{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Thursday, October 4, 2018

විශ්මිත ගුණ සපිරි බෙහෙත් නෙල්ලි

යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ඖෂධයක් මෙන්ම පළතුරක්  වන අපට එදිනෙදා ආහාරයට ගත හැකි  විශ්මිත ගුණ සපිරි බෙහෙත් නෙල්ලි ගැනයි.

 

පළතුරු වර්ග අතරින් බෙහෙත් නෙල්ලි වලට හිමි වනනේ ප්‍රමුඛ ස්ථානයකි.මෙහි ඖෂධීය ගුණය ඉතා ඉහලයි.වියලි හා අතරමැදි කලාපයේ නෙල්ලි ශාකය ශාකය ඉතා හොදින් වැවෙයි.බිබිල ,අනුරාධපුර,රත්නපුර,පො‍ලොන්නරුව,බදුල්ල,මොනරාගල ප්‍රදේශවල බෙහෙත් නෙල්ලි ශාකය බහුලව දැකගත හැකිය.තවද තෙත් කලාපිය ප්‍රදේශවලද නෙල්ලි ශාකය දැකගත හැකිය.මෙය ඕනෑම දේශගුණික තත්ත්වයකට ඔරොත්තු  ආකාරයට මෙම ශාකය හොදින් වර්ධනය වෙයි.

 

  • නෙල්ලි පළතුරක් ලෙස භාවිතා කරන අතර නෙල්ලි අච්චාරු,ජෑම්,කෝඩියල්,පළතුරු බිම ආදිය සැකසිමට භාවිතා කරනු  ලබයි.

  • ආයුරුවේද ඖෂධයක් ලෙස සැලකෙන මෙය ඉහළ ඖෂධීය ගුණයක් සපිරියි.

  • හිසකෙස් වර්ධනයට මෙන්ම  දන්ත සෞඛ්‍ය රුක දෙයි.

  • ආහාර ජීර්ණය ද පහසු කරයි.

  • දියවැඩියාව පාලනයටද ඉතා ගුණදායකයි.

  • ආහාර රුචිය වඩවයි.

  • ස්නායු රෝග සදහා මෙන්ම හෘදයට මෙන්ම ගර්භාෂයට ද හිතකරයි.

  • නෙල්ලි වල අඩංගු විටමින් c  මගින් සිරුරේ ප්‍රතිඔක්සිකාරකයක් ලෙසින් ක්‍රියා කරමින් විවිධ රෝග ආභාධ වලින් ආරක්ෂා කරයි.

නෙල්ලි පැල ලබා ගන්නා ආකාරය

නෙල්ලි ශාකය බෝකර ගැනීමේදී බීජ වලටත් වඩා සාර්ථක ක්‍රමය වන්නේ බද්ද කර ගැනිම හා මුල් කැබලි පැල කිරිම මගින් උසස් ඵලදාවක් සහිත වඩාත් සාර්ථක පැල ලබා ගත හැකිය.

මෙසේ ලබා ගත් පැල සිටුවීමේ දි බීජ පැල නම් මීටර් 6 -7 පමණ  පරතරයට ද බද්ද පැල සිටුවිමේදී මීටර් 4-6 පමණ පරතරයකද සිටු විය යුතුය.සාමාන්‍ය පළතුරු පැළ සිටුවන ආකාරයටම නෙල්ලි ශාකය සිටුවිය හැකිය.පැළ සිටුවීමෙන් අනතුරුව සති 2-3 පමණ සෙවනේ තැබිය යුතුය.

මේ අනුව නෙල්ලි ශාකයට සෑදෙන රෝග අතර පිටි මකුණාගේ හානිය,ඵල හා පත්‍ර වලට වැළදෙන මළකඩ රෝගය දැකගත හැකිය.

මෙම තත්ත්වයන් පාලනය සදහා  ජලය සැපයීම,අතු කප්පාදුව, සුර්යා ලෝකය ලැබීමට  සැලැස්වීම මගින් මෙම තත්ත්වය වලක්වා ගත හැකිය.තවද කොහොඹ යුෂ වැනි දිලිර නාශකයන් භාවිතා කිරිම මගින් රෝග තත්ත්වයන් පාලනය කර ගත හැකිය.

ඖෂධීය වටිනාකමක් ලබා දෙන බෙහෙත් නෙල්ලි පැළයක් ඔබේ නිවසේ ගෙවත්තේ සිටුවා ගැනිමෙන් ගෙවත්තට සුන්දරත්වයක්  මෙන්ම වටිනා කමක්ද ලැබේ.


Publishing Date : 2018 . 10 .05
Proudly Presented by හසරැල්.කොම්