{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Thursday, November 29, 2018

ඔබේ උපන් ලප වලින් හෙළි වන රහස්




සෑම පුද්ගලයකුගේම ශරිරයේ කොතැනක හෝ උපන් ලප තිබේ.එම ලප පිහිටිම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.ඉපැරණි ග්‍රන්ථ වලද උපන් ලප ගැන සදහන් වෙනවා.ශරිරයේ පිහිටන මෙම උපන් ලප වලින් කෙනෙකුගේ ගති ස්වභාවය ගැනද පැවසිය හැකිය. තවද මෙම උපන් ලප වලින් පුද්ගලයකුට සුභ අසුභ ප්‍රතිඵල ගෙන දෙයි.අද අපි ඔයාලට කියන්න යන්නේ උපන් ලප වලින් හෙළි වන තොරතුරු ගැනයි.

උඩු තොලේ -  මොවුන් බෝහෝ විට ඉක්මණින් යහළු මිත්‍රයින් ඇති  ගනියි.‍තොල් වල උපන් ලප ඇති පුද්ගලයා රාගාධික වෙයි. තවද උඩු තොලේ ලපයක් ඇති පුද්ගලයා ධනවත් වෙයි.

නිකට - නිකටෙහි ලපයක් ඇති පුද්ගලයා කලාත්මක අදහස් ඇති බෝහෝ ආකර්ශනිය පුද්ගලයන් වෙයි.තවද මොවුන් ත්‍යාග සම්මාන පවා ලැබිමට සුදුස්සන් වේ.තවද මොවුන් ඉතා කාරුණික පුද්ගලයින් ද වෙයි.තම ස්වාමියාට ඉතා ලැදිව ආදරය කරයි.

කම්මුල් -   දකුණු කම්මුල් වල උපන් ලප ඇති පුද්ගලයින් ධනවත් පුද්ගලයින් වෙයි.ඉතා හොද රුකියාවන් ද මොවුන්ට හිමි වෙයි.වම් කම්මුල් වල පිහිටි උපන් ලප නිසා ඉතා සාර්ථක නොවෙයි.

දකුණු ඇහි බැම - මෙහි උපන් ලපයක් ඇති පුද්ගලයා සංවේදි  ඉතා සාර්ථක ජිවිතයක් ගත කරයි.ඉතා ඉක්මණින් විවාහ වෙයි.

වම් ඇහි බැම -  මොවුන් ආත්මාර්ථකාමි පුද්ගලයින් වෙයි.

ඇහි බැමට පහළින් - මෙහිදි  පුද්ගලයා බුද්ධිමත් හා නිර්මාණශිලි වෙයි.

නාසයේ පිහිටි උපන් ලප - අවංක දක්ෂ කෙනෙකි.නාසයේ දකුණු පස නම් සංචාරය කිරිමට ලැබෙන අතර නාසයේ වම් පස නම් අනතුරුවලට ලක් වීමට ඉඩ ඇත.

නළල - නළල මැද නම් නපුරු වන අතර ඉක්මණින් කෙන්ති යන කෙනෙකු වෙයි. නමුත් ඉක්මණින් ධනය ලැබේ.නළල වම් පස නම් මුදල් පරිහරණයේ දී අපරික්ෂාකාරි වෙයි.දකුණු පස නම් එම පුද්ගලයින්ට නායකත්ව හැකියාව ඇත.

බෙල්ල - බෙල්ල පිටු පස නම් අනතුරු ඇති වීමට ඉඩ ඇත.ඉදිරි පස නම් ධන ලාභ යෙදේ.

අත්- අත්ලේ මැද ලපයක් වී නම් ධනවත් නිරෝගී පුද්ගලයකු වෙයි.දකුණු අතේ මැණීක් කටුව අසල ලපයක් වී නම් වියදම් ගෙන දෙනවා.

පපුව - පපුවේ දකුණු  පස කලු ලපයක් වී නම් කම්මැලි අසංවරශිලි පුද්ගලයකු වෙයි.වම් පස  කලු ලපයක් නම් අවාසනාවන්ත වෙයි.දුඹුරු පැහැති ලපයක් තිබේ නම් ඉතා සාර්ථක පුද්ගලයකු වෙයි.

ඇගිලි වල පිහිටිම - මෙහිදි එම පුද්ගලයාට විවිධ දුෂ්කරතාවයන්ට මුුහුණ පෑමට සිදු වෙයි.
Publishing Date : 2018.11.29
Proudly Presented by : හසරැල්.කොම්