ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ඉතා වැදගත් කාරණාවක් ගැනයි.එනම් වර්ථමානයේ සමාජයේ බොහෝ දෙනෙක් විවිධ කායික රෝග වලින් පෙලෙයි.අද අපි කියන්න යන වෙද මහතා රෝග රුසකට ප්‍රතිකාර කරන පාරම්පරික වෙද මහතෙකු වන රන්තිලක වෙද මහතා ගැනයි
කායික රෝග රුසකට වෙදකම් කරන මෙම වෙද මහතා අපට හමු වන්නේ කුරුණෑගල රිදීගම මාර්ගයේ මැහි ඇල්ල නම් ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානයේ දීය.මේ වන විට මොහු මල්ලවපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සම්බන්ධ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති වරයා වශයෙන් ද දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභාවේ ප්රචාරක ලේකම් වරයා ලෙසද ආදී නිලතල රුසක් හොබවයි.සියලු රෝග වලට ප්‍රතිකාර කරන මොහු සර්වාංග වෛද්‍යවරයෙකි.
දියවැඩියාව,ගැස්ට්‍රයිටීස්,ඇදුම,පීනිසය,නහර ගැට ගැසීම,මුත්‍රා රෝග ආදි රෝග රුසකට ප්‍රතිකාර ලබා දෙයි.
දියවැඩියාව,ගැස්ට්‍රයිටීස්,ඇදුම,පීනිසය,නහර ගැට ගැසීම,මුත්‍රා රෝග ආදි රෝග රුසකට ප්‍රතිකාර ලබා දෙයි.
නමුත් වර්ථමානයේ වැඩිම රෝගින් පිරිසක් පැමිණෙන්නේ දියවැඩියා රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනිමටයි.රෝහල් වල අසාධ්‍ය තත්ත්වයට පත් වී සිටි රෝගින් ද මොහු අතින් සුව වී තිබෙනවා.තවද අංශභාග රෝගයට ද මෙම වෙදතුමා ප්‍රතිකාර කරනවා.මොහු විසින් රෝග සදහා පාරම්පරික රහස් වට්ටෝරු වලට අනුව සැකසුණු චුර්ණ වර්ග ,අරිෂ්ට,ගුලි,කල්ක රෝගින්ට ලබා දෙනවා.මොහුගේ වෙදකම් වලින් රෝගය නිට්ටාවටම සුව කරයි.
තවද මත්පැන් වලට ඇබ්බැහි වුවන් එයින් මුදවා ගැනිම සදහා ද මොහු විශේෂ ඖෂධයක් නිපදවයි.මොහුගේ මෙම සේවය බොහෝ දුරට සමාජ සත්කාරයක් ලෙස කරන දෙයක් බව වෙද මහතා පවසයි.
Publishing Date : 2018 . 10 .12
Proudly Presented by හසරැල්.කොම්
Publishing Date : 2018 . 10 .12
Proudly Presented by හසරැල්.කොම්