{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා : Tags gossip lanka news

Tuesday, November 20, 2018

ශ්‍රී ලංකාවේ ඉදි වු ප්‍රථම වියළි කලාපිය උද්භිද උද්‍යානය වන මිරිජ්ජවිල උද්භිද උද්‍යානය





උද්භිද උද්‍යාන අතරින් බොහෝ පිරිසක් දැනුවත් වී ඇත්තේ පේරාදෙණිය,හග්ගල සහ ගම්පහ නගර වල පිහිටි උද්‍යානයි.අද අපි ඔයාලට කියන්න යන්නේ හම්බන්තොට නගරයේ පිහිටි මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ගැනයි.මෙහි විශේෂත්වය වන්නේ  මෙම උද්‍යානයේ වියළි කලාපිය ශාක වර්ග වැඩි වශයෙන් පැවතිමයි.

මෙම උද්‍යානයේ ප්‍රධාන දොරටුව ඉතා විචිත්‍ර ආකාරයට සාදා ඇත.උද්‍යානයේ තැනින් තැන සාදා ඇති වතුර වැක්කෙරෙන ලෙස සාදා ඇති කිඹුලෙකු මෙන්ම ඉබ්බෙකු සහ අලියෙකුගේ හොඩෙන් වතුර වැක්කෙරන  පිළි රූ මෙහි දැක ගත හැකිය.ඒවා කාගෙත් සිත් පැහැර ගනියි.
තවද පසෙකින් රවුම් හැඩයේ කුටියක් තුල උඩවැඩියා වර්ග,පිච්ච මල් විශේෂ,විවිධ පාට වලින් යුතු මල් වැල් ආදියද දැක ගත හැකිය.මිට අමතරව විලෝ ගස් පෙළද උද්‍යානයට අලංකාරයක් ගෙන දෙනවා.තවද නුග ගස් වලින් කල විවිද නිර්මානයන් ද දැක ගත හැකිය.එහිදි ගස් වලින් නිර්මාණය කර ඇති අලියාගේ නිර්මාණය ඉතා අගනේය.මෙම ප්‍රදේශයේ දේශගුණයට ඔරෝත්තු ශාකයක් වන පතොක් ද මෙහි දැක ගත හැකිය.එහිදි විවිධ වර්ගයේ විසිතුරු පතොක් විශේෂයන් කිහිපයක් දැක ගත හැකිය.තවද මෙම උද්‍යානයේ  සුන්දර වැව් දෙක් ද දැක ගැනීමට හැකිය.මෙම උද්‍යානය තවමත් සංර්ධනය කරමින් පැවතුනත් එහි අප කාටත් නැරඹිය හැකි බෝහෝ දේ පවතියි.

Publishing Date : 2018.11.20
Proudly presented by හසරැල.කොම්