{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Monday, November 19, 2018

පාර්ලිමේන්තුව 23 වෙනදා දක්වා කල් යයි




පවතින අර්බුදකාරි දේශපාලන තත්ත්වයත් සමග  සිව්වෙනි දිනටත් අද දින පාර්ලිමේන්තුව රුස් වුණා. අද පස්වරු 1 පමණ පාර්ලිමේන්තුව රුස් වුණු අතර පාර්ලිමේන්තු සභාවාරය විනාඩි හයකට පමණක් සීමා වුණ අතර සභාවාරය අද දින නියෝඡ්‍ය කතානායක ආන්නද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුව රුස්වෙන ලදි. 
අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂ අත්හිටුවීම සදහා වන යෝජනාව ලබන 29 වනදා විවාදයට ගන්නා බව කතානායක කරුජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර තිබේ.
අද දින පාර්ලිමේන්තුවේ සභාවාරය නැරඹිමට මහජනතාවට සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අවස්ථාව ලබා නොදුන් අතර මාධ්‍යෙවේදින්ට පමණක් මහජන ගැලරිය විවෘත කර තිබුණා.