{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Tuesday, November 27, 2018

ඔබේ ලේ වර්ගය අනුව හෙලි වන රහස්




අප උපතින්ම හිමි කර ගන්නා ලේ වර්ගය අනුව ඔබ නොදන්නා  වටිනා කරුණු කිහිපයක් අද අපි ඔබට ගෙන එන්නේ.රුධිර වර්ගයට අනුව සෑදිය හැකි රෝග හා වාසි ගැන ඔබ දන්නේ ද?  මේ පිළිබද ඔබ දැන සිටිමෙන් නිරෝගි පුද්ගලයකු ලෙස ජිවත් විමට ඔබට ඉතා වැදගත් වෙයි.
ඒ අනුව අපට A, B,O  සහ AB යන රුධිර වර්ග වලින් එකක් හිමි වෙනවා.මේ සෑම රුධිර වර්ගයකටම අදාළ විශේෂ ලක්ෂණ තිබෙනවා.ඒ අනුව ඔබගේ ලේ වර්ගය අනුව ඔබට වැළදෙන රෝග පිළිබදව දැන සිටිමෙන් ඔබට ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට හැකි වෙනවා.

A වර්ගය 
මොවුන් හට අමාශ ගත පිළිකා රෝග මෙන්ම හෘදයා භාද හා ලියුකේමියා ඇති වීමේ අවධානම පවතියි.මොවුන් බොහෝ විට මුරණ්ඩු  මෙන්ම ආතතියෙන් පෙළෙයි.ඉවසිලි වන්ත හා ලැජ්ජාවෙන් ද යුක්ත වෙයි.

B වර්ගය
මතකය පිළිබද ආභාද ඇල්ෂිමියර්ස් රෝගය හෝ මානසික ආභාද වයස යාමත් සමග ඇති වීමේ අවධානම ඇත.හිතකර බැක්ටිරියා ප්‍රතිශථය ඉහල අගයක් ගනියි.නිර්මාණශිලි හැකියාව ඉහළයි.මොවුන් සියලු දෙනා සමග මිත්‍රශිලිව කටයුතු කරණ අතර සම්බන්ධතා ගොඩ නගා ගැනීමට ඉතා දක්ෂ වෙයි.

AB වර්ගය
 මෙම ලේ වර්ගය හිමි අයට අධිරුධිර පිඩනයට ගොදුරු වීමේ අවධානම ඇති අතර  හදවත් රෝග ආහාර ජිර්ණ පද්ධතියේ රෝග ගැස්ට්‍රයිටිස්  වැනි රෝග අවධානම් පවතියි.මොවුන් සන්සුන් වරිතයකින් යුක්තයි.සමාජශිලි වන අතර සිත් අද ගන්නා පෞර්ෂයකින් යුක්ත වෙයි.

O වර්ගය
මෙම ලේ වර්ගයෙන් යුතු පිරිමින් ස්ථුල වන අතර බැක්ටිරියා මගින් අමාශගත රෝග ඇති වීමේ අවධානම පවතියි.තවද මෙම ලේ වර්ගය හිමි අයට හදවත් රෝග හා අමාශගත පිළිකා ඇති වීමේ අවධානම පවතියි.මෙම ලේ වර්ගය හිමි කාන්තාවන්  බෝහෝ විට මදසරු බවින් යුක්තයි.එම නිසා දරු ඵල බොහෝ විට අවම  වෙයි. 

Publishing Date : 2018.11.27
Proudly Presented By හසරැල්.කොම්