Home »
» ඔබ ව්‍යායාම කරන කෙනෙක් ද? එසේනම් ඔබ අනිවාර්යෙන් දැන සිටිය යුතු කරුණු
- ශරිරය උණුසුම් කරන ව්‍යායාම කිරිමෙන් පසු ව්‍යායාම කිරිම ආරම්භ කරන්න.එනම් විනාඩි 10 ක් පමණ ශරිරය ලිහිල් කරන ව්‍යායාම කරන්න.
- ආහාර ගැනිමෙන් පැය දෙකකට පසු ව්‍යායාම කරන්න.
- ව්‍යායාම කිරිමේදි නිවරදි ඉරියව් ගැන සැලකිලිමත් විය යුතුයි.
- ව්‍යායාම කිරිමේදි එනම් බර ඉසලිමේදි හුස්ම තද කර තබා ගැනිමෙන් වළකින්න.එනම් ගැඹුරු හුස්මක් ගෙන සෙමින් පිට කරන්න.
- බර ඉසලිම වැනි ව්‍යායාම් වලදි පළමුව අඩු බරකින් පටන් ගෙන ක්‍රමාණුකුලව බර වැඩි කරන්න.එනම් වැඩි බරක් යොදා ගෙන කිරිමෙන් ශරිරයට හානි සිදු විය හැකිය.
- ව්‍යායාම කිරිම ආරම්භ කලේ මැතකදි නම් සියලුම ව්‍යායාම එකවර කිරිමට උත්සහ නොකරන්න.පියවරින් පියවර ඔබට අවශ්‍ය ඉලක්කය වෙත යන්න.
- ව්‍යායාම කරන අතර තුර අනවශ්‍ය කතා බහට යොමු නොවන්න නැතිනම් එය නිසි පරිදි ඉටු නොවනු ඇති.ඔබ කරන කාර්යයට අවධානයට යොමු කරන්න.
- තමා කැමති ව්‍යායාම පමණක්ම නොකරන්න.ශරිරයේ සැම පේශි පද්දතියකටම බෙදි යන පරිදි ව්‍යායාම කරන්න.එවිට තමාට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගත හැකිය.
- ශරිරයයේ හොදින් රුධිර සංසරණය විමට සහ විජලනය වලක්වා ගැනිමට ව්‍යායාම කිරිමට පෙර හා අතර තුර වතුර පානය කරන්න එවිට ශරිරය සිසිල්ව තබා ගැනිමට හැකි වේ.
- ව්‍යායාම කරන වේලාව තිරණය කරන්න ශරිරයට අනවශ්‍ය පරිදි ව්‍යායාම කිරිමෙන් මාංශ පේශි වලට හානි සිදු විය හැකිය.
- ව්‍යායාම අවසන් කල පසු මාංශ පේශි ලිහිල් කරන ව්‍යායාම මද වේලාවක් කරන්න.