{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Tuesday, October 16, 2018

යතුරු පැදියක් හා ටිපර් රථයක් ගැටි එකම පවුලේ සිව් දෙනෙකු මිය යයි

දෙහිඅත්තකණ්ඩියේ උත්තරපුර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටිමෙන් සිදු වු රිය අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු මිය යයි.එහිදි අනතුරට පත් යතුරු පැදිය පැදවු පියා සහ දරුවන් තිදෙනාම මිය ගොස් ඇති අතර දරුවන්ගේ මව බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කරනු ලැබුවා.


මෙම අනතුර සිදු වුයේ  දෙහිඅත්තකණ්ඩිය සදුන්පුර  ලිහිණියාගම මාර්ගයේ උත්තරපුර ප්‍රදේශයේය.මෙම අනතුර සිදුවුයේ සදුන්පුර සිට ලිහිණියාගම දෙසට ගමන්කර තිබු ටිපර් රථයක් ඊට ප්‍රතිවිරුද්ද දිශාවෙන් පැමිණි යතුරු පැදියක එකිනෙක ගැටිමෙනි.මෙම අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදියේ එකම පවුලේ පස්දෙනෙකු ගමන් කර ඇත.

මෙහිදි අනතුරට පත් පියා හා දරුවන් දෙදෙනා ප්‍රතිකාර සදහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කරනු ලැබුවත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මිය ගොස් තිබුණ බව පොලිසිය පවසයි.පසුව අනෙක් දරුවා සහ මවත් දෙහි අතත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කර පසුව පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවනු ලැබිය. වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහලට ඇතුලත් කරණු ලැබුව ද මෙහිදි බරපතල තත්ත්වයේ සිටි අනෙක් දරුවා ද මියගොස් ඇති අතර   මව තවමත් ප්‍රතිකාර ලබා ගනිමින් සිටියි.ඇයගේ තත්ත්වය ද බරපතල බව පවසයි. 


 මෙහිදි අනතුරට පත් පුද්ගලයා සහ අදාළ ටිපර් රථයේ හිමිකරු අතර පැවති මුදල් ආරවුලක් හේතුවෙන් මෙම අනතුර  සිදු ඇති බව පවසයි.තවද මෙම අනතුර හිතාමතා  සිදු කල අනතුරක් බව ඔවුන්ගේ ඥාතින් පවසයි.

මෙම අනතුරින් මරණයට පත් වුයේ 35 හැවිරිදි වියේ පසු වු නාමල් ප්‍රියන්ත සහ ඔවුන්ගේ පුතුන් තිදෙනා වන  5 හැවිදිරි පවන් නිම්නෙත් සහ දස හැවිදිරි පසිදු ලක්ෂාන් සහ 14 හැවිදිරි කවිදු රුක්ෂාන්ය.

මෙහිදි ටිපර් රථයේ  හිමිකරු සහ එහි ගමන් ගත් පුද්ගලයා අද පස්වරුවේ  එම දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.ඔවුන් ඔක්තොබර් 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 
publishing Date: 2018.10.15
proudly Presented by  හසරැල්.කොම්