{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Friday, October 5, 2018

බොලිවුඩ් සිනමා සක්විති වන ලොව දෙවනි ධනවත් නළු ශාරුක් ඛාන්

ඔන්න යාළුවනේ මම අද ඔයාලට කියන්න යනේනේ ඔයාලා කවුරුත් ආදරය කරන බොලිවුඩ් තරුවක් ගැනයි.ඒ ලෝකයේ සිටින හොදම ආදරවන්තයා ෂාරුක්ඛාන් ගැනයි.





1965 වර්ෂයේ නොවැම්බර් මස දෙවනි දින උපත ලද මොහු වර්ථමානයේ බොලිවුඩ් සිනමා රංගන ශිල්පියකු මෙන්ම බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුද වේ.තවද රුපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකුද වෙයි.
බොලිවුඩයේ සිටින ආදර්ශමත් අඹු සැමියන් අතර ෂාරුක් හා ගෞරී පෙරමුනේ සිටියි.මොහු තම දරුවන්ටද  ආදරය කරන ආදර්ශමත් පියෙකි.බොහෝ පින් අතේ වැඩ ගණනාවක් කරන ඔහු කියන්නේ ඒවා කරන්නේ කිසිදු ප්‍රතිලාභයක් බලා පොරොත්තුවෙන් නොවන බවයි.එකම දිනක මාධ්‍ය වල ලිපි 5000 ඵල වන්නට තරම් ඔහු ජනප්‍රියත්වයක් ලැබු එකම නළුවාත් මොහුය.



 මොහුගේ මුල්ම චිත්‍රපටය වන්නේ දීවානාය.එතැන් සිට වානිජ සිනමාවේ වානිජ අතින් වඩා සාර්ථක  චිත්‍රපට ගණනාවකට තම රංගනයෙන් දායකත්වය සපයා ඇත.මොහු දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ,කුච් කුච් හෝතා හේ,චක් දේ ඉන්දියා,ඔිම් ශාන්ති ඕම්,රබ් නේ බනා ඩි ජෝඩි යන චිත්‍ර පට ෂාරුක්ගේ රංගනයේ දක්ෂතාව මනාව පෙනෙයි.
එමෙන්ම කබි කුෂි කබිගම්,කල් හෝ නා හෝ ,වීර් සාරා,කබි අල් විදා නා කෙහෙනා යන චිත්‍ර පට වැඩිම ආදායමක් ඉපයු චිත්‍රපට අතරට අයිතිය.මොහු ඩොලර් මිලියන  අටසිය විස්සක වටිනාකමකින් යුත් බව ඇස්තමේන්තු කර තිබේ.
චිත්‍ර පටය තිරගත වන්නට පෙර රුපියල් කොටි හාරසියක  ප්‍රවේශ පත්‍ර අලෙවි  වු චිත්‍ර පටය වන්නේ ෂාරුක් රග පෑ  හැපි නිව් ඉයර් චිත්‍රපටයයි.මොහු  රසික හදවත් තුල ආදරය දිනා ගත් චරිතයකි.සමහරු ඔහු හදුන් වන්නේ ලෝකයේ සිටින හොදම ආදරවන්තයා ලෙසයි.


Publishing Date : 2018 . 10 .03
Proudly Presented by හසරැල්.කොම්