{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Tuesday, October 9, 2018

අධික වර්ෂාව සමග කැලණි,කළු,නිල්වලා ගගා ආශ්‍රිත ජල මට්ටම ඉහළ යයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්ව හේතුවෙන් කැලණි ,කළු ,නිල්වලා,ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉදිරි දින කිහිපය තුලම ඉහල යා හැකි බව  පවසයයි.


වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කරන ලද්දේ පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්ව හේතුවේන් ගංගා ආශ්‍රිත දෙපස වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවයි.අධික වර්ෂාවත් සමග ඇති වු ජල ගැලිම් හේතුවේන් දැනට වාර්ථා වන පුද්ගල මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ.
 තවද ජල ගැලීම් හේතුවේන් ආපදාවට පත් වී ඇති පවුල් සංඛ්‍යාව 750 කට අධික බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. තවද මේ හේතුවෙන් නිවාස කිහිපයක් ද සම්පුර්ණයෙන් යට වී ඇත.මේ හේතුවෙන් ප්‍රවාහන මාර්ග ද ඇණහිටියි.
මතුගම ,අගලවත්ත,අලුත්ගම ආදි පහත් ප්‍රදේශද ජලයෙන් යට වී ඇත.තවද කැළණි ගග පිටාර ගැලිම හේතුවෙන් පහත් බිම් රුසක් ජලයෙන් යට වී ඇත.
මේ වන විට කළුතර,ගාල්ල,බදුල්ල,කෑගල්ල යන දිස්ත්‍රික්කද  නාය යාම සදහා ඉඩ කඩ ඇති බව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

Publishing Date : 2018 . 10 .09
Proudly Presented by හසරැල්.කොම්