{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Wednesday, October 3, 2018

නොසැලකිලිමත්කම නිසා බෝවන ඩෙංගු රෝගය






පසුගිය වසරේ ඩෙංගු අවදානම නිසා බොහෝ පිරිසක් මරණයට පත් විය.බොහෝ පිරිස් පරිසරය අපිරිසිදුව පවත්වාගෙන යාමෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ යයි.අවට පරිසරයේ දමා ඇති ටින් ,බාල්දි,බැරල් ,ප්ලාස්ටික් කප්,ටැංකි,ටයර් වැනි දැ වල වතුර එකතු වීමෙන් ඩෙංගු කීටයන් බෝ වෙයි.මේවා මදුරුවන් බෝ නොවන ලෙස  වසා දැමිම හෝ පිිලිස්සීම සිදුකල යුතුයි.එවිට මදුරුවන් බෝ නොවෙයි.තවද ළිං සදහා කීට භක්ෂක මසුන් යෙදීම ඉතා වැදගත්ය.නිවසේ අලංකාරයට තබා ඇති පොකුණු ,ටැංකි ඩෙංගු මාරයාට කදිම නවාතැනකි.වැසි ජලය එකතු වන ස්ථාන කාණූ ,වැහි පිහිලි පිරිසිදු කිරිම,තවද ජලය එකතු වන ශාක ඇත්නම් ඒවා ද විනාශ කළ යුතුය.



ඩෙංගු රෝගය වැළදී ඇති පුද්ගලයකුට වඩා වැදගත් වන්නේ විවේකයයි.ගමන් බිමන් යාමෙන් වැළකි නිවසට වී කාලය ගත කළ යුතුය.උණ පාලනයේ දී වෛද්‍යවරයා නිර්දේශ කරන පැරසිටමෝල් නිසි පරිදි ලබා ගැනිම හැර වෙනත් කිසිදු ඔෟෂධයක්  වෛද්‍ය අනුමැතියෙන් තොර ලබා නොගත යුතුයි.රුධිර පරික්ෂාවද වෛද්‍ය නිර්දේශ අනුව කළ යුතුය.රුධිර පට්ටිකා ප්‍රමාණය 130000/mm3 ට ආසන්න නම් වහාම වෛද්‍ය උපදෙස් පිලි පදින්න.වෛද්‍ය වරයා වෙත යාමේදී රුධිර පරික්ෂණ වාර්තා රුගෙන යාමට සැලකිලිමත් වන්න.පළතුරු යුෂ,තැඹිලි,කැද,ජිවනි වැනි ආහාර ගැනිම වැදගත්ය.විජලනයට පත් නොවීමට ජලය පානය ඉතා වැදගත්ය.නමුත් දියර පානය ගැනිමේදී ද වෛද්‍ය උපදෙස් මත ගත යුතුය. මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගින් ගණන 38521  ක් වෙනවා.
කොළඹ ,මාතලේ,ගම්පහ,නුවර,යාපනය,අම්පාර,ත්‍රිකුණාමලය,කළුතර,හම්බන්තොට,රත්නපුර,පොලොන්නරුව,කෑගල්ල,කල්මුනේ ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් වාර්ථා වන දිස්ත්‍රික්කයයි.කෙසේ වෙතත් ඩෙංගු රෝගය මුළු රටටම අවදානමක් වේ.

Publishing Date : 2018 . 10 .01 
Proudly Presented by හසරැල්.කොම්