{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා : Tags gossip lanka news

Friday, October 19, 2018

කොරියාවේ අහස් කූරු යැවු ශ්‍රී ලංකිකයා නිසා ඉන්දන ගබඩාවක් ගිනි අරන්

මේය කොරියාවේ සියෝ්ල් නගරයට දකුණින් පිහිටි ගොයැන්ග් ප්‍රදේශයෙන් වාර්ථා වෙන්නේ.එම ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩාවක ගින්නක් ඇති වුයේ පසු ගිය ඉරු දිනය.

මෙම ගින්න සදහා වගකිව යුත්තේ ශ්‍රී ලාංකිකයකු  චොදනා ලැබ සිටියි.මොහු කොරියාවේ ඉදිකිරිම් අංශයක සේවයේ නිරත වී සිටියි.ඔහුගේ අතපසුවීමක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති බව වාර්ථා වෙනවා.මෙම ඉන්දන ටැංකියේ ලිටර් මිලියන 4.4 ක් තිබු බවට වාර්ථා වෙනවා.ගින්නෙන් ලීටර් මිලියන 2.66 ක් පමණ විනාශ වී තිබෙනවා. 


ගින්න පාලනය කිරිම සදහා ගිනි නිවන බටයින් 680 ක් සහ හෙලිකොප්ටර් යානා 3 ක සහය ගැනුණූ අතර පැය 17 ක පමණ පරිශ්‍රමයකින් පසු ගින්න නිවා දැමිමට හැකි විය.මෙය ගෑස් කාන්දුවකින් ඇති වන්නට ඇතැයි මුලින්ම අනුමාන කළ ද මෙය සිදු වී ඇත්තේ 27 හැවිදිරි ශ්‍රී ලාංකිකයකුගේ අත්වැරදීමකිනි.

මෙම ගින්න ඇති වී තිබෙන්නේ එම ප්‍රදේශයේ පාසලක පැවති රාත්‍රි කදවුරු උත්සවයක දී ලන්තැරුම් 80 ක් පමණ අහසට යවා ඇත.ඉන් එක් ලංතැරුමක් යාබද පිහිටි තරුණයා ඉදිකිරිම් සංකිර්ණයට කඩා වැටි  තිබේ.එහි සේවය කළ ශ්‍රී ලංකික තරුණයා එම අහස් ලංතැරුම අහුලා නැවත අහසට යවා ඇති බව නිරික්ෂණ කැමරාවක සටහන් වෙනවා.මෙම අහස් ලැන්තැරුම මිටර් 300 න්පමණ ඉහල ගොස් ඉන්ධන ගබඩාවේ ඉන්ධන ටැංකියේ වාතාශ්‍ර කවුළුව මතට වැටිමෙන් ගින්න ඇති වී තිබේ.මොහු ගිනි තැබිමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනිමේ වරේන්තුවක් ලබා ගැනිමට පොලිසිය ඉල්ලා සිටිය ද එු සදහා සාක්ෂි නොමැති වීමෙන් අධිකරණය එය ප්‍රතික්ෂේප කර ඇත.


Publishing Date : 2018 . 10 .18
Proudly Presented by හසරැල්.කොම්