{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා : Welcome to SwarnaTV

Wednesday, December 19, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසිලන්ත තරග සංචාරය





සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම  අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා විය.තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණූ 282 ක් ලබා ගන්නා ලදි.මෙහිදි දිමුත් කරුණාරත්න ලකුණු 79 ක් ද ඇන්ජලෝ මැතිවුස් ලකුණු 83 ක් ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණූ 80 ක් ද ශ්‍රී ලංකා පළමු ඉණීම වෙනුවෙන් රුස් කර ගන්නා ලදි.

මෙහිදි  නවසිලන්ත කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු  Tim Southee කඩුලු 6 ක් ලබා ගන්නා ලදි.පසුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 578 රුස් කර ගන්නා ලදි.එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වු Latham නොදැවී ලකුණු 264 ක් ලබා ගන්නා ලදි.
මීට අමතරව නායක William son ලකුණූ 91 ක් ද Ross Taylor ලකුණූ 50 ක් ද Henry Nicholls ලකුණු 50 ක් ද  ලබා ගන්නා ලදි.
එහිදි ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර කඩුලු 4 ක් ද ලබා ගන්නා ලදි.එහිදි දෙවනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණූ 13 කට දැවි ගිය අතර පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිවුස් වාර්තාගත සම්බන්දතාවයක් තබමින් හතර වන කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 274 ක සම්බන්දතාවයක් පවත්වන  ලදි.එහිදී කුසල් මෙන්ඩිස් නොදැවි ලකුණු 141 ක් ද ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණූ 120 ක් ද ලබා ගන්නා ලදී.