සැලකිලිමත් විය යුතුයි.මෙම මැණීක් පැළදීමෙන් බුද්ධිය වර්ධනය වන බවද කිය වේ.

Publishing Date : 2018.12.20
Proudly Presented by හසරැල්.කොම්