{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Friday, October 5, 2018

මවිබිමට නැවත පැමිණි ජනප්‍රිය නිලි කාංචනා මෙන්ඩිස්

ඔන්න යාළුවනේ අපි අද කියන්න යන්නේ ඔයාලා ගොඩක් ආදරය කරන රසික හදවත් පිනවු ජනප්‍රිය නිලි කාංචනා මෙන්ඩිස් ගැනයි.


මේ දින වල ලංකාවට පැමින සිටින ජනප්‍රිය නිලි කාංචනා මෙන්ඩිස් දැනට විදේශගත වී වසර හතරක් පමණ වෙනවා.ඒ ඇගේ සැමියා වන රොෂාන් සමග එංගලන්තයේ වාසය කරන ඇය දැන් තිදෙරු මවක්.නිවසේ වැඩ පමණක් නොව තම දරුවන්ගේ මෙන්ම ස්වාමියාගේ වැඩත් සමග ඇය දැන් කාර්යය බහුල ජිවිතයක් ගත කරයි.

දෙදාහ දශකයේ ඉතා ජනප්‍රිය වී සිටි කාංචනා රග පෑ නාට්‍යන් අතර ඉසුරු යෝගය,මේ වසන්ත කාලයයි,සති පුජා ,රාජ්‍ය සේවය පිනිසයි ආදි විවිධ නාට්‍ය ඔස්සේ රසික හදවත් වලට වඩා සමිප විය.
තෙවරක්ම ජනප්‍රිය නිළි සම්මාන ලැබු කාංචනා මෙන්ඩිස් ගිරිකුල,මේ වසන්ත කාලය යන නට්‍ය වලට හොදම නිලි සම්මානය ලබා ගත්තා. ඇය ලංකාවට පැමිණෙන සෑම මොහොතකම කුමක් හෝ නිර්මාණයකට දායකත්වය ලබා දෙනවා.ඇයගේ අදහස වන්නේ ඇතැම් විට කලාවේ නිෂ්පාදනය පැත්තෙන් හෝ කුමක් හෝ සේවයක් කිරිමයි.

Publishing Date : 2018 . 10 .07
Proudly Presented by හසරැල්.කොම්