{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Saturday, October 13, 2018

මුරුංගා වල ඖෂධිය ගුණ

ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ මුරුංගා ආහාරයට ගත් විට ලැබෙන ඖෂධීය ගුණ ගැනයි.

 මුරුංගා වල අඩංගු විටමින් A ,යකඩ ,කැල්සියම්,පොටෑසියම්,ප්‍රෝටින් බහුලව අඩංගු වේ.



මුරුංගා ශාකයේ විවිධ කොටස් විවිධ අවස්ථාවල දී ප්‍රයෝජනයට ගනි.එනම් මුරුංගා මල්,මුරුංගා කොළ,මුරුංගා කරල් ආහාර වශයෙන් භාවිතා කර තිබේ.මුරුංගා පොතු උෂ්ණ ආහාර වලින් ශරිරයට ඇති වන අසාත්මිකතා අඩු කර ගැනීමටත්  ආහාර රස ගැන්වීමටත් භාවිතා වේ.

ආයුර්වේදයේ දී මුරුංගා ඇට,මුරුංගා කොළ සහ මුරුංගා පොතු බහුලව භාවිතයට ගනී.

දියවැඩියාව පාලනය සදහා ද හෘද රෝග පාලනයත් සිදු වන නිසා  මුරුංගා ආහාරයට ගැනිම ගුණය.මෙමගින් රුධිර පීඩනය අවම වේ.

නිරක්තිය රෝගය එනම් ශරිරයේ ලේ හිග කම ඇති රෝගින්ට ඉතාමත් ගුණදායි ඖෂධයක්  මෙන්ම ව්‍යංජනයක් ලෙස මුරුංගා හැදින්විය හැකිය.

මුරුංගා පොතු ඉස්ම වේදනා නාශකයක් ලෙසද  ඉදිමුම් වලට භාවිතා කල හැකිය.

ශරිරයේ ඇති වන කුෂ්ඨ සදහා ද  මුරුංගා  පොතු අඹරා භාවිතා  කල හැකිය.

සර්ප විෂ නැසීමට ද භාවිතා කරන ඖෂධ වලට මුරුංගා භාවිතා කරයි.

ශරිරයේ ලේ වහනය වන අවස්ථාවක දී කැපුමක් සිදු වු විට ලේ වහනය නතර කිරිමට මුරුංගා කොළ කොටා කැපුම් ස්ථානයේ තැබිමෙන් රුධිර නාල හැකිලි ලේ වහනය වීම නතර වෙයි.

මුත්‍රා ආසාධන වලක්වා ගැනීමට ද මුරුංගා මල් තැම්බු වතුර බිමෙන් සුව වෙයි.

මුරුංගා ආහාරයට ගැනීම අක්මාව රෝගින්ට ද ප්ලිහාව ඇති රෝගින්ට ද  ඉතා ගුණදායි ආහාරයකි.

කිරි දෙන මවුවරුන්ටද ඉතා ගුණදායි ආහාරයකි.තවද අතීසාරය ඇති රෝගින්ට ද අම්ලපිත්තය ඇති රෝගින් සදහා ද මුරුංගා පොතු පානය ඉතා ගුණදායිය.

මුරුංගා වල අඩංගු Zeatin නමැති ඉතා දුර්ලභ ප්‍රතිඔක්සිකාරකය තරුණබව රුක ගැනීමට උපකාරී වන අතර පිලිකා රෝගින්ට ද මුරුංගා කදිම ඖෂධයකි.

Publishing Date : 2018.10.12
proudly Presented by හසරැල්.කොම්