රෝෂාන් පිලපිටිය නම් රංගන ශිල්පියා මේ දින වල රාහු,නීල පබලු,රාජයෝගය ටෙලි නාට්‍ය ගණනාවකින් සහ වේදිකා නාට්‍ය ගණනාවකින් සමිප වුණු ජනප්‍රිය රංගණ ශිල්පියෙකි.
ජිවිතේට හරියන්න වරදින්න
ඕන.රෝෂාන් ජිවිතේ ගත්ත වැදගත්ම නිවරදිම තිරණ ලෙස ඔහුගේ විවාහය බව පවසයි.
ඔවුන් දැන් විවාහ වී අවුරුද්දක් පමණ වන බවත් ඔහුගේ බිරිද වන රිද්මා සමග
සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන බව ඔහු පවසයි.
ජිවිතයේ නොලැබුන දේවල් වලට දුකක් නොමැති බවත් ලැබෙන දේවල් සතුටින් බාර ගන්නා බව ඔහුගේ අදහසයි.ඔහුගේ බිරිද රංගන කටයුතු වල යෙදුන ද ඇයගේ ද අදහස ද දිගටම රංගනයට දායක වීමට වැඩි කැමැත්තක් නොමැති බවයි.
මේ දිනවල රාහු නම් ටෙලිනාට්‍ය මගින් හොද ප්‍රතිචාර ලැබෙන බවයි ඔහු පැවසුවේ.එය වෙනස්ම ආරයේ නිර්මාණයක් බවයි ඔහුගේ් අදහස වුනේ. මුල් කාලයේ සංගිත ප්‍රසංග වල ගායකයෙක් ලෙසත් සංගීතයට කැප වු ඔහු දැන් වැඩි වශයෙන් කාලය යොමු කර ඇත්තේ රංගන කටයුතු සදහායි. නමුත් වෘත්තිය මට්ටමින් ගායනයට පිවිසිමට ඔහුගේ දැඩි කැමැත්තක් නැති බව පවසයි.ගායකයෙක් වෙනවාට වඩා වෘත්තිය නළු කමට ඔහු කැමති බවයි රෝෂාන්ගේ අදහස වන්නේ.
මේ දිනවල සුදු සහ කලු ,අලුත් හොරෙක් ඕනේ,වෙල්ලස්සේ වෙඩි හඩ නාට්‍ය ත්‍රිත්වය එක්ක රෝෂාන් කාර්ය බහුල වී ඇත.ඔහු රංගනයෙන් දායක වු චිත්‍රපට කිහිපයකුත් ඉදිරියේදී තිරගත වීමට ඇති බව රෝෂාන් පවසයි.
Publishing date: 2018/10/17proudly presented by හසරැල්.කොම්