{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Wednesday, November 21, 2018

රංගනය කියන්නේ සමාජයේ හැමෝම පිනවන වෘත්තියක් සචිනි අයෙන්ද්‍රා කියයි.






රංගනය කියන්නේ සමාජයේ හැමෝම පිනවන වෘත්තියක් වන අතර එය  උරුම කලාවට විතරක් බව ඇය පවසයි.බොහෝ නිළියන් විවාහයෙන් පසුව රංගන දිවියෙන් සමු ගත්තත් ඇය තවමත් රංගනයට සමු දී නැත.නිම්නයක හුදෙකලාව චිත්‍රපටයෙන් පසුව ඇය රූමස්සල ටෙලි නාට්‍යයේ රග පෑ අතර ඇය ඉදිරියේදී ස්වර ,මේඝ ,තානාපතිලාගේ ගේදර ,ගර්භාෂ  යන චිත්‍රපට සමග ඉදිරියේ දී කරලියට පැමිණිමට නියමිතයි.
ඇය අන්තිමටම රූගත කල නිශාන්ත ශාන්ත දේවගේ ගර්භාෂ නම් විත්‍රපටය ගැන ඇය පැවසුවේ  ඇය ඒ සදහා සැහෙන්න දුෂ්කර අත් දැකිම් වලට මුහුණ දුන් බවයි.එය බෝගම්බර සිරගෙදර පරිශ්‍රයේ රූගත කිරිම් සිදු කළ අතර ඇය එම කථාවේ දමිළ ත්‍රස්ථවාදි කණ්ඩායමක සෙබලියක් ලෙස චරිතයක් නිරුපනය කරන අතර  එම රංගන කටයුතු වල දායක වීමේ දි තුවාල සිරිම් පවා සිදු වු අතර අසිරු ලෙස රංගනයට දායක වු අතර එය විශිෂ්ඨ නිර්මානයක් වන බවයි ඇගේ බලාපොරොත්තුව වන්නේ.
ඇය මේ වන විට දුවලා දෙදෙනෙකුගේ මවක් .ලොකු දු අලිෂ්කා (අවුරුදු 7) ද පොඩි දු ඉෂායා (අවුරුදු 4)වේ. ඇය තම ළමයින් දෙදෙනාගේ වැඩ මෙන්ම තම සැමියාගේ කටයුතු වලට දායක වන අතරේ තම රංගන කටයුතු වලට දායක වන බවයි ඇය පවසන්නේ.කවද තම සැමියාගෙන් මෙන්ම තම පවුලෙන් ද විශාල සහයක් තම රංගන කටයුතු වලට ලැබෙන බව පවසයි.

Publishing Date : 2018.11.21
Proudly Presented by  හසරැල්.කොම්