{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Thursday, December 20, 2018

ඔබට හිමි කෙස් වර්ගය අනුව ඔබේ ගතිගුණ බලන්න

අතීතයේ කෙනෙකුගේ දේහ ලක්ෂණ  අනුවද විවිද තොරතුරු සෘෂිවරුන් පැවසු අතර  කෙස් වර්ගය ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.එහිදි කෙනෙකුට හිමි කෙස් වර්ගය අනුව ද ගති ලක්ෂණ පැවසිය හැකිය.අද අපි ඔයාලට කියන්න යන්නේ ඒ ගැනයි.

දුඹුරු හිසකෙස් - මෙවැනි අය මුරණ්ඩු සිතින් කටයුතු කරන තම මතයේම සිටින මුරණ්ඩු ගති ඇති අයයි.
එකට පැටලුණු අවුල් වු අගට යන විට මහත් වු හිසකෙස් - මෙවැනි හිසකෙස් ඇති ස්ත්‍රීන් අවාසනාවන්තය.
තමන්ට හැසිරිය නොහැකි කේශ කලාපයක් ඇති ස්ත්‍රිය - මෙවැනි ස්ත්‍රිය වාසනාවන්ත නොවේ.මැය ලද දෙයින් සතුටු නොවන අතර හැම විටම අසතුටින් කල් ගෙවයි. ඉතා සුලු දේවල් වලට පවා කෝප වෙයි.විවාහයෙන් පසුවද තම ස්වාමියා සමගද රණ්ඩු වෙයි.
ඉතා දික් වු මහත් වු කෙස් ඇති ස්ත්‍රීන් -  මැයගේ ස්වාමියා අවාසනාවන්ත ලෙස මිය යයි.
හිසකෙස් අගින් කැරලි ගැසුණු  ස්ත්‍රීන් - වාසනාවන්ත වන අතර බෝහෝ සැප සම්පත් ලබමින් ජිවත් වීමට වාසනාව ඇති අය වේ.
හිසකෙස් අඩු ස්ත්‍රීය - මෙවැනි අය අවාසනාවන්ත වේ. 
සෘජු හිසකෙස් පිහිටි කාන්තාව හෝ පිරිමින් - මෙවැනි අය තුල දැඩි අධිෂ්ටානයෙන් යුතුව කටයුතු කරන අතර ඉතා ඉක්මණින් උසස් තත්ත්වයට පත් වේ.දුක්කම් කටොලු උපේක්ෂාවෙන් විද දරා ගනි. තම ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන මොවුන් කා අතරත් ජනප්‍රිය වේ.
හිස කෙස් රුලි ගැසි උඩට එසවී ඇති  ස්ත්‍රීන් - මොවුන්ට උසස් පුද්ගලයින්ගේ ඇසුර ලැබිමට හැකි වේ.
කලු පැහැති ඝණව කොණ්ඩය ගැහැනියකගේ පිහිටි විට - තමාගේ අශාවන් කෙරෙහි හිත යොමු කරයි. තම ස්වාමියාට දැඩිව ආදරය කරයි.හැම විටම සතුටින් කාලය ගෙවයි. 
කලු පැහැති ඝණව මටසිලුටුව කොණ්ඩය  පිරිමියකුගේ පිහිටි විට - ඔහු තුළ ශාන්ත ගතිගුණ  ඇති ධෛර්ය සම්පන්න  ඉක්මණීන් කෝප නොවන ගතිගුණ වලින් යුක්ත වේ.මොවුන් පටන් ගත් වැඩ අවසාන තෙක් කිරිමට  කම්මැලි වේ.
කාල වර්ණ වු වකුටු වු කැරලි සහිත හිසකෙස් පිහිටි පිරිමි - මෙවැනි අය බීමට ඇබ්බැහි වු අය වන අතර අනවශ්‍ය ලෙස වියදම් කරන කලකොලාහල් වලට සම්බන්ද වන අය වේ.දැඩි ආවේගශිලි  නපුරු ගතිලක්ෂණ ඇති පුද්ගලයින් වේ.
තලෙලු පාට හිසකෙස් ඇති පිරිමි -  ආගම පිළිබද දැඩි ඇල්මෙන් කටයුතු කරන පුද්ගලයෝ වෙයි.

Publishing Date : 2018.12.20
Proudly Presented by හසරැල්.කොම්