{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Monday, October 15, 2018

සම වර්ගිකරණය හා සම හදුනා ගැනිම

ඔන්න යාළුවනේ අද අපි  ඔයාලට කියන්න යන්නේ ලස්සන ගැන හිතන කාටත් වැදගත් කාරණාවක් ගැනයි.




කෙනෙකුය උපතින්ම ලැබෙන සම නිරෝගිව පවත්වා ගෙන යාමට මෙන්ම නිවරදිව පිරිසිදු කර ගැනිම,සමේ රෝග වලින් ආරක්ෂා කර ගැනිම සදහා රුපලාවන්‍ය සත්කාර අවශ්‍යය. තමන්ගේ සමට අවශ්‍ය රූපලාවන්‍ය සත්කාර හරියාකාරව කිරිමට නම් සමේ පිහිටීම සමේ වර්ගිකරණයත් ගැන හරියාකාරයේ අවබෝධයක් තිබිය යුතුය.


සමේ ස්වභාවය අනුව කොටස් 4 කට බෙදිය හැකිය.
  • සාමාණ්‍ය සම
  • තෙල් සහිත සම
  • වියළි සම
  • මිශ්‍ර සම
  
මේ අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට සම විවිධ ආකාරය වෙනස් වෙනවා.එහිදි වියපත් සම,තෙතමනයක් නැති සම,සංවේදි සම,කූරුලෑ සම,ආබාද සහිත සම ආදි ලෙස  ඕනෑම සමක් මේ වර්ගිකරනයෙන් එකකට අයත්ය.

සාමාන්‍ය සම 
සාමාන්‍ය සම  වැඩි  වශයෙන් දැක ගත හැක්කේ මැදිවියේ අය අතරයි.පැහැදිලි බව,මනා තෙතමනයකින් යුක්ත විම මෙම සමෙහි දක්නට ලැබේ.මෙම සමෙහි මැරුණූ සෛල ඉවත් වෙමින් නව සෛල නිපදවන නිසා සම සමතුලිතව පවති.සමෙහි පවතින ශ්වේද ග්‍රන්ත සහ ස්නේහශ්‍රාවි ග්‍රන්ථ නියම ප්‍රමාණයෙන් මෙම සමෙහි අන්තර් ගත වන නිසා සම නිරෝගිව පවති.


වියලි සම
සමේ පවතින වියලි ස්වාභාවය,ඉරි තැලුණු ස්වාභාවය එහි දැක ගත හැකිය. ආම්ලික හා භාෂ්මික භාවයෙන් යුතු  ආලේපන භාවිතයත්,පෝෂණ මදි කමත් මෙයට හේතු වෙයි.

තෙල් සහිත සම
සම දිදුලන බව,කළු ලප,විවර වු රෝම කුප මෙම සමෙහි දක්නට ලැබේ.තෙල් අධික ආහාර රටාවකට යොමු විම ,හෝර්මෝන වෙනස් විම ,උපත් පාලන පෙති භාවිතය ,උණුසුම් කාලගුණය තෙල් සහිත සමක් ඇති විම සදහා බලපානු ලැබේ.

මිශ්‍ර සම
මෙහිදි දැකිය හැකි ලක්ෂණ වන්නේ නළල,නහය නිකට ආදි තැන්වල තෙල් සහිත  ස්වභාවයක් ගැනිමයි.කම්මුල් වල වියලි ස්වභාවයක්ද දැක ගත හැකිය.

කුරුළැ සහිත සම
මෙම සමෙහි කළු ලප,සම උණූසුම් රත් පැහැ ස්වභාවයක් ගනියි.ස්නේහාවි තරලය මෙම සමෙහි වැඩි වශයෙන් නිපදවයි.මෙම ස්නේහාවි තරලය  සමග මතුපිට ඇති මැරුණු අපිච්ඡද සෛල එකතු කෙරටින් නිපද වි එයින් තැටියක් සැදේ.මේ තැටිය මගින් රෝම කුප මුල් අවහිර වීම නිසා ස්නේහශ්‍රාවි ග්‍රන්ථ වලින් නිපදවන සීබන් තරලය සම මතුපිටට පැමිණිම වලක්වයි.පසුව එම තරලය පටක වලට ව්‍යාප්ත වි ඉදිමුම ඇති කරයි.එය බැක්ටීරියා සමග එකතු වි පැසවීම සිදු කරයි.එය කුරුලැවක් බවට පත් වෙයි.

publishing Date: 2018.10.15
Proudly Presented by හසරැල්.කොම්